SRK ගේ Lucky Charm දීපිකාලු!

ලෝකෙම උන්මාදයට පත් කරපු අලුත්ම චිත්‍රපටය තමයි Jawan කියන්නේ. 

තාම බැලුවෙ නැතත් බලපු ගාණටම හැමෝටම Thrill එකක් ගේන මේ Jawan චිත්‍රපටය මෙච්චරම හිට් වෙන්න හේතුව ඉතින් බොලිවුඩයේ King Khan ලෙස හඳුන්වන Shah Rukh Khan රඟපෑම කියල ඉතින් හැමෝම කිව්වට SRK නම් මේ ගැන දරන්නෙ වෙනම අදහසක්. 

 ජවාන් සාර්ථකත්වය ගැන සෙනසුරාදා පැවැත්වුණ මාද්‍ය හමුවෙදි SRK නම් කිව්වේ, “දීපිකා තමයි මගේ Lucky Charm” කියලා. 

 ඒ විතරක් නෙවෙයි දීපිකා මේ චිත්‍රපටයේ රඟපාන්න සත පහක්වත් අරගෙනත් නෑ කියල තමයි වාර්තා වෙන්නේ.

 ඒ ගැන දීපිකා නම් කියන්නෙ මෙන්න මෙහෙම “ෂාරුක්ට මගෙ උදව්ව ඕන වන ඕනම වෙලාවක මම එයා එක්ක ඉන්නවා” ෂාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, විජේ සේතුපති, ඇට්ලි ඇතුළු ‘ජවාන්’ චිත්‍රපටයේ නළු නිළියන් රැසක් චිත්‍රපටයේ සාර්ථකත්වය සැමරීමට එක් වුණ මාද්‍ය හමුවෙදි තමයි ෂාරුක් දීපිකා ගැන මේ විදියට අදහස් දැක්වුවේ.

 Jawan කියන්නෙ දැනටම බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටයක්. 

 ඒ චිත්‍රපටයට දීපිකා එකතුවෙන්නෙ අවස්තා කීපයකදි විතරක් වුණාට මොකෝ දීපිකා – ෂාරුක් රසිකයන්ට නම් ඉතින් මේක තවත් දීපිකා- ෂාරුක් ෆිල්ම් එකක් තමයි. 

 මේ චිත්‍රපටයේ දීපිකාගෙ තවත් එක් විශිෂ්ට රංගනයක් දකින්න ලැබීම ගැන ඇයට හැම අතින්ම ප්‍රශංසා ලැබෙන බව නම් ඉතින් අපි කාටවත් රහසක් නෙවෙයි. 

 The Week සමඟ කළ සංවාදයකදී, දීපිකා Om Shanti Om (2007), Chennai Express (2013), Happy New Year (2014) සහ Pathaan වැනි චිත්‍රපටවල ෂාරුක් එක්ක රඟපාන්න ලැබුණ එක ගැන මෙන්න මේ වගේ අදහසක් තමයි ප්‍රකාශ කරේ.  

“අපි දෙන්න අපි දෙන්නගෙම Lucky Charms. හැබැයි Luck එකට වඩා එහා ගිය දෙයක් අපි අතරෙ තියෙනව. අපි දෙන්නට අපි දෙන්නගෙම Sense of Ownership එකක් තියෙනවා. අපි දෙන්නර අපි දෙන්නම ළඟ අපි වෙලා ඉන්න පුලුවන්.ඒ වගේම අපි එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය සහ සැලකිල්ලත් විශේෂයි.ඒකම තමයි මම හිතන්නෙ අපේ චිත්‍රපට වල සාර්ථකත්වයට හේතු වෙලා තියෙන්නෙ” 

 ජවාන් කියන්නෙ Res Chillies Entertainment ඉදිරිපත් කිරීමක්.

 ගෞරි ඛාන් නිෂ්පාදනයෙන්, ගෞරව් වර්මා සම නිෂ්පාදනයෙන් සහ ඇට්ලී අධ්‍යක්ෂණයෙන් හැඩවෙච්ච මේ චිත්‍රපටය සැප්තැම්බර් 7 වෙනිදා හින්දි, දෙමල සහ තෙලිඟු භාශා වලින් ලෝකෙ වටේම වගේ Release වුණා. 

 ෂාරුක්ගේ Ideal Partner කාජල් කියල කිව්වට මොකෝ මට නම් ඇත්තටම හිතෙන්නෙ දීපිකා තමයි හොඳටම ගැළපෙන කෙනා. 

 ඒ පෑහීම මොනතරම් ලස්සනද කියල අපි මුලින්ම දැනගත්තෙත් ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන්. 

 දීපිකාව අපේ ඇහැට වගේම හිතටත් හරියටම පෙනුනෙ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන්.

 ඩබල් ඇක්‍ටින් කරපු ඒ එකම එක චරිතෙන් තමන් මොන තරම් දක්ෂද කියල ඔප්පු කරපු දීපිකා ඉන්පස්සෙත් ෂාරුක් ඛාන් එක්ක චිත්‍රපට කීපෙකම රඟ පෑවා. 

 ඒ අතරින් චෙන්නයි එක්ස්ප්‍රස් සහ පතාන් ඉතාම විශේෂයි. 

 බැඩ්මින්ටන් ගගහ ඉඳල රඟපාන්න ආව මේ උසම උස, හැබැයි මාරම Classy ලස්සනක් තියෙන දීපිකාගේ සිනමා තිරයේ පළමු Hero වෙන්නෙ බොලිවුඩ් සිනමාවේ රජු – ෂාරුක්.

 ඒ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන්. 

 (ඒ චිත්‍රපටය මොන තරම් හිතට වැදිලද කියන්නේ මේ ආටිකල් එක ලියද්දිත් මගෙ හිත අස්සෙන් ඩූම් තානා තේනා නේනා කියවෙනවා මට ඇහෙනවා) 

 ඊට පස්සෙ ආව චෙන්නයි එක්ස්ප්‍රස් සහ හැපි නිව් ඉයර් කියන ෆිල්ම්ස් වලදිත් මේ දෙන්න ආය සුපිරියටම එකතු වුණා. 

 මේ අවුරුද්දට මේ දෙන්න එකතුවෙලා කරන දෙවනි චිත්‍රපටය තමයි Jawan කියන්නේ. 

 මේ අවුරුද්දෙම Release වුණ පතාන් වගේම Jawan චිත්‍රපටයත් හිට් වෙච්ච බොක්ස් ඔෆිස් ගිය චිත්‍රපටයක් වුණේ ඇත්තටම මේ Lucky Charm කතාව නිසාම වෙන්නැති කියලත් මට හිතෙනවා. 

 කළින් චිත්‍රපටවල වගේම අපේ හිත හොල්ලපු සුපිරි Chemistry එකකින් ෂාරුක් එක්ක රඟපාපු දීපිකා කියන්නෙ ඇත්තටම අදහන්න වටින නිළියක්. 

 ඉන්දියන් සිනමාවට නිතරම අලුත් මුහුණු එකතු වෙනවා.

 හැබැයි මොන තරම් සපෝට් එක තිබ්බත් ඉන්දියන් සිනමාවෙ රැඳෙන්න තමන් වැඩ්ඩෙක් වෙන්න ඕන කියල ඔප්පු කරපු මෑත කාලීන නිලියො දෙන්නෙක් ඉන්නවා. 

එක්කෙනෙක් Alia Bhaat අනිත් කෙනා දීපිකා.

 ලස්සන වගේම, නටන්න පුලුවන් වීම වගේම ඕනම චරිතෙක අහුමුලු වලට රිංගලා ඒ චරිතෙ තමන්ගෙම කරගෙන ඕනම විදියක චරිතයක් කරන්න පුලුවන් දීපිකා කියන්නේ ඇත්තටම සුපිරි නිළියක්.

 ෂාරුක් දීපිකාට ඇට්ලී අධ්‍යක්ෂණය කරපු Jawan චිත්‍රපටයට එන්න ආරාධනා කරලා තියෙන්නෙ Pathaan චිත්‍රපටයේ Besharam Rung සිංදුව කර කර ඉද්දි. 

 කොහොමහරි ඉතින් ඒ ආරාධනාව පිළිගත්ත දීපිකා හින්දලු ඔන්න චිත්‍රපටය මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නෙ.

 ඉතින් මාද්‍ය හමුව අතරෙ දීපිකා සහ ෂාරුක් ගත්ත ලස්සන ජායාරූපයක් තියෙනවා. 

 ඒ ජායාරූපෙ දීපිකා ඉන්නෙ ෂාරුක්ගෙ කම්මුලට හාදුවක් දෙන ගමන්. ෂාරුක් ඒක භාරගන්නෙත් හරිම ලස්සනට. 

 ඒ පින්තූරෙ ෂාරුක්ගෙ ඇස්වල තියෙන්නෙ Ankhon Mein Teri සිංදුවෙ, ශාන්තිගේ සාරි පොට අතේ පැටලිච්ච වෙලේ පිස්සු හැදිලා වගේ සාරි පොටත් එක්ක ඇදිල ගිය ඕම් ගේ මූණෙ තිබුන පෙනුම. 

 පින්තූරෙ දැක්කම නම් මට හිතුනෙ දීපිකා වගේ ලස්සනම ලස්සන දක්ෂ කෙල්ලෙක්ගෙන් කම්මුලට හාදුවක් ගන්න ලැබිච්ච ෂාරුක් නෙවෙයිද Lucky කියලා? 

 ඉතින්, ඔයාලා ඒ ගැන මොකද හිතන්නේ?

 Comment එකක් දාගෙන යන්ද?

Related Articles

Don't Miss


Latest Articles