පහසුවෙන් හදන හයි ප්‍රෝටීන් ඕවර් නයිට් ඕට්ස් රෙසිපි 4ක්

උදෑසන ආහාරය සඳහා ලබාගත හැකි හොඳම ආහාරයක් ලෙස ඕට්ස් හඳුන්වන්නට පුළුවන්. කාර්යබහුල දින චර්යාවකට හිමිකම් කියන බොහෝ දෙනකුට කාලය ඉතිරි කරලා , හොඳ පෝෂණයකුත් ලබා ගන්නට පුළුවන් High protien overnight oats රෙසිපි කීපයක් තමයි මේ ලිපියෙන් ගෙන එන්නෙ. 

Recipe 1 

අවශ්‍ය දේවල්

Rolled oats මේස හැඳි 5

චියා බීජ මේස හැඳි 2 

ආමන්ඩ් ඇට කීපයක්

රටකජු බටර් මේස හැදි 2 

මේපල් සිරප් හෝ මී පැණි අවශ්‍ය පමණ

සෝයා කිරි හෝ නැවුම් එළකිරි

හදන්නේ මෙහෙමයි 

වීදුරු භාජනයකට මේ සියලූ අමුද්‍රව්‍ය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් පසුදින ආහාරයට ගැනීමට පෙර චොකලට් චිප්ස් එකතු කරන්න 

Recipe 2 

අවශ්‍ය දේවල්

Rolled oats කෝප්ප 1/2 

ආමන්ඩි කිරි කෝප්ප 1/2 

ග්‍රීක යෝගට් කෝප්ප 1/4

චියා බීජ මේස හැඳි 1

කුරුඳු කුඩු තේ හැඳි 1 / 2 

පෙති කැපූ කෙසෙල් ගෙඩි 1

රටකජු බටර් මේස හැඳි 1 

හදන්නේ මෙහෙමයි 

වීදුරු භාජනයකට ඕට්ස් , ආමන්ඩ් කිරි, ග්‍රීක යෝගට්, කුරුඳු කුඩු සහ චියා බීජ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

අවසානයට එයට උඩින් පෙති කැපූ කෙසෙල් සහ රටකජු බටර් එකතු කර ශීතකරණයේ තබන්න 

Recipe 3 

අවශ්‍ය දේවල්

Rolled oats කෝප්ප 1/2 

ඕට්ස් කිරි කෝප්ප 1/2

ග්‍රීක යෝගට් කෝප්ප 1/4 

මී පැණි මේස හැඳි 1 

චියා බීජ මේස හැඳි 1 

ස්ට්‍රෝබෙරි ගෙඩි 3 

බ්ලූබෙරි ගෙඩි 3 

හදන්නේ මෙහෙමයි 

ඕට්ස් කෝප්ප බාගය වීදුරු භාජනයකට දමා එයට ඕට්ස් කිරි, ග්‍රීක යෝගට් , මී පැනි සහ චියා බීජ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

ඉන්පසුව එයට කපා ගත් ස්ට්‍රෝබෙරි සහ බ්ලූබෙරි එකතු කර හොඳින් වසා ශීතකරණයේ තබන්න 

Recipe 4 

අවශ්‍ය දේවල්

Rolled oats කෝප්ප 1/2 

නැවුම් කිරි කෝප්ප 1/2

ග්‍රීක යෝගට් කෝප්ප 1/4 

මී පැණි මේස හැඳි 1 

චියා බීජ මේස හැඳි 1 

වැනිලා ස්වල්පයක් 

කොකෝ පව්ඩර් තේ හැඳි 1 

කුඩාවට කපාගත් ආමන්ඩ් 

කුඩාවට කපාගත් රටකජු 

පෙති කපාගත් කෙසෙල් ගෙඩි 1 

පෙති කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 2 

හදන්නෙ මෙහෙමයි 

වීදුරු භාජනයකට ඕට්ස් , නැවුම් කිරි , ග්‍රීක යෝගට් , මී පැණි , චියා බීජ , වැනිලා සහ කොකෝ පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

එම මිශ්‍රණයට උඩින් ආමන්ඩ් , රටකජු , කෙසෙල් සහ ස්ට්‍රෝබෙරි එකතු කර ශීතකරණයේ තබන්න 

Related Articles

Don't Miss


Latest Articles