කාන්තාවන්ගේ ශරීරයේ Erogenous Zones ගැන දැනගමු..

අපි ඕන ම කෙනෙක්ගෙ ඇඟේ සංවේදී ස්ථාන තියෙනවා. මේ සමහර සංවේදී ස්ථාන අපිව ලිංගික ව තෘප්තිමත් කරන්න සමත් වෙනවා. සමහර වෙලාවට ලිංගික සංසර්ගයක් නැතුවම වුණත්, මේ සංවේදී ස්ථාන උත්තේජනය මගින් සුරතාන්තයක් ලබා ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ කාන්තාවන්ගේ ඇඟේ තියෙන මේ සංවේදීම ස්ථාන මොනවද කියලයි. 

කන් 

කන් වලින් ලිංගික උත්තේජනයයක් ලැබෙනවා කිව්වාම පුදුමත් හිතෙනව නේද? හැබැයි ඇත්ත ඒකයි. කන්පෙති කියන්නේ ලිංගික උත්තේජනය ඉහළින්ම ලබා දෙන අවයවයක්. කන් පෙත්ත දිවෙන් පිරිමැදීමෙන්, සිප ගැනීමෙන් වැනි දේ මගින් ලිංගික උත්තේජනයක් ලබා ගන්නට හැකියාව තියෙනවා. 

ඇඟිලි තුඩු සහ අත්ල

ඇඟිලි තුඩු කියන්නේ ශරීරයේ සංවේදීම කොටස බව ඔයා දන්නවාද? ඒ අසල ඇති බැවින්, අත්ල ද තරමක් සංවේදීයි. 

ඔයාගෙ සහකාරියගෙ අත ඔයාගෙ අතට තියාගෙන, අත්ල ඉහළට යොමු කරගෙන, ඔයාගෙ ඇඟිලි හෙමින්  එයාගෙ අත්ල මත ගෙනියන්න. ඔයාට ඇගේ අතේ ඇතුළත ඔයාගෙ ඇඟිල්ලෙන් කිති කැවීමටත් පුළුවන්. ඒ වගේ ම  ඔයා එයාගෙ අත්ල ස්පර්ශ කරන කොට එයාගෙ ඇස් දිහා ම බලන්න. එයාගෙ ඇඟිලි තුඩු මුව තුළට දමාගෙන දිවෙන් උත්තේජනය කරන්නත් ඔයාට පුළුවන්. 

තනපුඩු

කාන්තාවකගේ තනපුඩු කියන්නෙම එයාව රස සාගරයක කිමිදවන්න පුළුවන් උල්පතක්. ඔයා  එයාගෙ තනපුඩු උත්තේජනය කරනකොට එයාගෙ මොළය ඒක කියවගන්නේ ලිංගික උත්තේජනයක් විදියට. සමහර අයට සුරතාන්තය පවා ලබා ගන්න මේ තනපුඩු උත්තේජනය මගින් හැකියාව තියනවා. තනපුඩු උත්තේජනය කරන්න ඔයාට විදි කීපයක් ම තියෙනවා. සිප ගැනීම, දිවෙන් උත්තේජනය කිරීම, පිහාටුවක්, අයිස් කැටයක් වැනි යමකින් උත්තේජනය කිරීම ඒ අතර ප්‍රධානයි. 

කලවාවල ඇතුළ

ලිංගික අවයවවලට ළඟ නිසාම කලවාවල ඇතුළත ප්‍රදේශයත් කාන්තාවන්ට ලිංගික තෘප්තිය ලබා දෙන්නට සමත් වෙනවා. ඇඟිලිවලින්, එහෙම නැත්නම් සිප ගැනීමකින් වගේම දිවෙන් වුණත් මේ ප්‍රදේශය උත්තේජනය කරන්න පුළුවන්. 

ක්ලිටොරසය 

හැමෝම දන්න විදියට කාන්තාවන්ගෙ ඇඟේ වඩාත් ම සංවේදී ස්ථාන වලින් එකක් විදියට ක්ලිටොරසය හඳුන්වන්න පුළුවන්. එහි ස්නායු අග්‍ර 8000ක් පමණ තිබෙන නිසා ඉතා ම සංවේදී ස්ථානයක්. ඉවරයි කියලද හිතුවෙ? නැහැ. මේ ස්නායු තවත් ස්නායු අග්‍ර 15000කට සම්බන්ධ වෙනවා. ක්ලිටොරසය මගින් සිදුවන ලිංගික උත්තේජනය ඉතා ම ප්‍රබල වන්නේ මේ නිසායි. 

A spot

G-spot ගැන ඕනෑ තරම් කතිකාවන් තියෙනවා වුණාට , A-spot එක සහ එයින් ලබා ගත හැකි සතුට ගැන බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඒක තියෙන්නෙ ඔයාගෙ යෝනි මාර්ගයේ පහළ කොටසේ. මේ කලාපය ස්නායු අග්‍රයන්ගෙන් පිරී තියෙනවා. ඒ නිසා මේ කලාපයත් G spot එක තරමට ම වැදගත්. ඔයාට දිවෙන්, ඇඟිල්ලකින් නැත්නම් ලිංගික උපකරණයක් මගින් A spot එක උත්තේජනය කරන්න පුළුවන්. 

ලිංගික එක්වීමක් කියන්නෙ ස්ත්‍රී ලිංගයට පුරුෂ ලිංගයක් දැමීම විතරක් නෙවෙයි. ලිංගිකත්වය කියන්නෙ සෞන්දර්යාත්මක දෙයක්. ඉතින් එහි සෞන්දර්ය විඳින්න මේ ලිපිය ඔයාට උපකාරී වෙන්න ඇති කියලා අපි හිතනවා. 

Related Articles

Don't Miss


Latest Articles