පොඩ්ඩන්ට දෙන්න ඕට්ස් වලින් බ්‍රෙක්ෆස්ට් රෙසීපීස්

පුංචි දරුවන්ට කෑම කවන්න ඒ තරම් ලේසි නෑ වගේම තමයි ඔවුන් ප්‍රිය කරන කෑම වර්ග තෝර ගන්න එකත් ඒ තරම් ලේසි නෑ. අද අපි ඔබට කියන්නේ පුංචි දරුවන් වෙනුවෙන් සකස් කරන්න පුළුවන් ඕට්ස් වලින් හදන රසවත් උදෑසන ආහාර වේල් කිහිපයක් ගැනයි

Apple Cinnamon Oatmeal

  • අවශ්‍ය ද්‍රව්‍ය 

රෝල්ඩ් ඕට්ස් කෝප්ප 1/2

මුද්දරප්පලම් ස්වල්පයක් 

ඇපල් ගෙඩි 1/2

වැනිලා ස්වල්පයක් 

කුරුඳු කුඩු ස්වල්පයක් 

කිරි කෝප්ප 1

  • හදන්නෙ මෙහෙමයි 

මුලින්ම ඇපල් ගෙඩි බාගය ග්‍රේට් කර ගෙන පසෙකින් තබන්න

භාජනයක් ගෙන ලිප තබා එයට කිරි එකතු කර මද ගින්නේ උතුරවා ගන්න 

දැන් එයට ඕට්ස් එකතු කර මද ගින්දරේම පිස ගන්න

කුරුඳු කුඩු සහ වැනිලා එකතු කර ලිප නිවා ගන්න

සෙමෙන් කලවම් කරන්න

අවසානයට මුද්දරප්පලම් , ඇපල් එකතු කරන්න.

මේ සඳහා අවශ්‍ය නම් බෙරි වර්ග , පීනට් බටර් ද එකතු කල හැකිය.

Carrot Cake Oatmeal

  • අවශ්‍ය ද්‍රව්‍ය 

රෝල්ඩ් ඕට්ස් කෝප්ප 1

ග්‍රේට් කර ගත් කැරට් කෝප්ප 1/4 

ග්‍රේට් කර ගත් ඇපල් කෝප්ප 1/4 

කුරුඳු කුඩු ස්වල්පයක් 

වැනිලා ස්වල්පයක් 

කිරි කෝප්ප 1

වතුර කෝප්ප 1 

මී පැණි හෝ මේපල් සිරප්

චොප් කර ගත් වෝල්නට්ස් 

  • හදන්නෙ මෙහෙමයි 

භාජනයක් ලිප තබා එයට වතුර එකතු කර ගෙන හොඳින් උතුරවා ගන්න 

එයට ඕට්ස් එකතු කර හොඳින් හැදි ගාන්න 

මිනිත්තු දෙකකට පමණ පසුව කැරට් සහ ඇපල් එකතු කරන්න 

නැවතත් එක දිගට මිශ්‍ර කර කිරි එකතු කරන්න

වැනිලා සහ කුරුඳු කුඩු එකතු කරන්න 

තවත් විනාඩි දෙකක් පමණ පිසගෙන භාජනය ලිපෙන් ඉවතට ගන්න 

පිළිගන්වන විට මී පැණි හෝ මේපල් සිරප් සහ වෝල්නට්ස් සමඟ පිලිගන්වන්න

Overnight Oats with Yogurt

  • අවශ්‍ය ද්‍රව්‍ය 

කුඩු කර ගත් ක්ෂණික ඕට්ස් කෝප්ප 1

යෝගට් 1 

කිරි කෝප්ප 1 

චියා සීඩ්ස් තේ හැඳි 2 

කුරුඳු කුඩු  ස්වල්පයක් 

වැනිලා ස්වල්පයක් 

බ්ලූබෙරි කෝප්ප 1/2 

මී පැණි හෝ මේපල් සිරප් ස්වල්පයක් 

  • හදන්නේ මෙහෙමයි 

ඕට්ස් , කිරි , චියා සීඩ්ස් ,කුරුඳු කුඩු , වැනිලා සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න

මිශ්‍රණය සුදුසු බඳුනක බහා ශීතකරණයේ තබන්න

පිළිගන්වන විට මී පැණි හෝ මේපල් සිරප් , බ්ලූබෙරි සහ යෝගට් එකතු කරන්න

Related Articles

Don't Miss


Latest Articles