ලීක්..

මිහිරානිගේ ජංගම දුරකතනය නැති වුනේ කෝච්චියේදි. ජංගම දුරකතනය නැති වීම ගැන මිහිරානිට බය වෙන්න තිබුන එකම කාරණාව එහි ඇගේ පෞද්ගලිකත්වය සීමාවක් නැතුවම රූගත වෙලා තිබීම. අසන්ත එක්ක බෙදාගත්ත ඒ පෞද්ගලික වීඩීයෝ පට මකා දැමීමකින් තොරවම ජංගම දුරකතනයේ මතක චිපයේ ගබඩා වෙලා තියෙන බව මිහිරනි දන්නවා.

” බය  නොවී ඉන්න.. අපි බලමු …”

එක දිගටම අඬන මිහිරානිව සනවසන්න වෙන කියන්න දෙයක් අසන්තට තිබුනෙත් නැහැ.

” ඔය ෆොටෝ වීඩියෝ ෆෝන් එකේවත් චැට් එකේවත් තියන් එපා..”

මුලදි හැමදාකම පුරුද්දට වගේ එහෙම කිව්වත්, පස්සේ පස්සේ තමන්ගේ අතින් ඒ  සිහිපත් කිරීම අමතක වෙලාම ගියා නේද කියලා  අසන්තටත් සිහි වුනා. අසන්ත මිහිරානි එවලා තිබුණ වීඩියෝ කිහිපයක් බැලුවා. ඒ හැම තැනකම ඇයව හොඳින්ම පේනවා. ඒ ඇය බව හඳුනගන්න එක අපහසු නැහැ. මේ වෙනකොට වෛද්‍ය විද්‍යාලයේ හතර වෙනි වසරේ ඉගෙනගන්න මිහිරානිගේ අඪ්ඃයාපනයට වගේම  ජීවිතයටත් මේකෙන් වෙන්න පුලුවන් බලපෑම අසන්තට බොහොම පැහැදිලිව පේනවා.

“මොකෝ කේස් එක ?”

අසන්තගේ නොසන්සුන් කම නිසා අසන්තගේ කාමර සගයා  එහෙම ඇහුවා.

“මිහිරානි ෆෝන් එක නැති කරගෙන..”

“අප්පා … කොහෙදිද?”

“කෝච්චියෙදි..”

“රින්ග් කරලා බැලුවද?”

‘මුලදි රින්ග් උනා.. දැන් නෑ ..”

“එහෙනම් ඉතින් හිත හදාගනින්…”

“ඒක නෙවෙයි බං වැඩේ.. ඒකේ ඒකිගේ වීඩියෝ වගයක් තිබ්බා… මිහිරානි අඬනවා බං ..”

“මොකක්? ඇයි බං ඔච්චර නොසැලකිලිමත් …ඒක ඇන්ඩ්‍රොයිඩ් නේ ?”
” ඔව්..”
“එහෙනම් ඉතින් ගේමක්ම නැතුව උන් ඕක යූස් කරයි බං ..ගත්ත එකා..”

“මේකි මැරෙයි බං එහෙම දෙයක් වුනොත් ..”

කොච්චර කතා කලත්, විසඳුමක් නොලැබෙන බව දැන දැනම අසන්ත මිතුරා එක්ක දොඬමලු වුනා.  ඒ අතරේ මිහිරානිගේ මිතුරියගෙන් ඉල්ලුවා මිහිරානි ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා.

හිතුවා වගේම දවස් දෙකක් යනකොට ගින්න පත්තු වුනා. වට්සැප් සමූහයක අසන්තගේ පෙම්වතියගේ නිරුවත් වීඩියෝ තියෙන ආරංචිය ඔෆිස් එකේ මිතුරන් අතරේ කතා වෙන බව අසන්තට ද්නගන්න ලැබුණා.

අසන්ත කාමර සගයා වුන මාලක එක්ක ඒ ගැන පරිගනක අපරාධ ආයතනයට පැමිණිල්ලක් දැම්මා. ඒ අතරේ නැති වුන ජංගම දුරකතනය ගැන පොලිසියේ පැමිණිල්ල ගැනත් හොයලා බැලුවා.

සිදු වෙලා තියෙන දේ මිහිරානි දැනගත්තේ දින කිහිපයකට පස්සේ. ඒ වෙනකොට අසන්ත හිතින් ශක්තිමත් වෙලා මිහිරානිව දරාගන්න සූදානමින් හිටියේ.

අසන්ත මිහිරානිවත් එක්කගෙන එලිමහන් අවන්හලකින් ඉඳගත්තා. එතකොට හවස හය පහු  වුනා විතරයි. මිහිරානිගේ බෝල ඇස් වලින් කඳුලු බේරෙනවා.

අසන්ත මිහිරානිගේ අත් දෙකෙන්ම අල්ලගත්තා.

” අපි ඒකට ෆේස් කරන්නයි යන්නේ … හරිද?”

මිහිරානි ඇයට ඒ වෙනුවෙන් ශක්තියක් නැති බව කියන්න හිස සැලුවා. ඒත් අසන්ත මිහිරානිගේ අත් අත හැරියේ නහැ.

“අපි අතින් වරදක් වුනා මිහිරානි .. ඒක අපේ පරෙස්සම නැති කම.. ඒකෙන් ප්‍රයෝජන ගන්න මොකෙක් හරි එකෙක් බලාගෙන උන්නා… ඌට එක අහු උනා…   වගක් විභාගයක් නැතුව ඌ ඒක ඉන්ටර්නෙට් දැම්මා… ඉන් එහාට අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ…  හැඹැයි, අපිට ආයේ එහෙම නොවෙන්න ජීවත් වෙන්න පුලුවන් .. ආයේ එහෙම නොකරන්න හැමෝටම පාඩමක් උගන්නන පුලුවන්… මම, මගේ යාලුවෝ, ඔයාගේ යාලුවො, අපේ පවුල් වල අය.. අපි හැමෝම එකට ඉන්නේ .. මිහිරානි .. අපි මේක එකට දරාගමු… ඔයා කොහොම කෙනෙක්ද කියලා ඒ හැමෝම දන්නවා… ඒ කිසිම කෙනෙක් ඔයාව ජජ් කරන්නේ නෑ.. ඒ හැමෝම අතාරින්න… ඔයාට එහෙම කරන්න කිව්වේ මම … එහෙම වීඩියෝ ඉල්ලුවේ මම … මේකට සම්පූරණයෙන්ම වැරදි මම කියලා මට අමතක ණෑ… ඒත් ඒ වැරැද්ද වෙනුවෙන් මට මෙවෙලේ දඬුවමකුත් නෑ…. ඔයා දන්නවා මම ඔයාට කොච්චර ආදරේද කියලා මිහිරානි .. මේ සිද්දිය නිසා ඔයාගේ ගමන කොහෙන් කොහොමම හරි බාධා වෙනවා නම් මට කවදාවත් සමාවක් නම් නැහැ … ඇත්තටම මම කියන්නේ..”

මිහිරානි අසංකගේ අත් අතරින් එක අතක් නිදහස් කරගත්තා. ඒ අත අසංකගේ අතට උඩින් තිව්වා.

“ඔයා මට හැමදාම මතක් කරනවා.. පරෙස්සම් නෑ ෆෝන් එකේ තියන එක ප්‍රයිවට් දේවල් කියලා… මට අමතක වුනා ….”

“මං ළඟත් ඒ සමහර වීඩියෝ තියෙනවා මිහිරානි .. ඒත් ෆෝන් එක කා අතට ගියත් ඒවාට රීච් වෙන්න බැරි තරම් පරෙස්සමට… අනෙක ඔයා දන්නවා මම මගේ ෆෝන් එක, ටැබ් එක ගැන කොච්චර කන්සර්න්ද කියලා..”

මිහිරානි ඔලුව වැනුවා.

“අපි හයියෙන් අල්ලගෙන මේ ප්‍රශ්නේ විසදගමු…”

මිහිරානි ඔලුව වැනුවා.

සති දෙකක් යනකොට මිහිරානිගේ ජංගම දුරකතනය විකුනන්න ගෙනාව තැනකින් පොලිසියට ඇමතුමක් ලැබුනා. විකුනන්න ගෙනාව කෙනාව අත් අඩංගුවට ගත්තා. ඒ වයස විසි නවයක තරුණයෙක්.

” මේක මගේ මල්ලි අහුලපු එකක් කියලා දුන්නේ සර්..ඉන් එහා කිසි දෙයක් අපි දන්නේ නෑ සර්..”

ඊට පස්සේ පොලිසිය අදාල තරුණයාගේ සහෝදරයාව ප්‍රශ්න කලා.

“මං ඒකිගේ පස්සෙන් ගියේ ඒලෙවල් කාලේ ඉඳන් ..ඒත් ඒකි මාව ගනන් ගත්තේ නෑ..ඒකිට ඕනි වුනේ ඉගෙනගන්න.. අන්තිමට ඒකි කිව්වා ඉගෙනගෙන ඉවර වෙනකල් ලව් ගැන හිතන් නෑ කියලා… මට ඉගෙනගන්න ඹැරි වුනා.. ඒකි මෙඩිසින් ගියා… මම බිස්නස් වලට බැස්සා… ඒත් ඒකි මට කිව්ව කතාව වෙනස් කරලා වෙන මිනිහෙක් එක්ක යාලු වුනා …

 ෆෝන් එක උස්සලා ඒකිගේ කොල්ලාට කතා කරලා ගෙන්නගෙන ඌට ගේමක් දෙන්නයි මම බැලුවේ…. ඒත් ඊට වඩා දෙයක් කරගන්න දේවල් ෆෝන් එකේ තිබුනා සර් ..මං හිතුවා ඒවා ලීක් වුනාම ඒ මිනිහා ඒකිව අත අරීවි කියලා..මං ඒකිට ඇත්තටම ආදරෙයි සර් … ඒ නිසයි මේක කලේ …

ඒ දවස් වල මට සල්ලි තිබුනේ නෑ.. ඒත් දැන් මම  බිස්නස් කරනවා. මට සල්ලි තියෙනවා… මිහිරානි දැන් මට කැමති වේවි සර් .. මේක  මෙතනින් අතාරින්න සර් .. මට ඒකිව බලාගන්න පුලුවන්..”

තරුශ නම් වුන තරුණයා පාපොච්චාරනය කලා. අසංක පොලිසියට ආවේ පොලිසියෙන් ලැබුණ කැඳවීමට. අසංකගේ එක පැත්තක ඔහුගේ අතක එල්ලිලා ඉන්න මිහිරානිව දැක්කම තරුශගේ ඇස් විසල් වුනා.

පොලිස් නිළධාරියා සිදුවීමේ සියල්ල අසංකලාට  විස්තර කලා. අසංක ඉවසාගෙන හිටියේ දැඩි අපහසුවෙන්.

” නීතියෙන් දෙන්න තියෙන උපරිමම දඬුවම් දෙන්න සර් …”

අසංක වෙනුවට මිහිරානි කතා කලා.

“ආදරේ කියලා දැනගෙන හිටියේ මේක නම්, දැනගන්න මෙන්න මේකයි ආදරේ ..”

මිහිරානි තරුශට එහෙම කිව්වේ අසංකගේ අතක් හයියෙන් අල්ලගන්න ගමන්.

අපේක්ශා ගුණරත්න 

More Stories

Don't Miss


Latest Articles