හිමගිරි අරණ -23

“මගේ පර්සනල් ලයිෆ් එක තවදුරටත් ඔයාට වැදගත් වෙන්න විදියක් නෑනේ සහන්.”

ඇය බොහෝ ප්‍රවේසම්සහගතව ඇසුවා ය.රණ්ඩු දබර ඇති කරගන්නට සහන් ඇයට සමීප නොවේ.තමන්ගේ නොවන කෙනෙකු සමඟ වචන හරඹ කුමකටදැයි ඇය සිතුවා ය.

“ඔයා දුවෙක් ඉන්න අම්මා කෙනෙක්.ඒ දුව මටත් අයිති නිසා තමයි මම මේ ටිකක් වැඩියෙන් ඒ ගැන හිතන්නේ.”

ඒ වචනවලට හඬ නඟා හිනැහෙන්නට හිමාෂාට සිතිණ.නමුත් සහන් ඔහු නිවැරදි බව සිතමින් දිගින් දිගටම කියවාගෙන ගියේ ය.

“ඔයා ආයේ මැරි කරන එකට මම පොඩ්ඩක්වත් කැමති නෑ.මගේ දූට පිට මිනිහෙක් එක්ක එක ගෙදර ඉන්න වෙනවට.ඒක තාත්තෙක් හැටියට මට ටිකක් දරන්න අමාරු දෙයක්.”

හිමාෂා ඉවසීමෙන් ප්‍රශ්නයක් අසන්නට සිතුවා ය.ඔහු මීට ටික දිනකට පෙර තමන්ට විවාහයක් කර ගන්නැයි පැවසූ අන්දම ඇයට මතක ය.හිමාෂාට ඒ ගැන විමසන්නට ඕනෑ විය.

“එහෙම කිව්වේ මම සීයට දාහක් දන්නවා ඔයා ආයේ කසාදයක් කර නොගන්න විත්තිය.මම මේ ඔයාට ඇත්තටම වෝන් කරනවා හිමාෂා.මගේ දරුවා බාප්පෙක් එක්ක හැදෙනවටනම් මම කැමති නෑ”

තමන් හා විවාහ වී සිටියදීම ඔහු වෙනත් ගැහැනියකට ආදරය කළේ ය.ඈ විවාහ කර ගත්තේ ය.දැන් ඇය ගැබිණියකි.තත්ත්වය එසේ වී තිබියදී ඔහු පවසන්නේ තමන්ට වෙනත් විවාහයකට අවසර නැති බවකි.

“හදිසියකදි දූ අසනීප වෙලා,එයා හීනෙන් ඔයාව ඉල්ලලා වගේ කාරණාවක් වුණොත්නම් මට ඔයාට කෝල් කරන්න වෙනවා.අන්න එහෙම දේකදි මං කෝල් කරොත් ඇරෙන්න රෑට රෑ වෙලා මෙහෙම මට කෝල්ස් දෙන්න එපා.”

හිමාෂා එසේ පවසා දුරකථනය ක්‍රියා විරහිත කර දැමී ය.රවිඳු සමඟ කතාබහ අතරමඟ නැවතී තිබේ.නමුත් ඇයට ඒ කතාබහ හෝ පවත්වාගෙන යන්නට නොසිතිණ.ඇය සිටියේ එතරම්ම කෝපයකිනි.

“ඔයා කතා කරා හොඳ වැඩී අක්කා.හොඳ දෙකක් කියන්න තිබ්බේ”

අමායා කෝපත්ව පැවසී ය.අක්කාට මේ මොහොතේ පෙම්වතෙකු නැති වග ඇය දනියි.නමුත් අනාගතයේ එවැන්නක් වනවාට ඇය සතුටු ය.එවැනි අවස්ථාවක බාධකයක් වී සිට ගන්නට සහන්ට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ.

“බබාගේ බර්ත්ඩේ එකට මං එයාට ඉන්වයිට් කරානෙ නංගි.මට එයා එක්කම මල්මිවත් දූට අඳුන්වලා දෙන්න ඕන.”

හිමාෂා එසේ කියද්දී අමායා දෙවුර ගස්සා ඉවත බැලුවා ය.ඉනික්බිතිව ඇගේ කල්පනාව හෙළි කළා ය.

“එච්චර විතරක් නෙවෙයි.කෙල්ල තව චුට්ටක් ලොකු වුණාම එයාට කියන්නෝනෙ සහන් කියන්නේ එයාට අයිති කෙනෙක් නෙවෙයි කියලා.උප්පැන්නේ නම තිබ්බට අප්පා වෙන්න බෑ අක්කේ එහෙම.ඔය මනුස්සයා ඔය අලුත් දරුවට තරම් අපේ කෙල්ලට ආදරේ වෙන්නෙත් නෑ.”

සහන් කියන්නේ දියණියගේ තාත්තා ය.ඇය දිනෙක ඔහුගෙන් ඈත් වන්නට සිතුවහොත් මිසක තමන් බලහත්කාරයෙන් ඇය තාත්තාගෙන් ඈත් කිරීම සදාචාර විරෝධී බව හිමාෂා සිතුවා ය.නමුත් අමායා ඒ අදහස ඉවත දැමුවා ය.

“දරුවට තාත්තෙක් ඔයා හොයා ගන්න.සහන්ව අවශ්‍ය නෑ.”

හිමාෂා නැගණිය වෙත හෙළුවේ මන්දස්මිතයකි.මල්මිට තමන්ගේ දියණියට මවක් වන්නට නොහැකි ය.එසේ නම් තමන් වෙනත් විවාහයක් කරගතහොත් ඒ තරුණයාට තම දියණියට තාත්තා කෙනෙකු විය හැකිදැයි හිමාෂා සිතුවා ය.

නැත!

එවැනි දෙයක් ගැන විශ්වාස කරන්නට නොහැක.කළ යුතු හොඳම දේ වන්නේ ප්‍රේමයක අංශු මාත්‍රයක්වත් හදවතෙහි ජනිත වන්නට ඉඩ නොතැබීම ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles