හදිස්සියේම වෙනත් කාලාන්තරයක හිර වුණොත් ඔයා මොකද කරන්නෙ?

අද අපි අරගෙන එන්නෙ මෙච්චර දවසක් නොලිව්ව විදියෙ චිත්‍රපටයක් ගැන කතාවක්. මේ චිත්‍රපටයේ නම Time Trap. මේක 2017 අවුරුද්දෙ ආව science fiction action adventure film එකක්.

මේ කතාවෙ මූලික වශයෙන්ම පෙන්වන්නෙ ශිෂ්‍යන් කණ්ඩායමක් අතුරුදහන් වෙච්ච තමන්ගෙ professor ව හොයන කතාවක්.

ඉතින් චිත්‍රපටයේ කතාව පටන්ගන්නෙ මෙන්න මේ විදියට.

Hoper කියන්නෙ archeology professor කෙනෙක්. එයා 1970 අවුරුද්දෙ අතුරුදහන් වෙච්ච hippies ලා කණ්ඩායමක් ගැන emote cave system එකක් explore කරන ගමන් තමයි ඉන්නෙ. මේ විදියට හොයාගෙන යද්දි එයාට මේ උමගක් අස්සෙ හම්බෙන යම්කිසි දෙයක් නිසා ආපහු නගරයට එන මේ ප්‍රොෆෙසර් එයාගෙ ඇසිස්ටන්ට් ලා දෙන්නවා සේවයෙන් ඉවත් කරනවා.

මේ ඇසිස්ටන්ට්ලා දෙන්නගෙ නම වෙන්නෙ ටේලර් සහ ජැකී. ඉතින් ටික දවස්ක ගියාට පස්සෙ තමන්ගෙ ප්‍රොෆෙසර් ආයෙ ඇවිත් නෑ කියලා තේරුනාම මේ ටේලර් සහ ජැකී හරියට කලබල වෙනවා.

ඉතින් ටේලර් සහ ජැකී ප්ලෑන් කරනවා තමගෙ ප්‍රොෆෙසර්ව හොයාගෙන යන්න. මේ මෙහෙයුමට ටේලර් සහ ජැකී එයාලගෙ යාලුවෙක් වෙච්ච කාරාව, එයාගෙ සහෝදරිය වෙච්ච වීව්ස් ව සහ එයාගෙ යාලුවා වෙච්ච ෆර්බිවත් සම්බන්ධ කරගන්නවා.

හොපර්ව හොයාගෙන එයා ගිය පාරෙම යද්දි මෙයාලට හම්බෙනවා ගුහාවක්, ඒ ගුහාවෙ entrance එකේ climbing ropes එහෙමත් දාලා තියනවා. මේ සෙට් එක ප්ලෑන් කරනවා මේ ගුහාව ඇතුලට ගිහිල්ලා බලන්න. හැබැයි තමන්ට හදිසියේ හරි ගුහාව ඇතුලෙදි කරදරයක් උනොත් ඒක හොයන්න කෙනෙක් ඉන්න ඕන නිසා මෙයාලා ෆර්බිව උඩ නතර කරලා යනවා.

ගුහාවෙ ඇතුලට යද්දි යද්දි මෙයාලට එක එක විදියෙ අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. කොහොමහරි උඩ නතර කරලා ගියා ෆර්බිගෙන් රේඩියෝ සිග්නල්ස්වලට කිසිම ප්‍රතිචාරයක් නැති තැන ජැකී ආපහු උඩට යන්න ප්ලෑන් කරාට අර උඩට නගින්න තිබුන ලණු ටික කැඩිලා එයා වැටෙන්නෙ ටේලර්වත් තුවාල කරගෙන. කොහොමහරි මෙහෙම ඉද්දි මෙයාලට ගුහාව ඇතුලෙන් transmission එකක් ලැබෙනවා. ඒක ඔස්සෙ මෙයාලා ආයෙම වරක් ගුහාව ඇතුලට යනවා.

කොහොමහරි මෙහෙම දිගට දිගට යද්දි ගුහාවෙ එක නැම්මකදි මෙයාලා දකිනවා දකින්න ලැබේවි කියලා හිතුවෙ නැති දෙයක්. ඒ තමයි බෙල්ල කැඩිලා මැරිලා ඉන්න ෆර්බිව.

මෙතන කට්ටිය වඩාත් කලබලයට පත්වෙන්නෙ ෆර්බි මැරිලා ඉන්න එකෙන් නෙවෙයි. තමන් තාමත් මේ ගුහාව ඇතුලට ඇවිල්ලා ගෙවිලා තියෙන්නෙ පැයක් වගේ කාලයක් විතරයි. හැබැයි ෆර්බිගෙ අතේ තිබුන වීඩියෝ රෙකෝඩර් එකට අනුව දවස් ගානක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා කියන කතාව මෙයාලාව ගොඩක්ම බය කරන්න හේතුවක් වෙනවා.

කොහොමහරි ඒ ටේප් එකට අනුව ෆර්බි අර නැතිවුන hippies ලගෙ බඩු සර්ච් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකෙන් තමයි එයාලා දැනගෙන තියෙන්නේ ඒ අය වෙන කවුරුවත් නෙවෙයි hopper ගෙ දෙමව්පියන් කියලා. Hopper උත්සහ කරලා තියෙන්නෙ එයාගෙ නැතිවෙච්ච සහෝදරියව හොයාගන්න කියලා.

මේ ගුහාවට ආව ගොඩක් අය ඇවිල්ලා තියෙන්නෙ තාරුණ්‍යයයේ උල්පත කියන එක හොයාගෙන.මේ ගුහාවට ඇතුලුවෙන්න පුලුවන් තවත් එක දොරටුවක් තමයි ෆර්බි හොයාගෙන තියෙන්නෙ.එයා ගුහාව ඇතුලට යන්න දරපු උත්සහයකදි තමයි මේ විදියට වැටිලා මැරිලා තියෙන්නෙ බෙල්ල කැඩිච්ච හන්දා.

ඔන්න ඔය සිද්දි නිසා තමයි ටේලර් තේරුම් ගන්නෙ මේ ගුහාව නිකන්ම නිකන් ගුහාවක් නෙවෙයි මේක කාලය හරහා යන්න පුලුවන් ගුහාවක් බව. කාල වෙනසක් මේ ගුහාව ඇතුලෙ තියෙන බව. කොහොමහරි GPS Signals හොයාගන්න කියලා කාරා පොඩි වෙලාවකට උඩට යනවා. ඒත් සිග්නල් නැති නිසා ආපහු පල්ලෙහට ආවම තමයි කාරාට තේරෙන්නෙ එයා ඇත්තටම ගිහින් හිටියෙ තප්පර ගාණකට උනාට වෙනස විනාඩි ගාණක පරතරයක් තියෙන බව.

මෙයාලා ආයෙම වතාවක් ෆර්බිගෙ වීඩියෝ එක බලන්නෙ ඔන්න ඔය වෙනස තව තහවුරු කරගන්න. එතනදි තමයි මෙයාලට තේරෙන්නෙ ෆර්බි මැරිලා තියෙන්නෙ එයා වැටිලා බෙල්ල කැඩුන නිසා නෙවෙයි, කවුරුහරි මේ ගුහාව ඇතුලෙ ඉඳපු කෙනෙක් එයාව මරලා දාලා කියලා.

කාරා සහ ටේලර් කාල වෙනස ගණනය කරන්න පටන් ගත්තම තමයි එයාලට තේරෙන්නෙ මේ ගුහාව ඇතුලෙ ගෙවෙන තප්පර ගාණකදි ඇත්තටම කාලය අවුරුදු ගණන් ගෙවිලා යනවා කියලා. මෙයාලා බයට වගේම පුදුමයට පත්වෙනවා මේක හන්දා.

කොහොමහරි මෙයාලට ඕන වෙනවා ගුහාවෙන් එලියට යන්න. ඒත් ඒක සාර්ථක කරගන්න හම්බුවෙන්නෙ නෑ.

මොකද මේ ගුහාව ඇතුලෙ ඉන්නෙ තමන් විතරයි කියලා මෙච්චර වෙලා හිතාගෙන හිටියට ඇත්තටම ඒක එහෙම නැති හන්දා?

ඉතින් ඔයාලා හිතන්නෙ කාරා, ටේලර් ඇතුලු පිරිසට මේ වෙනස් කාලාන්තරයක තියෙන ගුහාවෙන් ගැලවිලා ඉන්න පුලුවන් වෙයිද?

ඒක දැනගන්න Time Trap Movie එක ඔයාලා බලන්නම ඕන!

වෙනස්ම අත්දැකීමක්, කුතුහලයක් අරගෙන එන අපූරු චිත්‍රපටයක් කියලා කියන්නම ඕන!

Related Articles

Don't Miss


Latest Articles