ඔබේ නිවස දවසම සුවදවත්ව තබා ගන්න Air Freshener Hacks

ඔබ ඔබේ නිවෙසට ඇතුළු වන විට එයින් දුර්ගන්ධයක් හමනවා නම් එය එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඔබේ නිවස ඉතා සාමකාමී සහ සුන්දර ස්ථානයක් සහ ඔබේ මනසට සැහැල්ලුවක් ගෙන දෙන තැනක් කර ගැනීමට නම් ඔබේ නිවස පිරිසිදුව හා සුවඳවත්ව තබා ගැනීම ඉතාම වැදගත් වනවා. අද අපි ඔබට කියන්නේ ඔබේ නිවස නිරන්තරයෙන්ම සුවඳවත්ව තබා ගැනීමට හැකි Air freshener hacks කිහිපයක් ගැනයි.

ඔබේ නිවස ඇතුළත දුර්ගන්ධය හැමීමට හැකි පොදු හේතු මොනවද ?

දුර්වල වාතාශ්‍රය

නිවස ඇතුළත ඇති කරන සුරතල් සතුන්ව නිසි ආකාරව පිරිසිදු නොකිරීම 

පිසූ ආහාර බොහෝ කාලයක් ශීතකරණයේ තැබීම

නිවසේ බිත්තිවල වර්ධනය වී ඇති පුස් වර්ග

අපිරිසිදු ඇඳ ඇතිරිලි , කාපට් සහ තිර රෙදි 

ගෘහස්ථව දුම් පානය කිරීම

දින ගණනාවක් ඉවත් නොකල කුණු කසල

පැරණි හෝ අපිරිසිදු වායු පෙරහන් 

කැඩුණු ජල නල

Essential oil spray

කුඩා spray bottle එකක් ගෙන එයට ඔබ කැමැති ආකාරයේ essential oil බින්දු කිහිපයක් සමග ජලය එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. මෙය air freshener එකක් ලෙස ඔබට භාවිතා කළ හැකියි. විශේෂයෙන්ම විසිත්ත කාමරය නාන කාමරය වැනි ප්‍රදේශවලට මෙය භාවිතා කළ හැකි වන අතර Lavender essential oil ඔබට නිදන කාමරයට භාවිතා කළ හැකියි.

Citrus Infusion 

භාජනයකට වතුර පුරවා එයට ලෙමන් , දෙහි හෝ දොඩම් පෙති කිහිපයක් එකතු කර හොඳින් තම්බා ගන්න. මෙය උතුරාගෙන එන විට ඔබට අවශ්‍ය නම් වැනිලා ස්වල්පයක් , කුරුඳු වැනි දේවල් එකතු කළ හැකියි.මෙයින් ඉතා හොඳ සුවඳක් ඔබේ නිවසට එකතු වනවා.

Herbal sachets

ලැවෙන්ඩර් හෝ රෝස්මරී වැනි වියළි ඖෂධ පැළෑටි කුඩා පැකට් ලෙස සකස් කර ගන්න. මේවා අල්මාරි වල , නාන කාමරයේ , නිදන කාමරයේ හෝ නිවසේ ඕනෑම තැනක තබන්න.

Baking soda deodorizer

බේකින් සෝඩා ප්‍රබල ගන්ධ අවශෝෂකයක් ලෙස සැලකෙනවා. බේකින් සෝඩා ස්වල්පයක් කුඩා බඳුනක බහා මුළුතැන් ගෙයි සහ නාන කාමරයේ තැබීම මගින් විවිධ දුර්ගන්ධයන් හැමීම වළක්වා ගත හැකියි

Vanilla air freshener 

වැනිලා යනු ඉතා හොඳ සුවඳකාරකයක් වන අතර ඔබට මෙය විවිධ ආකාර වලින් භාවිතා කළ හැකියි. වතුර එකකට වැනිලා එකතු කර හොඳින් උතුරවා ගන්න. ඒ වගේම spray bottle එකකට වැනිලා ස්වල්පයක් සහ වතුර එකතු කර නිවස පුරා ඉස ගන්න ගන්න. මීට අමතරව කපු පුළුන් බෝල වලට වැනිලා ස්වල්පයක් ඉස ඒවා නාන කාමරයේ තැබීම මගින් ඉතා හොඳ සුවඳක් ලබා ගන්නට පුළුවන්.

Cinnamon Stick Air Freshener

කුරුඳු කූරු වතුරේ දමා ඉතා හොඳින් තම්බා ගැනීම මගින් ඔබේ නිවසට හොඳ කුරුඳු සුවඳක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.මීට අමතරව කුරුඳු ආශ්‍රය නිර්මාණය කරන හදුන් කූරු වර්ග සහ ස්ප්‍රේ වර්ගත් භාවිතා කරන්නට ඔබට පුළුවන් 

Scented Candles

සුවඳ කාරක යොදන ලද ඉටිපන්දම් වර්ග මේ වන විට ඕනෑ තරම් වෙළඳපොලේ මිලදී ගන්නට පුළුවන්.ඒ වගේම මේවා නිවසේදී සකස් කර ගත හැකි ඉතා පහසු ක්‍රමත් දැන් තිබෙනවා. මේවා ඔබේ නිවස සුවඳවත් කර ගැනීමට ඔබට භාවිතා කළ හැකි ඉතාම සරල ක්‍රමයක්.

Mint air freshener 

වතුර භාජනයක් ලිප තබා එයට නැවුම් මින්ට් කොළ එකතු කර හොඳින් තම්බා ගන්න.මේ තම්බාගන්නා අවස්ථාවේදීත් ඉතා හොඳ සුවඳක් තිබෙන අතර ඉන් පසුව මෙම වතුර ඔබට නිවසේ අවශ්‍ය ස්ථානවලට ඉස ගත හැකියි.

වියළි සිට්‍රස් පෙති 

වියලන ලද දෙහි ,දොඩම් හෝ ලෙමන් පෙති ඔබට සුවඳ කාරක ලෙස භාවිතා කරන්නට පුළුවන්. දෙහි ,දොඩම් හෝ ලෙමන් ඉතාම සිහින් පෙති ලෙස කපා වියලාගෙන විසිතුරු භාජන වල බහා නිවසේ විවිධ ස්ථානවල තබන්න.

සුවඳ කපු බෝල

ඔබ කැමති වර්ගයේ essential oil වර්ගයක් තෝරා ගෙන කපු පුළුන් බෝල වල පොඟවා ගන්න.මෙම කපු පුළුන් බෝල කුඩා විසිතුරු භාජන වල බහා අල්මාරි , නාන කාමර ,නිදන කාමර වැනි නිවසේ කැමති ස්ථානයක තබන්න.

මෙවැනි සරල පියවරවල් අනුගමනය කිරීම මගින් ඔබට ඔබේ නිවස සෑම විටම සුවඳවත්ම තබා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් මීට අමතරව මුලුතැන්ගෙයි ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට ,ශීතකරණයේ ඇති අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉවත් කිරීම , නිවසේ ඇති තිර රෙදි , ඇඳ ඇති  රිලිසහ කාපට් හොඳින් පිරිසිදු කර තැබීම සහ නිවසට හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම වැනි දේවල් කෙරෙහිත් ඔබ අවධානය යොමු කළ යුතුයි.

Related Articles

Don't Miss


Latest Articles