නිවැරදිව ස්‌නානය කරන්නේ මෙහෙමයි

පෞද්ගලික සෞඛ්‍ය ආරක්‌ෂා කර ගැනීම සඳහා වැදගත් වන්නා වූ යහපත් චර්යාවන් අතුරින් ස්‌නානය හිමි වන්නේ ප්‍රධානතම තැනක්. ලංකාව වැනි රටක ජීවත්වන අපට ස්‌නානයෙන් ලැබෙන සැනසිල්ල ඉමහත් සැනසිල්ලකි.  ස්නානය තුළින් පිරිසුද් වීම පමණක් නොව මාංසපේශී ලිහිල් වීම, පටකවලට තෙතමනය ලබාදීම, ඛනිජ ලවණ සමට ලැබීම, විෂ පදාර්ථ බැහැර වීම සහ තුවාල සුවවීම වේගවත් වීම ද සිදු වේ.

දිනපතා ස්‌නානය කිරීම සෞඛ්‍ය රැකගැනීම සඳහා ඉතාම වැදගත් වන නමුත් ස්‌නානය කළ යුතු කාලසීමාව ද ඉතා වැදගත්. ආයුර්වේදයට අනුව නම් ස්‌නානය කළ යුත්තේ උදෑසනය. මධ්‍යහනයට පෙර ස්‌නානය කිරිම සුදුසු බව ආයුර්වේද මතයයි. නමුත් ස්නානය කරන වේලාව තමන් කරන රක්ෂාව, තමාගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතියි. රෝගී අවස්‌ථාවලදී ස්‌ථානයෙන් වැළකී සිටීම සුදුසුවේ.

ස්‌නානය කිරීමේදී වඩා උණුසුම් ජලය හෝ වඩා සිසිල් ජලය සුදුසු නොවේ. වඩාත්ම හිතකර වනුයේ ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක පවතින ජලයයි. ස්‌නානය කරන අවස්ථාවේදී කඩින් කඩ සීතල ජලයද උණු ජලයද මාරුවෙන් මාරුවට භාවිතා කිරීම මගින් රුධිර සංසරණය ඉතා යහපත් අතට හැරෙන බවට නව විද්‍යාත්මක වාර්තා දක්වයි. ස්‌නානය කිරීමේදී වතුරමල යට ගතකළයුත්තේ උපරිම වශයෙන් විනාඩි 20 ක වැනි කාලයකි.

ආයුර්වේදයට අනුව ස්‌නානය කිරීමේදී යොදාගත යුතු , මදටිය කොළ පොතු, අමු කහ, කොහොඹ කොළ, ඇත්තෝර කොළ, වෙනිවැල් ගැට ආදී විෂබීජ නාශක පිරිසිදු කාරක ඖෂධ වර්ග යොදා ගත හැකි බව දැක්වේ. වැර යොදා සම මත සබන් හෝ පිරිසිදු කාරක ආලේප කිරීම මඟින් සම මත ඇති ආරක්ෂක බැක්ටීරියා ස්ථරය ඉවත්වී ආසාදනවලට ගොදුරු විය හැක. එසේම සමට හානිකර නොවන සුමුදු පිරිසිදු කාරක යොදා ගත යුතුවේ.

නීරෝගීමත් බව උදෙසා ස්‌නානය කිරීමෙන් අනතුරුව ශරීරය හා හිස හොඳින් පිස දැමිය සිදුකළ යුතු අතර ඒ සඳහා පිරිසිදු රෙදි කඩක්‌ භාවිත කළ යුතු බවත් අමතක කරන්න එපා.

– කල්හාරී –

 

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...