මේකත් තව අපූරු Horror Movie එකක්. මේක වියට්නාම් Horror Movie එකක්. හැබැයි හරිම අපූරු චිත්රපටයක් කියලා කියන්නම ඕන.
මේ හොල්මන් චිත්රපටය හරිම කුතුහලයක් මවන කතාවක් කියල කියන්න ඕන. ඉතින් මේ චිත්රපටයේ කතාව මම ඉස්සෙල්ල ඔයාලට කෙටියෙන් කියලා ඉන්නම්.
මේ The Housemaid කියන චිත්රපටයේ ප්රධාන චරිතය රඟපාන්නෙ කාත් කවුරුවත් නැති අසරන අනාථ ගැහැණු ළමයෙක් වෙන මින්. මේ මින් එනවා සාකැට් කියන වතුයායේ බංගලාවෙ වැඩට. මේ බංගලාවෙ පාලිකාව මින්ව වැඩට ගන්නවා. කොහොමහරි මෙතනදිම මේ පාලිකාව මේ වතුයාය සම්බන්ධ අමුතු කතාවකුත් මින්ට කියනව.
කාලෙකට කලින් මේ බංගලාවෙ උන්නු වතු පාලකවරයගෙ බිරිඳ මොකක් හරි සිදුවීමක් හන්දා එයාලගෙ අලුත උපන් දරුවව මරලා දාලා තියෙනවා.ඊටපස්සෙ එයත් සියදිවි හානි කරගෙන තියෙන බවත් ඒ කාන්තාවගෙ අවතාරය තවමත් මේ වතුයායෙ සැරිසරන බවත් එයා මින්ට කියනවා.
මේව ඇහුවම මින් බය උනාට එයාට වෙන කරන්න දෙයක් නෑ. ඒ නිසාම එයාට බංගලාවෙ වැඩ පටන් ගන්න වෙනවා. ටික දවසක් යන්න කලින් මින් දකිනවා මේ කිව්ව අවතාරය වතුයායෙ සැරිසරනවා.
ඉතින් මේ විදියෙ කතාවක් තමයි මේ චිත්රපටයෙ තියෙන්නෙ. ඉතින් කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙම තැනකින්.
ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්වන්නෙ මින් බංගලාවෙ වැඩ කර කර ඉන්නවා. මෙයාට දවසක් ඇහෙනාව බංගලාවෙ කාමරේකින් අමුතු සද්දයක් එනව. ඒ කාමරේ ලඟට එන මින් වතු අයිතිකාරයගෙ නම කියල කැප්ටන් ලොරේන් කියල කතාකරාට කිසිම සද්දයක් එන්නෙ නෑ.
කිසි සද්දයක් නැති නිසා කාමරේට එන මින් දකිනවා කවුරුහරි කෙනෙක්ව කැප්ටන් ලොරෙන්ව එයාගෙ ඇඳ උඩදිම කපලා කරලා මරලා දාලා කියලා.මේක දැක්කට පස්සෙ බය වෙන මින්ට කෑගැහෙනවා. කොහොමහරි මේ කේස් එකට පොලිසියත් මැදිහත් වෙනවා. පොලිසිය මින්ව ගෙනැල්ලා ප්රශ්න කරනවා. මෙතන ප්රශ්න අහනව ප්රධාන Investigator ඉංග්රීසි ජාතිකයෙක්. එයා ප්රශ්න අහන්නෙ ඉංග්රීසියෙන්. මින්ට ටිකක් ඉංග්රීසි පුලුවන්. ඒ නිසා එයා ඉංග්රීසියෙන්ම ඒප්රශ්න වලට උත්තර දෙන්න පටන් ගන්නවා.
ඒ ඉංග්රීසියෙන් ප්රශ්න අහන පොලිස් නිලධාරියට අමතරව මෙතන ටිකක් සැර වියට්නාම් පොලිස් නිලධාරියෙකුත් ඉන්නව. මේ හැමෝම මින්ගෙන් එක එක විදියෙ ප්රශ්න අහනවා. මින් කොහොමහරි හැමදෙයක්ම මුල ඉඳල කියනව.එතන ඉඳලා ආපස්සට මාස හයක් යනවා.
අපිට පෙන්වන්නෙ මින් මුලින්ම බංගලාවට ආව දවස. එදා හොඳටම වැස්ස. බංගලාවෙ එතකොට උන්නු පාලිකාව වෙච්ච හේලි මින්ව බංගලාව ඇතුලට අරගෙන එයාගෙ විස්තර අහන්න පටන් ගන්නවා. මින් කියන්නෙ ඈත ගමක ඉඳල මෙහෙට ආව ළමයෙක්. පොලේ මිනිස්සුන්ගෙන් රස්සාවක් ගැන අහද්දි තමයි ඒ මිනිස්සු මේ බංගලාව ගැන කියන්නෙ.
හේලි මින්ට කියනවා “ඔයා පොලේ මිනිස්සුන්ගෙන් නම් මේ බංගලාව ගැන අහගත්තෙ මේ බංගලාවට අයිති වතුයායෙ කතාවත් ඔයා දැනටම දන්නවා ඇති නේද?” කියලා.
හැබැයි මින් කියනවා එහෙම දෙයක් නම් කවුරුවත් කිව්වෙ නෑ කියල. ඒත් හේලි මින්ට මේ හැමදේම කියලා දෙනවා. ඒ වගේම එයා හේලිට කියනවා මේක වියට්නාමෙ වත්තක් උනාට මේක පාලනය වෙන්නෙ ප්රංශ තාලෙට කියල. ඊටපස්සෙ හේලි මින්ව එයාගෙ කාමරේට අරගෙන යනවා.
ඒ විදියට තමයි මින් බංගලාවෙ වැඩ පටන් ගන්නෙ. කොහොමහරි එදා රෑ මින්ට හම්බෙනවා මේ බංගලාවෙ ප්රධාන සේවිකාව වන නාගෝ. නාගෝ මින්ට කියනව අපි ඇරුණම මේ වතුයායෙ උයන්පල්ලා වන ජෝ ඉන්නවා කියලා. කොහොමහරි මින් ඉන්නෙ තාම කුතුහලයකින්. උදේ හේලි මින්ට කිව්වනෙ “මේ වතුයායෙ කතාව ඔයා දන්නවද?” කියලා. ඒත් ඒ මොකද්ද කියල හේලි කිව්වෙ නෑ. මින්ට ලොකු උවමනාවක් තියෙනව මොකද්ද මේ කතාව කියලා දැනගන්න.
මින් නාගොගෙන් මේ ගැන අහනවා. නාගො තමයි මින්ට මේ කතාව කියන්නෙ.
වියට්නාමය ප්රංශයේ යටත් රටක් විදියට තියෙද්දි මේ වතුයාය බලාගෙන තියෙන්නෙ ප්රංශ පාලකයො. එයාලා බොරු කියලා වියට්නාම් මිනිස්සුන්ව රවට්ටල බංගලාවෙ වැඩට අරගෙන ඇවිල්ලා තියෙනවා.හොඳ පඩියක්, ගෙයක්, කෑම දෙනව කියල ගියාට ඒ මිනිස්සුන්ට ඒ මුකුත් ලැබිලා නෑ. වහල්ලු වගේ වැඩ කරලා තියෙනව විතරක් නෙවෙයි කාන්තාවන්ට දූශණය වෙන්නත් වෙලා තියනවා.
අවසානෙදි ප්රංශ ජාතිකයො මේ වියට්නාම් සේවකයන්ව මරලා දාලා තියෙනවා. මේ රබර් වතුයායෙ තාමයි ඒ මියගිය වියට්නාම සේවකයන්ව වල දාලා තියෙන්නෙ. ඉතින් මේ ගම්වල ඉන්න මිනිස්සු කියනවලු මේ වත්තෙ පැල ඔච්චර හොඳට උස් මහත් වෙන්නෙ ඒ මැරිච්ච මිනිස්සුන්ගෙ සිරුරු පොහොර වෙන හන්දා කියලා.
අපි ඕක තමයි මේ වත්තෙ තියෙන කතාව කියල හිතාගෙන හිටියට, ඊට වඩා භයානක අමුතු කතාවක් මේ වත්තෙ බංගලාව සම්බන්ධව නාගො මින්ට කියනවා.
කැප්ටන් ලොරේන්ගෙ බිරිඳගෙ නම කැමිලා. කැප්ටන් ලොරේන් සේවයට ගියාට පස්සෙ කැමිලා බංගලාවෙ තනිවෙනවා. මේ කාලෙ වෙද්දි තමයි කැමිලට එයාගෙ පලවෙනි දරුවා ලැබිලා තියෙන්නෙ. ඒත් දරුවගෙ මූණ බලන්න එන්න බැරි තරමට කැප්ටන්ට වැඩ වැටිලා තියෙනවා.යුද්ධෙ නිසා කාර්යබහුල වෙලා තියෙනව. කැමිලා බලාගෙන ඉඳලා ඉඳලා අන්තිමේ එයාට පිස්සු හැදිලා තියෙනවා.
ඒ මානසික අවුල නිසාම දරුවව නාවන වෙලාවක කැමිලා ඒ නාන බේසමේම ගිල්ලල දරුවව මරලා දාලා තියෙනවා.ඊටපස්සෙ එයත් සියදිවි හානි කරගෙන තියෙනවා.
එහෙමනම් ඇයි දැන් කැමිලා මේ වත්තෙ හොල්මන් කරන්නෙ?
ඉතින් මොකද කියන්නෙ අද රෑට හොල්මන් වතු යායක තනිවෙන්න බය නැත්තම් විතරක් මේ The Housemaid කියන අපූරු චිත්රපටය බලන්න ඔයාලට පුලුවන්!
ReplyForwardAdd reaction |