උත්සාහය අත් නොහරින්න

දිනක් මිනිසෙකු පාරේ යන විට කුඩා ලණු වලින් අලි බැඳ තිබෙනු දුටුවා. ලණු කුඩා නමුත් අලි ඒවා කඩාගෙන නොයෑම ගැන ඔහු පුදුමයට පත් වුණා. මේ ගැන ඔහු ඇත්ගොව්වාගෙන් ඇහුවා. 

“ඔය අලි පොඩි කාලෙ ඉඳන් බැඳලා තිබුණ ලණු. කුඩා කාලයේ ඒවා ඔවුන් බැඳ තබන්නට තරම් සවිමත්. ඔවුන් ලොකු වුණත් ලණු වෙනස් වුණේ නෑ. කුඩා කල උත්සාහ කරන විට ඒ ලණු කඩා යා නොහැකි නිසා ඔවුන් උත්සාහය අත් හැර දමා තිබෙනවා” ඇත්ගොව්වා එසේ කිව්වා.

අප බොහෝ විට ඉතා ඉක්මනින් උත්සාහයන් අතැර දමනවා. සමහර විටක අනූ නව වාරයක් අසාර්ථක වී සිය වෙනි වාරයේදී ඔබ සාර්ථක වන්නට හැකියාව තිබෙනවා. අවශ්‍ය වන්නේ අත් නොහැර ජයග්‍රහණය ලැබෙන තුරු ම උත්සාහ කිරීමයි. 

ජීවිතය ඇත්තේ සිරවී සිටින්නට නොවෙයි. හඹා යාමටයි. සතුටින් විඳීමටයි. ඔබේ නොහැකියාවන් ලෙස ඔබ වටහාගෙන ඇති දේ අමතක කර ඔබට ඇති අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. උත්සාහය කිසි විටෙක අත් හරින්න එපා.

Related Articles

Don't Miss


Latest Articles