සැමියා බේරගන්න අවතාරයක් හම්බුවෙන්න ගිය බිරිඳක්

Kaukda කියන්නෙ Indian Horror – Comedy Film එකක්.ඉතින් ඔන්න මහ ලොකුවට බයවෙන්නෙ නැතුව හිනාවෙන ගමන් Horror Film එකක් බලන්න ආස නම් මේ චිත්‍රපටය බලන්න කියලා මම ඔයාලට Suggest  කරනවා.

ඉන්දියාව කොහොමත් Horror Comedy Movies කරනවනෙ. මෑත කාලීනව ආව Stree Film එක අයිතිවෙන්නෙත් ඒ ශානරයට සහ ඇත්තටම ඒකත් හරිම විනෝදජනක චිත්‍රපටයක් කියලා කියන්නම ඕන.

කතාව පටන් ගන්නෙ රාතෝඩි කියන ගම්මානයේ ඉන්න කකුඩා නම් කුරු අවතාරයේ ශාපයෙ විස්තරයෙන්.මේ ගමේ හැම ගෙදරකටම දොරවල් දෙකක් තියෙනවා. සාමාන්‍ය දොරක් සහ පොඩි දොරක්.කකුඩා කියන අවතාරය මේ ගම්මානයට එන්නෙ හැමදාම අඟහරුවාදා රෑ හතයි ගාණකට.මේකකුඩා කියන කුරු අවතාරය ගම්මානයට එන දවසට මෙ ගම්මානයේ හැම ගෙදරකම අර පුංචි දොර ඇරලා තියන්න ඕන.

හදිසියේ හරි මොකක් හරි ගෙදරක කෙනෙක්ට ඒ දොර ඇරලා තියන්න අමතක වුනොත් මොකද දන්නවද වෙන්නෙ? මේ කකුඩා ඒ ගෙදරට ඇතුලුවෙලා ඒ ගෙදර ඉන්න ප්‍රධාන පිරිමියට පයින් ගහලා බිම දාලා යනවා. දවස් දහතුනකින් ඒ මනුස්සය කුදු වෙන්න පටන් අරගෙන මැරෙනවා.

සනී කියන්නෙ මේ රාතෝඩි ගමේ ජීවත්වෙන පිරිමියෙක්. මෙයා ආදරේ කරනව ඉන්දිරා කියලා වෙන ගමක ඉන්න ගෑණු කෙනෙක්ට.හැබයි ඉන්දිරාගෙ තාත්තා කැමතිවෙන්නෙ නෑ ඉන්දිරාව සනීට දෙන්න, මොකද සනීට ඉංග්‍රීසි කතාකරන්න බැරි හන්දා.

ඉතින් සනී සහ ඉන්දිරා ප්ලෑන් කරනවා පැනලා යන්න. මේ දෙන්න පැනලා යන්න හිතාගෙන ඉන්නෙ කකුඩා ගමට ඇතුල්වෙන අඟහරුවාදා දවසක. ඉතින් මෙයාලගෙ යාලුවෙක් මෙයාලට කියනව අමතක නොකර අර පුංචි දොර ඇරලා තියන්න කියලා, මොකද නැත්තම් සනීට මැරෙන්න වෙනවා කියලා.

කොහොමහරි කසාදෙන් පස්සෙ දවසක සනීට වෙලාවට දොර ඇරලා තියන්න බැරිවෙනවා. කකුඩා ඇවිල්ල සනීට ගහලා යනවා. මෙයාගෙ බෙල්ලෙ අර ගෙඩියක් වගේ එකක් එනවා. ඉන්දිරා කියනවා අපි වෙන නගරයකට ගිහිල්ලා හරි දොස්තර කෙනෙක් හම්බෙලා ඕකට බෙහෙතක් ගන්න බලමු කියලා. ඒ උනාට ගමේ හැමෝම ඕකට විරුද්ධ වෙලා කියනවා “ඕකට බෙහෙත් නෑ” කියලා.

කොහොමහරි කවුරුත් කියන දේ අහන්නෙ නැති ඉන්දිරා සනීව දොස්තර ලඟට එක්කරගෙන යනවා. ගිහිල්ලා ඒ කුදු ගතියට හේතුවෙන ලෙඩේ හොඳ කරනවා. හැබැයි ඒක ඊට පස්සෙ දවසෙත් ආයෙම තියෙනව දකින ඉන්දිරා පිස්සු වැටෙනවා මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව. ඉස්පිරිතාලෙදි ඉන්දිරාවයි සනීවයි දකින මනුස්සයෙක් ඉන්දිරාගෙ අතට මේ විදියෙ අවතාර අල්ලන වික්ටර් කියලා මනුස්සයෙක්ගෙ කන්ටැක්ට් කාඩ් එකක් දීලා කියනවා එයාව ගිහින් හම්බුවෙන්න කියලා.

ඉන්දිරා ඒ කාඩ් එකේ තිබ්බ විදියට වික්ටර්ව හම්බෙන්න යනවා.

වික්ටර්ට ඕන වෙනවා මේ කකුඩා ගැන වැඩි විස්තර දැනගන්න. එයා එයා ලඟ තියෙන අවතාර අල්ලන උපකරණ පාවිච්චි කරලා චිත්‍රයක් අඳිනවා. ඒ චිත්‍රෙ තියෙන්නෙ ලිඳක් ලඟ තියෙන පොඩි ගෙයක්.කොහොමහරි මෙයාලා ගමනක් යද්දි පාලු වගා බිමක් පහු කරගෙන යනවා. මෙතනදි මාර වැඩක් වෙනවා. මැස්සො තොගයක් වහලා ඉන්න පඹයෙක් පණ පිටින් ඇවිත් මෙයාලට කරදර කරන්න හදනවා. බේරිලා දුවලා යන අතරවාරයේ වික්ටර් අහනවා මෙයාලගෙන් පාලු ලිඳක් තියෙන තැනක් දන්නවද කියලා. කට්ටිය කියනවා නෑ කියලා. වික්ටර් පාලු ලිඳක් ගැන හෝඩුවාවක් හොයාගන්න එයා ලඟ තියෙන අවතාර කතාකරනව අල්ලගන්න පුලුවන් රේඩියෝ එකක් වගෙ දෙයක් පාවිච්චි කරලා පාලු ලිඳක් තියෙන තැනක් හොයාගන්නවා.

ඊටපස්සෙ කට්ටියම එතන හොයාගෙන යනවා. එතනට ගියාම මෙයාල දකිනවා එතන බිත්තියේ ලියලා තියෙනවා “ඔයාලා කවුරුහරි ආවෙ ලෙඩකට බෙහෙත් ගන්න නම් පැල්වින් මාස්ටර්ට කතාකරන්න” කියලා. මේ අතරෙ සනීලා වලක් හාරද්දි එයාලට ඇට සැකිලි දෙකකුයි තොප්පියකුයි හම්බෙනවා.

මෙන්න මේ වෙලාවෙදි තමයි කකුඩා ඇවිල්ලා මෙයාලට පහර දෙන්නෙ. හැබයි මෙයාලට පුලුවන් වෙනවා බේරෙන්න. මේ හොයාගත්ත තොප්පියෙ සර්කස් එකක නම ලියලා තියෙනවා. වික්ටර් මේ සර්කස් එකට යනවා සර්කස් එකට සහ කකුඩා අතර තියන සබඳතාවය හොයාගන්න හිතාගෙන.

එතනදි තමයි සර්කස් එක අයිති කෙනා කියන්නෙ එයාලගෙ සර්කස් එකේ උන්නු කුදු මනුස්සයෙක් ගැන. ඒ කුදු මනුස්සයට පුලුවන් වෙලා තියෙනවා පහර දෙන එකෙන් ලෙඩ හොඳ කරන්න.එක සර්කස් එකකදි මේ කුදු මනුස්සයා සර්කස් එක පැවතිච්ච ගමේම නතර වෙන්න තීරණය කරායින් පස්සෙ සර්කස් එක අයිති මනුස්සයට කුදු මනුස්සය එක්ක තිබිච්ච සම්බන්ධෙ නැතිවෙනවා.

වික්ටර් ආපහු ගමට යන්නෙ ගමේ මිනිස්සු මේ ගැන දන්නෙ කියලා දැනගන්න. හැබයි ඒ වෙද්දිත් ගමේ මිනිස්සු සනීගෙ අවමංගල්ලෙ ලෑස්ති කරන ගමන්. මොකද එයාලා විශ්වාස කරනව අනිත් අය වගේම සනීත් දවස් දහ තුනකින් මැරෙන බව.

ඔය හේතුව නිසා වික්ටර් හිතනවා එයා කකුඩාටම මේ ගැන කතා කරලා විස්තර අහගන්නවා කියලා. ඒ විදියට තමයි එයා ඉන්දිරාට කියන්නෙ අර පාලු වගා බිමට ගිහින් කකුඩාව අල්ලගමු කියලා.

ඉතින් මොකද හිතන්නෙ වික්ටර්ට පුලුවන් වෙයිද අවතාරයක් එක්ක කතා කරලා ඇත්ත විස්තරේ හොයාගන්න?

ඉන්දිරාට පුලුවන් වෙයිද සනීව බේරගන්න, එහෙම නැත්තම් අනිත් ගැහැණු වගේම එයාටත් වැන්දඹුවක් වෙන්න වෙයිද?

ඒක දැනගන්න බලන්න මේ අපූරු චිත්‍රපටය – Kakuda!

Related Articles

Don't Miss


Latest Articles