සත් වසරක් තිස්සේ මෘත දේහයක් සමඟ පවුල් කෑ මිනිසා

කාල් ටැන්ස්ලර් 1877 දී උපත ලැබූ අතර 1910 දී ඔස්ට්‍රියාවේ කාලගුණ රටා අධ්‍යයනය කිරීම සම්බන්ධ රැකියාවක් කළා ඔහු පළමු ලෝක යුද්ධය අවසන් වන තෙක් එහි රැඳී සිටියා.

ආපසු නිවසට පැමිණි පසු, ටැන්ස්ලර් 1920 දී විවාහ වී දරුවන් දෙදෙනෙකුට පියෙක් වූවා,ටැන්ස්ලර් පවුල ඉන්පසු ෆ්ලොරිඩාවේ සෙෆිර්හිල්ස් වෙත සංක්‍රමණය වුණා. කවුන්ට් කාල් වොන් කෝසෙල් නමින් එක්සත් ජනපද සමුද්‍ර රෝහලේ සේවය කිරීමෙන් පසු කී වෙස්ට් හි විකිරණ තාක්‍ෂණ ශිල්පියෙකු ලෙස තනතුරක් ලැබීමෙන් පසු ටැන්ස්ලර් ඉක්මනින් තම පවුල අතහැර දමා තිබුණා.

Maria Elena Milagro de Hoyos නම් කියුබානු-ඇමරිකානු කාන්තාවක් රෝහලේදී මුණ ගැසීම සමඟ වෛද්‍යවරයා ඔහු ඉදිරියේ සිහිනයක් සැබෑ වන අයුරු දැක තිබෙනවා.ඒ තනිකම අහවර වීමේ සිහිනය පමණක්ම නෙවෙයි,ඔහු තරුණ කාලයේ සිහිනයක් දැක තිබෙනවා.ඒ වොන් කාසල් ආර්යාවගේ ආත්මය සම්බන්ධ සිහිනයක්.ඇය ටැන්ස්ලර් ට සිහිනයෙන් පවසා තිබුණේ කලුපැහැ හිසකෙසැති ළාබාල තරුණියක් දිනයක ටැන්ස්ලර්ගේ ආත්මීය ප්‍රේමය වන බවක්.මේ සැබෑ වන්නේ ඒ සිහිනය බව ඔහු සිතන්නට ඇති.

සුරුට්ටු සාදන්නෙකුගේ සහ ගෘහ සේවිකාවකගේ දියණියක් ලෙස 1909 දී කී වෙස්ට් හි උපත ලද හෝයෝස් විශාල පවුලක හැදී වැඩුණු කෙනෙක්. අසනීප වූ පසු ඇගේ මව විසින් ඇය රෝහලට රැගෙන විත් තිබුණා.

 1900 ගණන්වල මුල් භාගයේදී  මාරාන්තික රෝගයක් ලෙස සලකනු ලැබූ ක්ෂය රෝගය ඇයට වැළඳී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ද හටගත් අහඹු ප්‍රේමය ටැන්ස්ලර් අමතක කළේ නැහැ. ක්ෂය රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සුදුසුකම් නොතිබුණද, හෝයෝස් බේරා ගැනීමට ටැන්ස්ලර් අධිෂ්ඨාන කර ගත් අතර ඒ සඳහා විශේෂයෙන් සාදන ලද විවිධ ටොනික්,සිරප් සහ ඖෂධ භාවිතා කළා.ඔහු මෙම ප්‍රතිකාර සිදු කළේ Hoyos ගේ  නිවස තුළදී, ඇයට තෑගි බෝග දී ඔහුගේ ආදරය ප්‍රකාශ කරමින්ම වීම විශේෂත්වයක්.දෙදෙනා අතර යම් ආදර සම්බන්ධතාවයක් ඇතිවුණත් මල් නොපිපීම ඒ ආදර වෘක්ෂය මැලවී යනවා.ඒ විසි එක් වියැති හෝයෝස් 1931 ඔක්තෝබර් 21 මිය යාම නිසා.ඇගේ දේහය තැන්පත් කිරීම සඳහා කී වෙස්ට් සුසාන භූමියේ මිල අධික ගල් සොහොන් ගෙයක් මිලදී ගැනීමට ටැන්ස්ලර් කටයුතු කළා.ඒ සොහොන් ගෙය වෙත ඔහු දිනපතා ගොස් තිබුණා.නමුත් මේ පුරුද්ද නතර වී ඉතා සතුටින් ටැන්ස්ලර් ඉන්නා ආකාරය දකින්නට ලැබුණත් කිසිවෙකුත් හේතුව දැන සිටියේ නෑ.

සොහොනේ යතුරක් ටැන්ස්ලර් සතු වුණා.1933 අප්‍රේල් මාසයේදී, Carl Tanzler විසින් හොයෝස්ගේ දේහය සොහොන් ගෙයින් ඉවත් කරන ලද අතර, දැන් ඇයව ඔහුගේම නිවසේ තබා ඇති බැවින් ඔහුට සොහොන් බිමට රාත්‍රී සංචාරය කිරීමට අවශ්‍ය වුණේ නෑ.

හොයෝස්ගේ මරණයෙන් වසර දෙකකට පසු ඇයව නැවත හිමි කරගන්නට ටැන්ස්ලර් තීරණය කළා.ඔහු විසින් මේවා කළේ නැවත සකස් කරන ලද පැරණි ගුවන් යානයක් තුළ තාවකාලික වෛද්‍ය රසායනාගාරයක් තුළ ය.

එහිදී, ඔහු තරුණියගේ දිරාපත් වූ සිරුර නොවෙනස්ව තබා ගැනීමට DIY උපක්‍රම ගණනාවක් සොයා බැලුවා, ප්ලාස්ටර් ඔෆ් පැරිස් සහ ඇගේ මුහුණේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට වීදුරු ඇස්, මෙන්ම ඇගේ අස්ථි රාමුව ස්ථාවර කිරීමට දේවල් සොයා බැලුවා.

ඔහු ඇගේ සිරුරේ මුල් ස්වරූපය ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් ලෙස රෙදි කඩකින් පුරවා ගත්තා ඇගේ හිස්කබල සැබෑ හිසකෙස් කැබලිවලින් ආවරණය කළා. ටෑන්ස්ලර් සුවඳ විලවුන්, මල්, විෂබීජ නාශක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකතු කර දිරාපත් වන දුර්ගන්ධය වළක්වා ගත් අතර, ඇයව “ජීවත්” කර ගැනීමේ උත්සාහයක් ලෙස හොයෝස්ගේ මුහුණට මෝටිසියන් ඉටි යෙදීම පුරුද්දක් විදියට කර තිබුණා.

හෝයෝස්ගේ මරණයෙන් පසු ටැන්ස්ලර් සුවඳ විලවුන් කාන්තා ඇඳුම් ආදිය මිලට ගැනීම නිසා ඔහු කොහොමටත් නගරයට රහසක් වෙමින් පැවතුණු බව කියවෙනවා.ඔහු යෝධ බෝනික්කෙකු සමඟ පෙනෙන දෙයක් සමඟ නර්තනයේ යෙදෙනු ගමේ ළමයෙකු දැක තිබුණා.සොයුරියගේ සොහොන් ගෙය ගරා වැටී අභාවයට ගොස් ඇති බව දුටු හොයෝස්ගේ සොයුරිය සැකය මත ටැන්ස්ලර් මුණ ගැසෙන්නට ගොස් තිබුණා.සත් වසරක් තිස්සෙ ඔහු සුරකින මෘත දේහය ඇය දැක තිබුණේ ඒ මොහොතේ දී.ඇය පොලිසියට පැමිණිලි කළ අතර පැමිණි බලධාරීහු මෙම “බෝනික්කා” ඇත්ත වශයෙන්ම හොයෝස්ම බව ඉක්මනින් තීරණය කළ අතර සොහොන් මංකොල්ලකෑම් සම්බන්ධයෙන් ටැන්ස්ලර් අත්අඩංගුවට ගත්තා

සිරුරේ මරණ පරීක්ෂණයකින් ටැන්ස්ලර්ගේ කාර්යයේ සංකීර්ණතා හෙළිදරව් වූ අතර, ඇගේ පාද අතරට කඩදාසි බටයක් ඇතුළු කර, තාවකාලික යෝනි මාර්ගයක් සාදා ඇති බවත් ඔහු ඒ මඟින් ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවත් හෙළිදරව් වුණා, නමුත් ටැන්ස්ලර් කිසි විටෙක වැරදි ක්‍රියාවක් සිදු කළ බව පිළිගත්තේ නැහැ.ඔහු මෘත දේහයට පණ දිය හැකි ක්‍රම සොයා ඇති බවත් අභ්‍යවකාශයේ කිරණවලට නිරාවරණය කර ඇයට නැවත ජීවය දෙන්නට සිතා සිරුර රැගෙන යාමට කුඩා රොකට් එකක් සාදා ඇති බවත් සොයා ගැනුණා.

මේ නඩුවේදී කාල් ටැන්ස්ලර් ට අනුකම්පාව හිමි වී තිබෙනවා.ඔහු ආත්මීය ආදරවන්තයෙකු ලෙස හඳුන්වා ඇති අතර ඔහුට මානසික රෝග නොමැති බවත් තහවුරු වුණා.ඔහු නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරෙනවා.නඩුවෙන් පසු මරියා හෝලොස්ගේ ප්‍රතිනිර්මාණය කළ සිරුර මහජන ප්‍රදර්ශනයට පවා තබන්නට ෆ්ලෝරිඩා ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළා.ඉන්පසු නම සඳහන් නොකර රහසිගත සොහොනක එය තැන්පත් කර තිබෙනවා.

මේ සිදුවීමෙන් පසු ටැන්ස්ලර් හුදකලා ජීවිතයක් ගෙවූ අතර 1952 වසරේදී නිවසේදීම මිය ගිය බව සඳහන්.

මේ උමතු ප්‍රේමයක් ද නැතිනම් කුමන හැඟීමක්දැයි සැබෑවටම පැහැදිලිව කියන්නට අපහසුයි.නමුත් ඔහු ආදරය ආත්මීය බව අදහමින් ඉන් සතුටක් ලැබූ තමන්ගේම ලෝකයක් නිර්මාණය කරගත් මිනිසෙකු බව නම් පැහැදිලියි.

Related Articles

Don't Miss


Latest Articles