පොඩ්ඩන්ට පාසල් විවේක කාලයේදී කන්න රසවත් කෑමක්…

දරුවො නිතරම කැමති වෙනස්, වෙනස් ආහාර වර්ග අම්මල පිළියෙල කරල දෙනව නම්. හැමදාම එකම කැමක්  විවේක කාලය සදහා ගෙනියන කෑම වේල ලෙස දුන්නොත් බොහෝ දරුවන් නැවත  ඒ ආහාරය ඉතිරි කරන් ගෙදර අරන් එනවා… ඉතින් ඒ වගේ  දරුවන් ඉන්න අම්මා කෙනෙක්ට කොහොමත් විවිධ කෑම වට්ටෝරු අත්හදා බලන්නම වෙනවා .නමුත් අම්මලට තියන ලොකුම ගැටළුව තමයි උදේ පාන්දරට වෙලාව මදිකම. ඉතින් අන්න ඒ වගේ වෙලාවකට කඩිමුඩියේ පිළියෙළ කරගත හැකි රසවත් ආහාරයක් ගැනයි මේ කියන්න යන්නේ ……….

සමහර වෙලාවල් තියෙනවා අපට හොඳ රසවත් ආහාර වේලක් අවශ්‍ය ,ඒත් ඒ සඳහා වේලාවක් නැති අවස්ථා වැඞි…  එවැනි අවස්ථා වල මේ ආහාර වට්ටෝරු ඔබට වැදගත් වේවී.

රේන්බෝ සැන්ඩ්විචස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 10 පමණ
  • බිත්තර 06
  • සුදු ගම්මිරිස් තේ හැඳි 01
  • ලුණු ස්වල්පයක්
  • කහ රතු කොළ ආහාර වර්ණක

සාදන ක්‍රමය

බිත්තර දෙක බැගින් වෙන වෙනම බඳුන් 3 කට දමා ගසන්න.ගසාගත් බිත්තර වලට කහ,රතු,කොළ යන පාට වර්ග තුන දමා හොඳින් මිශ්‍ර කරන්න.අඩිය නොඇලෙන සාස්පානක් ගෙන තෙල් ස්වල්පයක් දමා බිත්තර මිශ්‍රණය වෙන වෙනම දමා කෑලි සිටින ආකාරයට ස්ක්‍රම්බල් කරන්න.එය තෙත ගතිය සිටින ලෙස පාන් පෙති වල තවරන්න.ගම්මිරිස් කුඩු ඉසගන්න.වර්ණ තුන වෙන වෙනම තවරා ගන්න.

එළවලු සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති
  • සිහින්ව කපා ගත් ගෝවා 50 g
  • සිහින්ව කපා ගත් කැරට් 50 g
  • තමන් කැමති වර්ණ තුනකින් බෙල් පෙපර්
  • කපා ගත් පාස්ලි කොළ ස්වල්පයක්
  • කපා ගත් රතු ගෝවා ස්වල්පයක්
  • කපාගත් සලාද කොළ ස්වල්පයක්
  • කුඩාවට කපා ගත් සුදු ළුණු තේ හැඳි 01
  • මයෝනීස් සෝස්
  • අබ ක්‍රීම්

සාදන ක්‍රමය

අඩිය නොඇලෙන සාස් පානකට ඔලිව් ඔයිල් හෝ බටර් ස්වල්පයක් දමන්න .රත් කරගන්න.එයට පළමුව සුදු ළුණුත් දෙවනුව කැරට්සහ අනෙකුත් ද්‍රව්‍ය ක්‍රමයෙන් එක්කරමින් තෙම්පරාදු කරගන්න.ලිපෙන් ඉවතට ගෙන ගම්මිරිස් කුඩු ,මයෝනීස් සෝස් මේස හැඳි 4 ,5 එකතු කර මිශ්‍ර කර පසෙකින් තබන්න.පාන් පෙති ගෙන අබ ක්‍රීම් තවරා මැදට එළවලු පුරවා ගන්න.කැමති නම් ටෝස්ට් කරගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles