මානසික ගැටලුවලට තමන් විසින්ම උත්තර හොයන්න ගිය අපේ කාලයේ තරුණයෙක්

(මනෝ උපදේශක K.N මධුශංක මහත්මයාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“උඹ ඒකිගෙන් අහපන්”

“අනික බං උන් දෙන්නම උඹ එක්ක විතරමනෙ පාඩම් කරන්න යන්නේ. උඹට කැමති හන්දනෙ එහෙම කරනෙ. උඹ තව ඕක කල් ඇර ඇර ඉන්න එක අපරාදෙ”

අරවින්ද එහෙම කියල චාමිකර දිහා බලල කිණ්ඩියට වගේ ඇහැක් ගහපු බව මනුක දැක්කෙ නෑ. මනුක දැන් ඉන්නෙ කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ. ඒලෙවල්ස් පාස් වෙලා අයි ටී ඩිග්‍රී එකක් කරන්න කැම්පස් ආවට පස්සෙ මනුකල නැවතුනෙ කැම්පස් එකේම හොස්ටල් වල. අවුරුදු හතරටම හොස්ටල් ඉන්න පුලුවන් නිසා මනුක උන්නෙ තමන්ගෙ අනිත් රූමො වෙච්ච් අරවින්ද, චාමිකර සහ පේශල එක්ක.

මනුක පලවෙනි අවුරුද්දෙ ඉඳලම හරිම දක්ශ කොල්ලෙක්. සමහර සෙමෙස්ටර් වල මුලු බැච් එකම වගේ රිපීට් වෙච්ච සබ්ජෙක්ට්ස් පවා මනුක හරි ලේසියෙන් හොඳම හොඳ රිසල්ට්ස් එක්ක පාස් උනා. ඉතින් ගොඩක් අය තමන්ට නොතේරෙන සබ්ජෙක්ට්ස් ගැන අහගන්න පවා මනුකට තමයි කතා කරේ.

අරවින්දල මේ විහිලු කරන්න ඒවගේ පාඩම් අහගන්න මනුක එක්ක යාලුවෙලා ඉන්න අමායි නදීයි ගැන. කෙල්ලො දෙන්නම මනුකට හරි ඉන්ටරස්ට් වගේ තමයි ඉඳියෙ. ඒ නිසා තමයි මේ අරවින්දයි චාමිකරයි මනුකට විහිලු කර කර ඉඳියෙ.

මනුකගෙ හිතේ ලොකුම කැමැත්ත තිබුනෙ නදී ගැන. අමාව මනුක ඉස්කෝලෙ යන කාලෙ ඉඳල දන්නවා. නදීව හම්බුනේ කැම්පස් එකේදි. කෙල්ලො දෙන්නගෙන් වැඩිපුරම ලස්සන නදී හන්ද මනුකගෙ හිත නදි දිහාවට ඇදිල ගිය එක ගැන වරදක් කියන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

“නදී මම ඔයාට කැමතියි”

මනුක ඒ විදියට නදීට ආදරෙයි කිව්වෙ අරවින්දයි චාමිකරයි දෙන්නගෙ කීම අහල. අවුරුදු කීපයක් තිස්සෙම තමන් එක්කම පාඩම් කරන්න එහෙම ආව හන්දා නදී තමන්ට කැමති ඇති කියල හිතාගෙන හිටියට නදී “බෑ” කියල කිව්වම මනුකට දැනුනෙ පොලොව පලාගෙන යන්න තරමෙ ලැජ්ජාවක්.

“ඔයා මට අකමැති මම කෙට්ටු නිසාද?” කියල මනුක නදීගෙන් නොඇහැව්වට ඒ ප්‍රශ්නෙ නිතර නිතර හිත අස්සෙන් දෝකාං‍ර දෙනව මනුකට ඇහුනා.

රැට නින්ද යන්නෙ නැති එක, පාඩම් කරන්නවත් හිත එකඟ කරගන්න බැරි එක, කම්මැලි හිතෙන එක, උදේ වෙන්නෙ නැතුව රෑ වෙලාම තියෙනම් හොඳයි කියල හිතෙන එක නිසාම මනුක හිතුවෙ තමන්ට ඩිප්‍රෙශන් හැදිගෙන එනව කියල.

ඒ නිසාම තමයි මනුක වෙබ් එකේ සර්ච් කරේ ඩිප්‍රෙශන් හැදුන අයගෙ දකින්න ලැබෙන ගති ලක්ෂන මොනවද කියන එක.

ඒ ගති ලක්ශන ගොඩක් තමන්ටත් තියෙන බව තේරුම්ගත්ත මනුක ඊලගට කරේ වෙබ් එකෙන්ම ඒවට ප්‍රතිකාර හොයාගන්න කටයුතු කරපු එක. එක එක තෙරපි ක්‍රම, රිලැක්සේශන් ටිප්ස් ගැන දැනගත්ත මනුක ඒව සෑහෙන ට්‍රයි කරා. ඒත් ඒ කිසිම දෙයකින් හරියාකාරව රිසල්ට් එකක් ලැබුනෙ නැති හන්දා මනුක උන්නෙ තව තවත් හිත් කරදරෙන්.

පාඩම් කරන්න හිත එකලස් කරගන්න බැරි එක, හිතට එක එක විදියෙ කරදර සිතුවිලි එන එක, තනියෙන් ඉන්න බය හිතෙන එක, රැට හරියට නින්ද යන්නෙ නැති එක වගේම තමන් ගැන තම්න් හරියට අවතක්සේරු කරල හිතන එක නිසාම තමයි මනුක තීරණය කරේ තවදුරටත් තමන් විසින්ම මේ ප්‍රශ්නෙට උත්තර හොයල තේරුමක් නෑ කියල. ඒ විදියට තමයි මනුක මම ළඟට ආවෙ.

“මට හැමතිස්සෙම හිතෙන්නෙ මම හරි කැතයි ඒක නිසා තමයි නදී මට අකමැති උනේ කියල. අනික මේ දවස්වල ෆයිනල් සෙමෙස්ටර් එක්සෑම් එන නිසා ඔලුව මගෙ හරි කරදරෙන් තියෙන්නෙ. මම  කිසිම එක්සැම් එකක් මෙච්චර කාලෙකට රිපීට් වෙලා නෑ. ඒත් මට මේ දවස්වල පාඩම් කරන්න හිතෙන්නෙවත් නෑ. පොත ඇරගත්තම මට වෙන වෙන විකාර දේවල් ඔලුවට එනව. මට එපා වෙලා තියෙන්නෙ ඇත්තටම. මට දැන් මාවම කරදරයක්”

ඒ නිසා තමයි මම හිතුවෙ රිලැක්සේශන් තෙරපි සෙශන්ස් වලින් මනුකට ප්‍රතිකාර කිරීම අරඹන්න ඕන කියල. ඒත් ඒ හැමදෙයක් ගැනම කලින්ම රිසර්ච් කරල, ස්ටඩි කරල, ටර්‍යි කරල බලල උන්නු මනුක හිටියෙ මම කියන දේවල් පිලිගන්න මනසක නෙවෙයි.

“ඕව කරල වැඩක් නෑ”

“ඇයි එහෙම කියන්නේ?”

“මම ඕව ඔක්කොම ගැන ස්ටඩි කර, ට්‍රයි කරල තියෙනවා. ඒත් ඒවයින් කිසිම රිසල්ට් එකක් ලැබිල නෑ. ඔයා ඔය මෙතඩ්ස් සජෙස්ට් කරද්දිත් මට හිනා යනවා”

ඒත් ටිකෙන් ටික සෙශන්ස් වලට එද්දි මනුක තේරුම් ගත්තා තමන් කොච්චර මේ කවුන්සලින් මෙතඩ්ස්, රිලැක්සේශන් තෙරපි ස්ටඩි කරාට ඒව හරි ගයිඩන්ස් එකක් නැතුව ෆලෝ කිරිමක් තමන් අතින් වුන නිසා තමයි තමන්ට ලැබෙන්න ඕන රිසල්ට්ස් ලැබුනෙ නෑ කියල තේරුම් යද්දි තමන් මනසින් වැටිල උන්න තැනින් ගොඩ එන්න වගේම. මනස එකලස් කරගෙන තමන්ගෙ ස්ටඩීස් හරියට කරගන්න වගේම, කැම්පස් එකේදි ඇතිවන නැතිවන රිලේශන්ශිප්ස් ගැන ඕනවට වඩා දුක්වෙන්න තැවෙන්න උවමනා නැහැ කියන කාරණාවත් තේරුම් ගන්න මනුකට පුලුවන් වුණා.

මනුක කියන්නෙ එක්කෙනෙක් විතරයි. ඒත් මේ වගේම මනුකල ගොඩක් අපි අතරෙ ඉන්නව.

ගොඩක් වෙලාවට ඕවර්තිනක් කරන එක මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් කියල නොතෙරුන ලොකු ගැටලුවක්. මනුකට වුනෙත් ඒක. විශ්ව විද්‍යාලයට යන කාලෙ එකපාර නිවසෙ හිරවෙලා ඉඳල, පාසලේ නීති රීති වලට යටත්වෙලා අධ්‍යාපනයට කැපවෙලා උන්නු තරුන තරුණියන්ට විශ්ව විද්‍යාලයේදි ලැබෙන නිදහස ශාරීරිකව වගේම මානසිකවත් ලොකු දෙයක්.

හැබැයි ඒ ලැබෙන නිදහස නිසාම මම මේ ගැන වැඩිපුර හිතන්න ඕන සහ හිතන්න ඕනෙ නෑ කියල කාරණාවල වෙනස තේරුම්ගන්න අපහසුතා ඇතිවෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

මනුකත් තමන් කැමැත්තෙන් සිටිය ගෑණු ළමයා තමන්ගෙ ප්‍රේම ආරාධනාව භාර නොගැනීම අරගත්තෙ විශාල ගැටලුවක් විදියට. තමන්ට මුලු ජීවිතයටම බලපාන ගැටලුවක් විදියට.

මේ වගේ වෙලාවක දැන් කාලෙ ඉන්න තරුණ ළමයි කරන ඉතාම ලොකු වරදක් තමයි තමන් විසින්ම මේ මානසිකව බලපාන ගැටලුවලට ප්‍රතිකාර කරන්න යෑම. අන්තර්ජාලය ඔස්සේ ඕනම දෙයකට පිලිතුරු හරි පහසුවෙන් සොයා ගන්න හැකියාව තියෙන නිසා මේ දේ කරන්න වැඩි වැඩියෙන් පෙළඹුණත් නිසි අධ්‍යයනයක් මග පෙන්වීමක් නැතුව මානසිකව බලපාන කරුණු වලට අනතර්ජාලය ඔස්සේ තමන් විසින්ම විසඳුම් හොයන්න යෑම “නියපොත්තෙන් කඩන්න පුලුවන් ප්‍රශ්නෙ පොරොවෙන් කපන්න වෙන” තැනකට අරගෙන යන්න හේතුවක් වෙන්න පුලුවන්.

ඇතැම් ගැටලු තිබෙනව තමන් විසින්ම පිලිතුරු සොයා ගත යුතු දේවල්. ඒත් මේ වගේ මානසිකව බලපාන ගැටලු වලට නිසි ප්‍රතිකාර ගන්න, එහෙමත් නැතිනම් වෘත්තිය උපදේශන සහය ලබාගන්න අවශ්‍ය බව නිරතුරුවම මතක් කරන්නෙ මේ හේතුව නිසායි.

ඉතින් අමතක කරන්න එපා, ඔබට තනිවම විසඳා ගත නොහැකි ගැටලුවකට ඔබට අවශ්‍ය කරන මානසික සහනය සහ උපදේශනය ලබාදෙන්න වෘත්තිය නිපුණත්වය පිරුණු පිරිසක් Smart Lady අපත් සග එකතු වී තිබෙනවා.

ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක, Inbox ඔස්සේ අප හා සම්බන්ධ වී ඒ වෘත්තිය උපදේශකවරුන් හා සම්බන්ධ වීමට අවස්තාවක් ලබා ගන්න හැකියාව තිබෙන බව නැවත වරක් මේ ලිපිය අවසානයට අපි ආදරයෙන් මතක් කර සිටිනවා!

Related Articles

Don't Miss


Latest Articles