ලෝකයේ ධනවත් ම කාන්තාවෝ

ලෝප්‍රකට සඟරාවක්‌ වන ‍ෆෝබ්ස් (Forbes)‌ සඟරාව විසින් 2016 වසරේ ලොව
ධනවත්ම කාන්තාවන්ගේ ලැයිස්‌තුවක්‌ පසුගිය දා ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.

2016 පෙබරවාරි 12 වැනි දින සිට වූ කොටස්‌ වෙළඳපොළ මිල ගණන් සැලකිල්ලට
ගනිමින් සිදු කරන ලද ගණනය කිරීම්වලට අනුව ‍ෆෝබ්ස් ‌ සඟරාව විසින් මෙම
ලැයිස්‌තුව සකස්‌ කර තිබෙනවා.

1- ප්‍රංශයේ ලිලියන් බෙටෙන්කෝට්‌

320x486

ප්‍රංශයේ ලිලියන් බෙටෙන්කෝට්‌ හට මෙම වසරේ දී නැවතත් ලොව ධනවත්ම කාන්තාවට හිමි ස්‌ථානය හොබවන්නට අවස්‌ථාව උදා වුණා. ඇය මෙම වසරේ ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්‌තුවේ 11 වැනි ස්‌ථානය ද ලබාගෙන සිටිනවා. ඇගේ වයස අවුරුදු 93ක්. ඇය සතු ලෝරියල් (Loreal) සමාගමේ කොටස්‌ පහත වැටීම හේතුවෙන් ඇයගේ වත්කම පසුගිය වසරට වඩා මෙම වසරේදී ඩොලර් බිලියන 4 ක්‌ පහත වැටී තිබෙනවා. ප්‍රංශ අධිකරණයට අනුව ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පි ෆ්‍රීන්කෝස්‌ – මරී සහ බෙටෙන්කෝට්‌ මහත්මියගේ මුදල් කළමනාකරුවන් ඇතුළු පුද්ගලයන් 8 දෙනකු 2015 මැයි මාසයේදී ඇයට මිලියන ගණනක වංචාවක්‌ සිදු කිරීම සම්බන්ධව වරදකරුවන් බවට පත් වූවා. තත්ත්වය එසේ වුවත් බෙටෙන්කෝට්‌ මහත්මියට සහ ඇගේ පවුල සතුව ඩොලර් බිලියන 36.1 ක පූර්ණ වත්කමක්‌ හිමියි.

 

 

2- ඇමරිකාවේ ඇලිස්‌ වොල්ටන්

2

ඇලිස්‌ වොල්ටන් නමැති ඇමරිකානු ජාතික 66 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවගේ
නමට ඇති ඩොලර් බිලියන 32.3 ක වත්කමත් සමඟ ඇය ලොව ධනවත් කාන්තාවන්ගේ ලැයිස්‌තුවේ දෙවැනි ස්‌ථානය හිමිකරගෙන සිටිනවා. වෝල් මාට්‌ කොටස්‌ පිරිවැටුම හේතුවෙන් පසුගිය වසරට වඩා ඇගේ පූර්ණ වත්කම ඩොලර් බිලියන 7.1 කින් මෙම වසරේදී පහත වැටී තිබෙනවා. ඇලිස්‌ වොට්‌සන්ගේ සහෝදරයන් වන රොබට්‌ හා ජිම් මෙන් ඇය ඇගේ පියා විසින් 1962 දී ආරම්භ කරනු ලැබූ මෙගා සුපිරි වෙළෙඳසල් ජාලයට සක්‍රීයව සම්බන්ධ නොවී තවදුරටත් තමා සතු වෝල් – මාට්‌හි කොටස්‌ හරහා ගලා එන ධනස්‌කන්ධයට හිමිකම් කියනු ලබනවා. ඊට අමතරව, කලාත්මක භාණ්‌ඩ ඇතුළත් කෞතුකාගාරයකට ද හිමිකම් තියන ඇය මේ වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනපති සටනේ ප්‍රධාන අපේක්‍ෂිකාවක්‌ වන හිලරි ක්‌ලින්ටන්ගේ දේශපාලන කටයුතු සඳහා ඩොලර් 25,000 ක ධන පරිත්‍යාගයක්‌ ද සිදුකර තිබෙනවා.

 

3- ඇමරිකාවේ ජැකලීන් මාර්ස්‌

3

ඩොලර් බිලියන 23.4 ක වත්කමක්‌ සතු ඇමරිකානු ජාතික ජැකලීන් මාස්‌ මෙම
ලැයිස්‌තුවේ තුන්වන ස්‌ථානය ගනු ලබනවා. 1999 දී සිදු වූ ඇයගේ පියාගේ
අභාවයෙන් පසුව ඇය සහ ඇගේ සහෝදරයාට පියා සතුව පැවැති සත්වමය ආහාර නිෂ්පාදන හා ලෝක ප්‍රසිද්ධ “මාර්ස්‌ චොකලට්‌” ව්‍යාපාරය හිමි වූවා. වාර්ෂිකව ඩොලර් බිලියන 33 ක ආදායමක්‌ ගලාගෙන එන එම සමාගමේ හිමිකාරිත්වය දැරුවත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් සමාගමේ කැපී පෙනෙන කාර්යයක්‌ ඉටු නොකරන බව වාර්තා වනවා.

 

 

 

 

4- ඉතාලියේ මාරියා ෆ්‍රැන්කා ෆිසෝලෝ

4

ඉතාලි ජාතික මාරියා ෆ්‍රැන්කා ෆිසෝලෝ ඩොලර් බිලියන 22.1 ක වත්කමක්‌
අතැතිව ලොව ධනවත් කාන්තා ලැයිස්‌තුවේ හතර වන ස්‌ථානයේ රැඳී සිටිනවා. ඇය, 2015 ආදරවන්තයන්ගේ දිනයේදී මියගිය ෆෙරාරෝ සමුහයේ නිර්මාතෘවරයා වන මයිකල් ෆෙරාරෝගේ වැන්දඹුවයි. දැන් මෙම පෞද්ගලික සමාගමේ හිමිකාරිත්වය ෆිසෝලෝ සහ ඇගේ පුත් ගිඕවානි සතුයි. ලෝ ප්‍රකට “නියුටෙලා” නිෂ්පාදන, “කින්ඩ” චොකලට්‌ සහ ” ටික්‌ ටැක්‌” මින්ට්‌ මැයගේ සමාගමේ නිෂ්පාදන වනවා.

 

 

 

5-ජර්මන් ජාතික සුසේන් ක්‌ලාටන්

5

ජර්මන් ජාතික සුසේන් ක්‌ලාටන් මෙම ධනවත් ලැයිස්‌තුවේ පස්‌වන ස්‌ථානයේ
රැඳී සිටිනවා. වසර ගණනාවක්‌ පුරාවට ඉතා රහසිගත ලෙස ඇයගේ මව විසින් ඇයට ලැබුණු BMW සමාගමේ අතිරේක කොටස්‌ පිළිබඳව ලොවට අනාවරණය වුයේ, පසුගිය වසරේදී ලොව ධනවත්ම කාන්තාවන් අතුරින් 9 වන ස්‌ථානය හිමිකරගත් ඇගේ මව වන ජොහානා ක්‌වන්ට්‌ගේ අභාවයත් සමඟයි. ඩොලර් බිලියන 18.5 ක වත්කම් සතු ක්‌ලාට්‌න් සහ ඇගේ සහෝදරයා වන ස්‌ටේතන් ක්‌වන්ට්‌ සතුව BMW සමාගමේ කොටස්‌ අඩක්‌ පමණ හිමි වනවා.

 

 

 

– නිරංජලා-

(http://www.forbes.com/ වෙබ් අඩවිය ඇසුරිනි)

Related Articles

Don't Miss


Latest Articles