ඉන්දියාවේ ගණිකා වෘත්තිය කියන්නේ පුරාතන කාලයේ ඉදලා අද දක්වා තිබෙන සමාජ සත්‍යයක්. පරණ කාලේදී ගණිකාවන්ට සමාජේ තිබ්බෙ වෙනස්ම ස්ථානයක්. ඔවුන් ඉන්දීය පිරිමින්ගෙ විනෝදාස්වාදය වෙනුවෙන් සේවය කළාට ඔවුන් සමහරක් අයට ඒ ඒ ප්‍රදේශ වල මිනිසුන්ගෙන් ලැබුන ගෞරවයක් තිබුණා.
හැබැයි, කාලයත් සමග ගණිකාවන්ට සමාජයේ තිබ්බ තැනත් වෙනස් වුණා. බ්‍රිතාන්‍ය යුගයේදී ගණිකාවන්ට හිමිවන අයිතිවාසිකම් සහ ගෞරවය අඩුවුනා. ඒත් තවමත් ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් දෙනා ගණිකා වෘත්තියක් කරනවා.
අද කාලේ ගණිකාවන්ට මුහුණ දෙන ගැටලුත් බොහොම වැඩියි. ඒ ගැටලු අතර, සෞඛ්‍ය ගැටලු, ආරක්ෂාව හා නීතිමය ආරක්ෂාව අඩුවීම, සහ සමාජයෙන් විවේචනය කිරීම වගේ දේවල් තියනවා.
ඉතින් අපි අද මේ චිත්‍රපටයක් ගැන ලියවෙන ලිපියකින් අරගෙන එන්නෙ ඉන්දියාවේ ඈත අතීතයේ උන්න ශ්‍රේෂ්ඨ කියල කියන්න පුලුවන් ගණිකාවකගේ කතාව. මම එහෙම කිව්වම කෙනෙක්ට පුදුම හිතෙන්න පුලුවන් ගණිකාවක් එහෙම නැත්තම් ගණීකා වෘත්තියේ යෙදෙන කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නෙ කොහොමද කියල.
ඉතින් ඒ ශ්‍රේෂ්ඨ ගණිකාව ගැන කියවෙන චිත්‍රපටයේ නම වෙන්නෙ Gangubhai Kathiawadi.
Gangubhai Kathiawadi චිත්‍රපටය ඉදිරිපත් කරන්නේ ඉන්දියාවේ ගණිකාවකගේ ජීවිත කතාවක්. ගංගා කියන සරල ගැහැණු ළමයෙක්, බොලිවුඩ් නිළියක් වෙන්න තමන්ගෙ හිතවත් පිරිමි ළමයෙක් එක්ක පලා යනවා. අවසානය වෙනතුරුම ගංගා දන්නෙ නෑ තමන් රැවටිලා කියලා. එයාව නිළියක් කරවනව කියල පොරොන්දු වෙලා අරගෙන එන පිරිමි ළමයා සල්ලිවලට ගංගව ගණිකා නිවාසයකට විකුණනවා. නිළියක් වෙන්න ආව ගංගා බලහත්කාරයෙන් ගණිකාවක් වෙනවා. ඒත් ඒ අතීතය වෙනස් කරලා ගංගුබායි විදියට වෙනස් වෙලා කාමාතිපුර ප්‍රදේශයේ බලවත් චරිතයක් වෙන ගංගාගේ අපූරු කතාව තමයි Gangubhai Kathiawadi චිත්‍රපටයෙන් අපිට කියන්නෙ.
ඒ වගේම මේකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන හැදුණ චිත්‍රපටයක්.
චිත්‍රපටයේදී, ගංගුබායිගේ අරගලය සහ ජයග්‍රහණය ගැන කියවෙනවා. ගණිකාව්ක කියන්නෙ අරගල කරන්න බැරි කෙනෙක් කියල අපි හිතුවට ඒ කතාව බොරුවක් බව මේ චිත්‍රපටය අපිට අපූරුවට පෙන්වල දෙනවා. අධ්‍යක්ෂණය, නිෂ්පාදන වටිනාකම, සහ අලියා බාත්ගේ ප්‍රබල රංගනය නිසා චිත්‍රපටය විචාරකයන්ගේ ප්‍රශංසා දිනා ගන්නවා ඉතාම විශාල ප්‍රමාණයකින්.
Gangubhai Kathiawadi 2022 දී නිකුත් වූ ඉන්දියානු හින්දි චිත්‍රපටයක් වන අතර, මෙම චිත්‍රපටය සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්. බන්සාලි සහ ජයන්තිලාල් ගඩා විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය, අලියා බාත් ප්‍රධාන චරිතය දක්වන අතර, ශාන්තනූ මහේශ්වරි, විජය රාස්, ඉන්දිරා තිවාරි, සීමා පවා, ජිම් සර්බ් සහ අජේ දේව්ගන් යන නළුවන්ද රංගනයෙන් දායක වේ.
මෙම චිත්‍රපටය, S. Hussain Zaidi විසින් රචනා කරන ලද Mafia Queens of Mumbai පොතේ එන Gangubai Kothewali කියන චරිතය පිළිබඳව ලියවුනක් වෙනවා වගේම මෙම කතාවේ සරල, සාමාන්‍ය ගැහැණු ළමයෙකු වන කතියවාඩ් හි ගංගා ගණිකාවක වීමේ සිට අනෙක් ගණිකාවන්ගේ සුබසෙත උදෙසා කළ අරගලය ගැන කතාව අපූරුවට කියවෙනවා. කතියවාඩ් හි ගුජරාටි නීතිඥවරයෙකුගේ දුව වන ගංගා, බොලිවුඩ් නිළියක් වීමට අපේක්ෂා කරද්දී, ඇයගේ පෙම්වතා විසින් ඇයව ගණිකා මඩමකට විකුණනවා. නිළියක් වෙන්න බලාපොරොත්තුවෙන් රැවටිලි සහගත ගමනක් ආව ගංගා, ගංගු විදියට වෙනස් වෙන්නෙ මෙන්න මේ ගණිකා මඩමෙදි බලහත්කාරයෙන් ගණිකාවක් පවට පත් කිරීමත් එක්ක.
ගංගුට ශෝක්ට් විසින් ප්රචණ්ඩ ලෙස පහර දීමෙන් පස්සෙ, මාෆියා නායක රහීම් ලාලාගේ සහය ලබාගෙන, එම පීඩාවෙන් මිදෙන්න උත්සහ කරනවා. අන් අයට සහාය පිරිනැමීම සහ ගණිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මගින් ගංගු ගණිකා නිවාස පිහිටා තිබෙන මෙම මණ්ඩියේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙනවා.
රත්නගිරි දිස්ත්‍රික්කයේ 14 හැවිරිදි මධුගේ කතාව ද මෙම චිත්‍රපටයේ මුලික කොටසක් විදියට අපිට පෙන්වනවා. ඇය ගණිකා වෘත්තියට විකුණුවයින් පස්සෙ, ගංගුබායි ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නෙ තමන්ට වෙච්ච දේ, තමන් මුහුණ දුන්න දේවල් තව තමන් වගේම අසරණ කෙල්ලෙක්ට නොවිඳින්න ඉඩ දෙන්න හිතාගෙන. ගංගුබායි මධූගේ විතරක් නෙවෙයි, කාමාතිපුර ප්‍රදේශයේ ගණිකාවන් තමන්ගෙ සේවය ලබාගන්න එන මිනිසුන්ගෙන් විඳින දුක් ගැහැට පිරිච්ච ජීවිතේ වෙනස් කරන්න සෑහෙන මහන්සි වෙනවා. ඒ සටන තමයි ගංගුව ගංගුබායි කරන්නෙ.
අග්‍රාමාත්‍යවරයා සමඟ තියෙන හමුවෙන් පස්සෙ, ගංගුබායි ගණිකා වෘත්තිය නීතිගත කිරීම සඳහා ඉල්ලීම් කරනවා. මෙය නිසා ඇයගේ ප්‍රදේශයේ ගණිකා වෘත්තිය තවදුරටත් පැවැත්වීමට ඉඩ තියන බව ගංගු දන්නවා. ඒ වගේම මේ නිසා ගණිකාවන්ට වෙන්න තියෙන හිරිහැර අඩුවෙන බවත්, යම් ගෞරවයක් ඔවුන්ට ලැබෙන බවත් ගංගු විශ්වාස කරනවා.
ආලියා භාත් මේ චිත්‍රපටයෙදි පෙන්වපු දක්ශතාවය, චරිතය වෙනුවෙන් කල කැපවීම විචාරකයන්ගෙන් ඇයගේ රංගනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන වටිනාකම පිළිබඳ ඉතාම වටින ප්‍රතිචාර ලබාගන්න හේතුවෙනවා.
Student of the year චිත්‍රපටයෙන් එළියට ආව බෝනික්කෙක් වගේ ලස්සන කෙල්ල, තමන් දක්ෂ චරිතාංග නිළියක් බව ඔප්පු කරන්නෙ Gangubhai Kathiawadi චිත්‍රපටය ඔස්සේ.
ඉතින් මේ අපූරු චිත්‍රපටය දැන් ඔබට Netflix ඔස්සේ බලන්න පුලුවන්.
Gangubhai Kathiawadi කියන්නෙ ගණිකාවන් ගැන අපි හිතාගෙන ඉන්න බොහොමයක් නරක අදහස් වෙනස් කරන අපූරු චිත්‍රපටයක් කියල කියන්නම ඕන!
ReplyForwardAdd reaction |