පොඩි බඩගින්නක් ආවම, හවස තේ වෙලාවට වගේම නිතරම කන්න දෙයක් හොයන පොඩ්ඩන්ට හරියටම ගැළපෙන රසම රස හරිම ලේසි වගේම හරිම ඉක්මන් කෙටි කෑමක් ගැන කියල දෙන්නයි ඔන්න අපි අද සූදානම් වෙන්නෙ.
අද අපි බලමු ක්‍රිස්පි ගතිය මදි නොකියන්න තියෙන රසම රස අල චිප්ස් ගෙදරදිම සෞඛ්‍යාරක්ෂිත විදිහට හදාගන්නෙ කොහොමද කියල.
මුලින්ම, අවශ්‍ය අමුද්‍රව්‍ය සූදානම් කරගමුකො.
අවශ්‍ය ද්‍රව්‍ය
අල ගෙඩි / අර්තාපල් 02 ක්
තෙල්
අයිස් වතුර
වතුර
ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය
මුලින්ම අර්තාපල් වල පොත්ත ඉවත් කර හොඳින් සෝදා පිරිසිදු කරගන්න.
දැන් අර්තාපල් ගෙඩිය හැකි තරම් සිහින් පෙති වලට කපාගන්න.
ගාගන්න වුනත් පුළුවන්.
දැන් මේ අර්තාපල් පෙති සාමාන්‍ය වතුර භාජනයක ගිල්වා හොඳින් සෝදා වතුර ඉවත්වීමට තබා ගන්න.
ඒ අතරතුර වතුර භාජනයක ලිප තබා වතුර නටනතුරු තබාගන්න.
තැටියකට පේපර් සර්වියට් තට්ටු දෙකක් පමණ අතුරා සූදානම් කර පසෙකින් තබාගන්න.
දැන් නටන වතුරට අර්තාපල් පෙති කොටසින් කොටස දමා නටන වතුරේ විනාඩියක් පමණ තම්බා වතුරෙන් ඉවතට ගෙන තම්බාගත් අර්තාපල් පෙති එසැණින් අයිස් වතුර ඇති භාජනයට දමාගන්න.
දැන් අයිස් වතුරෙන් ඉවතට ගත් අර්තාපල් පෙති එක මත එක නොසිටින සේ පේපර් සර්වියට් එලා ගත් තැටිය මත අතුරා ගන්න.
අල පෙති උඩින් තවත් පේපර් සර්වියට් තට්ටුවක් එලා අල පෙති නොකැඩෙන සේ ප්‍රවේශමෙන් තද කරමින් අල පෙති වල ඇති වතුර ඉවත් කරගන්න.
දැන් භාජනයක් මඳගින්නේ ලිපතබා එයට තෙල් එකතු කර තෙල් හොඳින් රත්කර ගන්න.
රත්වූ තෙලට වතුර ඉවත් කරගත් අල පෙති ටික දමා දෙපැත්ත හරවමින් විනාඩි 05 ක් පමණ බැදගන්න.
බැදගත් අලපෙති ලිපෙන් ඉවත්කර ඔබේ රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු දමා හොඳින් කලවම් කරගන්න.
ඔන්න දැන් රසම රස ක්‍රිස්පි අලපෙති සූදානම්.
හදල බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |