නිරෝගීව දිදුලන්න බීම වර්ග 05 ක්

සුදු වෙන්න, පැහැපත් වෙන්න අපි කොයිතරම් උනන්දුද කියනව නම්, ඒ සඳහා අනුගමනය කරන සමහර ක්‍රියාමාර්ග නිසා අපේ තරුණ තරුණියො බොහෝදෙනෙක් විවිධ සෞඛ්‍ය ගැටළු වලට මුහුණදීල තියෙනව කියලත් අපි දකිනව. 

සමහර වෙලාවල් වලදී ජීවිත හානි දක්වාම බලපෑම් ඇති කරන්න පුළුවන්, ප්‍රතිඵල ගේන ක්‍රම වලින් මිදිල නීරෝගීව පැහැපත්, දිදුළන සමක් ලබාගන්න ඔබට උපකාරී වෙන වැඩි වියදමක් නැතුවම හදාගන්න පුළුවන් බීම වර්ග 05 ක් ගැන ඔබට කියල දෙන්නයි ඔන්න smart lady අපි මේ සූදානම් වෙන්නෙ. 

නිරෝගී සමක් සහ හිසකෙස් සඳහා අන්නාසි පානය

පොතු ඉවත් කරගෙන කුඩාවට කපාගත් ඇපල් ගෙඩි ½ ක්,

පිපිඤ්ඤා හෝ ගර්කින් පෙති පහක්,

පොත්ත ඉවත් කරගෙන කුඩාවට කපාගත් අන්නාසි කෝප්ප ½ ක් සමඟ වතුර කෝප්පයක් එකට බ්ලෙන්ඩර් කරගෙන පෙරා පානය කරන්න. 

පැහැදිලි සහ දිදුළන සමක් සඳහා නිවිති පානය

නිවිති කොළ කෝප්ප 01 ක,

පිපිඤ්ඤා හෝ ගර්කින් පෙති 05 ක්,

අඟලක ඉඟුරු කැබැල්ලක්,

දෙහි හෝ ලෙමන් යුෂ මේස හැඳි 02 ක් සමඟ වතුර කෝප්පයක් එකට බ්ලෙන්ඩර් කර පෙරා පානය කරන්න. 

අඳුරු ලප කැළැල් සහ ඉදිමුණු ඇස් සඳහා බීටෲට් පානය 

කුඩාවට කපාගත් රතු අල කෝප්ප ½ ක්,

කුඩාවට කපාගත් කැරට් කෝප්ප ½ ක්,

තක්කාලි ගෙඩි ½ ක්,

පිපිඤ්ඤා හෝ ගර්කින් පෙති 05 ක්,

දෙහි හෝ ලෙමන් යුෂ මේස හැඳි 02 ක් සමඟ වතුර කෝප්පයක් එකට බ්ලෙන්ඩර් කර පෙරා පානය කරන්න. 

කුරුලෑ සහ blackheads සඳහා මින්ට් තේ

වතුර කෝප්ප 02 ක් භාජනයකට දමා එයට මින්ට් කොළ අහුරක්, සූදුරු තේ හැඳි 01 ක්, අඟල් භාගයක කුරුඳු කැබැල්ලක් සහ කරදමුංගු 02 ක් එයට එකතු කර ලිපතබා විනාඩි 10 ක් පමණ රත්කර ගන්න.

සියල්ල පෙරා පානය කරන්න. 

පැහැපත් සහ දිදුළන සමක් සඳහා කහ තේ 

වතුර කෝප්ප 02 ක් භාජනයකට දමා එයට අඟල් දෙකක පමණ ඉඟුරු කැබැල්ලක්, අඟල් භාගයක පමණ කුරුඳු කැබැල්ලක්, ගම්මිරිස් ඇට තේ හැඳි ½ ක් සහ කහ කුඩු තේ හැඳි ½ ක් එකතු කර විනාඩි 05 ක් පමණ රත්කර ගන්න.

සියල්ල පෙරා පානය කරන්න. 

එහෙනම්, මේ පානයන් නීරෝගීව දිදුලන්න ඔබට උදව් වෙයි කියල අපි විශ්වාස කරනවා. 

ඒ කොහොම වුනත් අපි එකිනෙකාගේ ශරීර එකිනෙකාට වෙනස් ඒ නිසා බාහිරින් දෙයක් ඔබේ ශරීරයට ඇතුළත් කරන්න කලින් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගෙන අවශ්‍ය මාත්‍රාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අනිවාර්‍ය බවත් අපි ඔබට ආදරෙන් මතක් කරනව. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles