යාලුකමට සීමා වුණු ආදරයක් ඔයාටත් තිබුණද?

සමහර වෙලාවට අපි වඩාත්ම ආදරය කරන මිනිස්සු ඉන්නෙ අපි ළඟමයි. ඒත් අපිට ඒ අයට ආදරය හිතෙන්නෙ හරිම අහම්බෙන් එන මොහොතක. හරියට මේ  Love, Rosie චිත්‍රපටයේ ඇලෙක්ස් සහ රෝසිට ආදරය හමු වෙනවා වගේ.

ඇලෙක්ස් සහ රෝසි දෙන්න දන්න කාලෙ ඉඳල හොඳම යාලුවො. දැන් මෙහෙම කිව්වම ඔයාලට හිතෙන්න පුලුවන් එහෙනම් මේ දෙන්නගෙ මේ යාලුකම කොහොමද ආදරයකට පෙරලුනේ කියල. ඒකත් උනේ අහම්බෙකින්.

රෝසිගෙ 18 වෙනු උපන්දිනය දවසෙ තියෙන උපන්දින සාදයකට එන්න ඇලෙක්ස්ට ආරාධනා ලැබෙනව. දන්නවනෙ ඉතින් කොල්ලො පාටිවලට ආවම හොඳට බොනවනෙ. ඉතින් ඇලෙක්ස්ටත් ඒ කතාවෙ වෙනසක් වෙන්නෙ නෑ. හැබැයි ඇලෙක්ස්ගෙ ජීවිතෙ ඉන්පස්සෙ වෙනස් වෙන්නෙ බිව්වට පස්සෙ හැමදේම අමතක වෙලා ඉන්නෙ කොහෙද කවුරු එක්කද කියල අමතක වෙලා මිනිහ රෝසිව සිපගන්න එකෙන්.

හැබැයි රෝසිත් ඉඳල තියෙන්නෙ හොඳටම බීල නිසා රෝසිට කිසිම දෙයක් ඊයේ රෑ ෆැන මතක නැති බව ඇලෙක්ස් දැනගන්නේ ඊටපස්සෙන්ද උදේ. ඒකත් ජයසිරි මංගලම් කියල, ඇලෙක්ස් සහ රෝසි දෙන්න දිගටම යාලුවො විදියට ඉන්න තීරණය කරනවා.

එයාලගෙ ඉස්කෝලෙ තියෙන නැටුම් උත්සවයකට යන්න ලස්සන රෝසිට ඉස්කෝලෙ ඉන්න ජනප්‍රියම සහ කඩවසම්ම කොල්ලගෙන් ආරාධනාවක් ලැබෙන්නෙ මේ අතරෙ. හැබැයි මේ උත්සවයට යන්න රෝසි මුලින්ම හිතාගෙන ඉන්නෙ ඇලෙක්ස් ගෙන් අහන්න.

ඒත් ඒ වෙද්දිත් ඇලෙක්ස් ඉස්කෝලෙ ඉන්න ලස්සනම කෙල්ලෙක් වෙච්ච බෙතනිට තමන් එක්ක මේ නැටුම් උත්සවේට යන්න ආරාධනා කරල ඉවරයි. ඉතින් තමන්ට ග්‍රෙග්ගෙන් ආව ආරාඩ්ඃඅනාව පිලිගත්ත රෝසි නැටු උත්සවේට යන්නෙ එයා එක්ක.

නැටුම් උත්සවය තිබුන දවසෙ රෑ “තමන්ගේ ජීවිතේ සහමුලින්ම වෙනස් කරන්න හේතුවන රැයක් වෙයි” කියල රෝසි නැටුමට යද්දි දැනගෙන හිටියේ නෑ.

මම කලිනුත් කිව්වෙ ජීවිතේ මේ අහඹු දේවල් සිද්ද වෙන ඉඩකඩ හරිම වැඪියි. අනික කොහොමත් අනාගතය කියන්නෙ සීයයට සියයක්ම වගේ අහඹු දෙයක් නෙවෙයිද?

ඉතින් අපි බලාගෙන ඉමු කොහොමද මේ එක රැයක් කෙල්ලෙක්ගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් කරල දාන්නෙ කියල.

ලංකාවෙ අපේ රටවල් වල මේ ඉස්කෝලෙ යන කොල්ලො කෙල්ලන්ට එකට නැටුම් උත්සව වලට යන්න නොදුන්නට පිටරටවල ඉතින් ඔය වගේ දේවල් හරිම සුලබ බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

ඒ විදියට යන ළමයි අතරෙ එක එක විදියෙ සබඳතා ඇතිවන බව අමුතුවෙන් කියන්න ඕනත් නෑ.

කොහොම හරි මේ නැටුම් උත්සවය අවසානයේ රෝසි සහ ග්‍රෙග් දෙදෙනා ශාරීරිකව එක්වෙනවා.

මේ රෝසිට ලොකු බලාපොරොත්තුවක් තියෙනව පුංචි කාලෙ ඉඳලම තමන්ගෙම කියල හෝටලයක් පටන් ගන්න.

එයාගේ තාත්තගෙ උදව්වත් එක්ක පුහුණුවන හෝටල් සේවිකාවක් විදියට වැඩ කරපු රෝසිට දැනගන්න ලැබෙනව බොස්ටන් විශ්ව විද්‍යාලයේ හෝටල් කලමනාකරන පාඨමාලාවක් හදාරන්න තමන්ට අවස්තාව ලැබිල තියෙන බව. ඉතින් ඒ සතුට හිතේ තියාගෙන රෝසි මුලින්ම යන්නෙ ඇලෙක්ස්ව හම්බෙන්න. තමන්ගෙ හොඳම යාලුව එක්ක මේ පණිවිඩේ බෙදාගන්න රෝසිට උවමනා උනාට ඒ ආසාව ඉශ්ට කරගන්න රෝසිට ඉඩ ලැබෙන්නෙ නෑ.

රෝසි ප්‍රෙග්නන්ට්!

ඔව්. හිතාගන්න පුලුවන්ද? තමන් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ආසාවක් ඉශ්ට වෙච්ච දවසෙම මේ වගේ නොහිතපු දෙයක් ඔලුවට කඩාපාත් උනාම කෙල්ලෙක්ට මොන වගේ දෙයක් හිතෙන්නෙ ඇතිද?

ඒත් රෝසි මේ බව ඇලෙක්ස් ගෙන් හංගල තියෙනවා. ඒකට හේතුව ඇලෙක්ස්ට හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න අවස්තාවක් ලැබිල තියෙනව සහ තමන් ඒ කියන්නෙ ඇලෙක්ස් ගෙ හොඳම යාලුව මේ වගේ අසරණ වෙලා ඉන්න බව දැන ගත්තොත් ඇලෙක්ස් හාවඩ් යන්නෙ නැතුව තමන් ළඟ රැඳේවි කියන බව රෝසිගෙ හිතේ තියෙන නිසා.

ඉතින් දෛවයට අනුව ඇලෙක්ස් හාවඩ් යනව. ඇලෙක්ස් හාවඩ් ගියාට පස්සෙ රෝසි දුවෙක්ට උපත දෙනවා. ඒ දුව තමයි කේටි.

මොනතරම් රෝසි ඇලෙක්ස් ගෙන් මේ ගැන හංගගෙන ඉන්න හැදුවත් ඇලෙක්ස් තමන්ගෙ පෙම්වතී වන බෙතනී හරහා රෝසිට දරුවෙක් ඉන්න බව දැනගන්නවා.

තමන් හාවඩ් වල ඉගෙන ගන්න කාලෙ ඇතුලත තමන්ගෙ හොඳම යාලුව දෛවය විසින් ඇද දාපු ප්‍රශ්න රැසකින් හෙම්බත් වෙලා ඉන්න බව දැනගත්ත ඇලෙක්ස් රෝසිව බලන්න එනවා. එහෙම එන ඇලෙක්ස් ආපහු යන්නෙ කේටිගෙ ගෝඩ් ෆාදර් වෙලා.

ඉන්පස්සෙ කතාව දිග ඇරෙන්නෙ අවුරුදු පහකින්.

අවුරුදු පහක් කියන්නෙ ලොකුම ලොකු කලායක්. එහෙම නේද?

රෝසි බොස්ටන් යනවා ඇලෙක්ස්ව බලන්න.මුලු රැම එකිනෙකා එක්ක කතා බහ කර කර බොස්ටන් වල ලස්සන බලන්න යන රෝසි සහ ඇලෙක්ස් දෙන්න නොහිතපු හේතුවක් මත විරසක වෙනවා.

ඒ ඇලෙක්ස්ගෙ පෙම්වතිය  ගැබ්ගෙන සිටින බව දැනගැනීමෙන්. ඒත් ඒ වෙද්දිත් ඇලෙක්ස් කසාදයක් බැඳල දරුවෙක් නඩත්තු කරන්න පුලුවන් කොල්ලෙක් නෙවෙයි.

“ඔයාට තාම දරුවෙක් නඩත්තු කරන්න පවුලක් නඩත්තු කරන්න පුලුවන් කමක් නෑ. එහෙම එකේ මෙහෙම තිරණයක් ගත්තෙ ඇයි” රෝසි අහන ඒ ප්‍රශ්නෙට ඇලෙක්ස් දෙන්නෙ රෝසි වගේම අපිත් හිතපු නැති විදියෙ උත්තරයක්.

“මගේ ප්‍රශ්න වලට මම උත්තර හොයාගන්නම්. අඩුගාණෙ මගෙ දරුවට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නව. ඔයාගෙ දරුවට වගේ නෙවෙයි”

ආවේගයෙන් උන්න වෙලාවක් උනත් ඇලෙක්ස්ගෙ කටින් එලියට පැනපු ඒ වචන රෝසිගෙ හිත මොනතරම් රිද්දුවද කියල දැනගන්න ඔයාල මේ ෆිල්ම් එක බලන්නම ඕන.

සමහර වෙලාවට ඇත්ත හරියට අපේ හිත් රිද්දනවා. මිනිස්සු මේ තරම් බොරුවට ආදරය කරන්නෙ සමහර විට ඒ ඇත්තෙ තියන තිත්ත ගතිය නිසාම වෙන්නැති.

ඒ විදියට ආපහු එන රෝසි ග්‍රෙග්ව හමුවෙන්න යනවා. හැමදේම සමාදානව කතා බහ කරල ඉවර වෙන රෝසි සහ ග්‍රෙග් තීරනය කරනවා තමන්ගෙ දරුව ගැන හිතල එකතුවෙන්න.

රෝසිගේ ජීවිතේ ප්‍රශ්න ඒ විදියට විසඳෙන කොට ඇලෙක්ස් දැනගන්නව තමන්ගෙ පෙම්වතියට ලැබෙන්න ඉන්න දරුව තමන්ගෙ නොවන බව.

එකාතකින් පෙම්වතිය තමන්ව රවට්ටල. අනෙක් අතින් තමා කියපු දෙයක් නිස හිත රිද්දගත්ත තමන්ගෙ යාලුවා යන්න ගිහිල්ල.

ඒ විදියට තවත් අවුරුදු පහක් ගෙවිලා යනවා.

රෝසිගෙ තාත්තා හදිසි හදවත් රෝගයකින් මිය යනවා. ඒ අවමගුලට එන ඇලෙක්ස් රෝසිගෙන් සමාව ඉල්ලල ආයෙම යාලුවෙනවා.

ඒත් ජීවිතේ හැමදාම හොඳම දේවල් වෙන්නෙ නෑ. නරකම වෙන්නෙත් නෑ. හොඳ නරක කියන දෙකම එකට සමාන්තරවයි මේ ජීවිතය ඇතුලෙ ගමන් කරන්නෙ.

ඒ කතාව ආයෙ වරක් ඔප්පු කරගෙන රෝසි දැනගන්නව ග්‍රෙග් තමන්ව රවට්ටන බව.ඒ රෝසිගෙ තාත්තගෙ මරණය දවසෙ බීල එන ග්‍රෙග් පිස්සුවක් නටල ඇලෙක්ස්ට කියල ලියුමක් ලියවනවා.

“ඔයාට වඩාත්ම ගැලපෙන මනුස්සය මමයි රෝසි” කියලා.

රෝසිට ඇලෙක්ස් ලියපු ඒ ලියුම හම්බ වෙන්නෙ ග්‍රෙග් තමන්ව රවට්ටන බව දැනගෙන රෝසි ග්‍රෙග්ගෙන් අයින් උනාට පස්සෙ. ඒත් ඒ ලියුම කියවල රෝසි ඇලෙක්ස්ට කෝල් කරද්දි තමයි දැනගන්නෙ ඇලෙක්ස් බෙතනිව විවාහ කරගන්න යන බව සහ ඇලෙක්ස් රෝසිට ඉන්වයිට් කරනවා තමන්ගෙ මංගල්ලෙට එන්න කියලා.

ඒ මංගල්‍යය වෙලාවෙදි රෝසි කතාවක් කරනවා.

“තෝරා ගැනීම… ඔබේ ජීවිතය බෙදා ගැනීමට අවශ්‍ය පුද්ගලයා තෝරා ගැනීම… අප කවුරුත් ගන්නා වැදගත්ම තීරණවලින් එකකි. කවදාහරි.

මන්ද එය වැරදි වූ විට එය ඔබේ ජීවිතය අළු පැහැයක් ගනී. ඒ වගේම සමහර වෙලාවට… සමහර වෙලාවට ඔබ එක උදෑසනක් අවදි වී වසර ගණනාවක් ගෙවී ගොස් ඇති බව වටහා ගන්නා තුරු ඔබට නොදැනේ.

අපි දෙන්නම ඒ ගැන දන්නවා ඇලෙක්ස්.

ඔබේ මිත්‍රත්වය මගේ ජීවිතයට වෙනස්ම වර්ණවත් බවක් ගෙනාවා. මගේ ජීවිතේ අඳුරුම කාලවලදි පවා ඒ වර්ණවත් මිත්‍රත්වය මගේ ළඟ තිබුණා. මම හිතනවා මම ඒක සුළුවට ගත්තේ නැහැ කියලා. මම හැමදාමත් ඒ යාලුකමට ආදරය කලා, අගය කලා

හරියට… සහෝදරයෙක්, හොඳම යාලුවෙක් වගේ හැමදාමත් මම ඔයාට ආදරය කලා ඇලෙක්ස්. ඔයා වෙනුවෙන් මම හැමදාමත් ඔයාගෙ, අපේ සිහින ආරක්ෂා කරනවා”

ආදරය කියන්නෙ අයිති කරගැනීමක්ම නෙවෙයි. තමන් ආදරය කරන මිනිස්සුන්ගෙ සතුට සුබ සෙත දිහා බලල සතුටු වෙන්න පුලුවන් නම්, දුකකදි කරදරයකදි මග නොහැර ළඟින් ඉන්න පුලුවන් නම් ඒ තමයි ආදරේ.

සැබෑ ආදරේ.

ඉතින් රෝසි සහ ඇලෙක්ස් වගේ යාලුකම් වලට සීමා වෙලා තිබුන ආදරයක් ඔයාලටත් තියෙන්න ඇති.

මතක් කරල බලන්න ඒ ආදරය තවමත් එකිනෙකා ලඟ පරිස්සමෙන් තියෙනව නේද?

Related Articles

Don't Miss


Latest Articles