සතුටින් දිනය ගත කරන්නට උදව්වන පුංචි tips ටිකක්

සතුටින් පිරි සුන්දර දිනයක් ගත කරන්නට සියලු දෙනාම කැමතියි. සරළ පුරුදු කිහිපයක් එකතු කරගැනීමෙන් ඔබට දවස ලස්සනට ගත කරන්නට අවස්ථාව සලසා ගත හැක. ලස්සනට ඵලදායීව දවස ගත කරන්නට කැමැති ඔබට පහත කරුණු උපකාරී වනු ඇත.

  • පළමුවෙන්ම සුබ සිතිවිල්ලකින් දිනය අරඹන්න.
  • ඔබේ දිනය සැලසුම් කරගන්න. එසේම දවස තුලදී ඔබ කරන දේවල් පිළිබඳව නිසි අවබෝධයකින්, පෙර සූදානමකින් සහ දැනුවත් බවකින් යුතුව කටයුතු කරන්න.
  • තැනට සුදුසු සුව පහසු ඇඳුම් අඳින්න. දවස පුරා නැවුම් බව රඳවා ගත හැකි මෘදු සුවඳ විලවුන් වර්ගයක්‌ ගත ගැල්වීමටද අමතක නොකරන්න.
  • අන් අය ඉදිරියේ පවසනා දේ පිළිබඳව දෙවරක්‌ සිතා බලන්න. අනුන් ගේ වැරැදි කතා කරන්නට යැමෙන් සහ අතිශෝක්‌තියෙන් කතා බස්‌ කිරීමෙන් හැකිතාක්‌ වැලකී සිටින්න.
  • කාරුණික බව සහ ආචාරශීලී බව ඔබට නව අවස්ථා උදාකරවනු ඇත.
  • අනවශ්‍ය ලෙස කෝප වීමෙන් සෑම විටම වළකින්න.
  • අඩුවෙන් කතා කරන්න. වැඩියෙන් අන් අයට සවන් දෙන්න.
  • මෛත්‍රී සිතිවිල්ලෙන් යුක්තව රාත්‍රී නින්දට යන්න.

මෙවැනි පුංචි පුංචි දේවල් ටිකක් ජීවිතේට එකතු කරගන්න. අනිවාර්යෙන්ම ඔබට ප්‍රීතිමත් හා සාර්ථක දිනයක් ගත කරන්නට හැකි වනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles