ත්‍රස්තවාදීන්ට බිලි වූ ගුවන් සේවිකාවගේ මෙහෙයුම

ඉන්දීය සිනමාව කියන්නේ ඕනෑම ශානරයක චිත්‍රපට නරඹන්න කැමති අයට තමන්ගේ හිතුමනාපේට අනුව චිත්‍රපට තෝරගන්න පුලුවන් තැනක් නේ.ඉතින් අද අපි ඔබට කියන්නේ ක්‍රයිම් ත්‍රිලර් ශානරයට අයිති ඉතාම උද්‍යෝගීමත් චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයේ නම තමයි Chor Nikal Ke Bhaga.

IMBD අගය 8ත් ඉක්මවලා ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ගෙතෙන්නේ ගුවන් සේවිකාවකගේ මෙහෙයුමක් වටා.

අපි දන් ඔබට කියන්නේ මේ අපූරු චිත්‍රපටයේ ගලායෑම ගැන. චිත්‍රපටය පටන් ගන්නේ ගුවන් යානයක් වටේට ආරක්ෂක හමුදාව ඉන්න දර්ශනයකින්. ඒත් එක්කම පෙන්නවා ඒ ගුවන්තොටුපලේම තැනක ගුටි කාලා ඉන්න නේහාගේ පෙම්වතා වුන අන්කීත්ව.

“ප්ලේන් එකේ එකසිය පනහක් දෙනා හිටියා… කොහොම්ද ඔයා විතරක් මෙච්චර ගුටි කෑවේ මිස්ටර් අන්කීත් …‍‍’

පොලිස් නිළධාරීන් අන්කිත්ගෙන් ප්‍රශ්න කරනවා.

“ඇත්තටම ඒක මගෙන් අහලා තේරුමක් තියෙනවාද සර් …. මම කොහොමද ඒක දන්නේ ?..”

අන්කීත් පෙරලා ඒ නිළධාරීන්ගෙන් එහෙම අහනවා.

ඊට පස්සේ අපිට පෙන්නවා අර මුලින් පෙන්වපු ගුවන් යානය ගුවන්ගත වෙන්න කලින් මගීන් ඒ ගුවන් යානටය  ගොඩවෙන ආකාරය. අපේ කතාවේ කතා නායිකාව වෙන නේහාත් ගුවන් යානයට ගොඩ වෙන්න පැමිනෙන ආකාරය ඒ අතරවාරෙයේ චිත්‍රපටයට එකතු වෙනවා. ඩුබායි වල ඉඳලා දිල්ලි වලට යන ගුවන් ගමන් වාරයක් වෙනුවෙන් තමයි මේ හැමෝම ලක ලෑස්ති වෙන්නේ. නේහා ඇගේ සහායක ගුවන් සේවිකාවත් මුණ ගැහිලා සූදානම් වෙලා ගුවන් යානයට ගොඩ වෙනවා. ඊට පස්සේ ඔවුන් ගුවන් යානයට ගොඩ වෙන මඟීන් පිලිගන්නවා. ඒ අතරේ මේ මිතුරියන් දෙදෙනා අතර යම් කතාබහක් සිද්දවෙන්නේ නේහා ගර්භ‍නී බවකුත් අපිට අඟවලා.

“ නේහා … මොකද්ද ප්‍රශ්නේ … ඔයා ආයේම අන්කීත් එක්ක රණ්ඩු කරාද ?…”

මේ කතාබහ අතරේදී  නේහා අමුතු වෙන බව දකින මිතුරිය එහෙම විමසනවාත් එක්කම චිත්‍රපටය මාස අටක් ආපස්සට යනවා. එතනදී අපිට පෙන්නනවා නේහා සේවය කරපු ගුවන් යානයක් තුලදීම නේහාට අන්කීත්ව මුණ ගැහෙන විදිය. අන්කීත් කියන්නේ ව්‍යාපාරිකයෙක් බවත් පෙන්නවා.

නේහා අන්කීත්ට අදාල කෑම බන්දේසියත් අරගෙන අන්කීත් ළඟට ගියාම අන්කීත් ඒ කාම එක ප්‍රතික්ශේප කරනවා.

 “ මේ මම ඕර්ඩර් කරපු කෑම එක නෙවෙයි …”

“නෑ සර් .. මේකේ සඳහන් වෙලා තියෙන්නේ සර් වෙජ් කෑම එකක් ඕර්ඩර් කල බව …”

“ ඒක ඔයාලාගේ වැරදීමක් … මේම මගේ කෑම ඉල්ලීම නෙවෙයි …

අන්කීත් දැඩි හඬින් එහෙම කිව්වාම නේහා සිනාමුසුව ආපසු හැරිලා ගිහිල්ලා වෙන කෑම එකක් අරගෙන එනවා. 

“එහෙනම් ඔයා ඔයාගේ වැරැද්ද පිලිගත්තා නේද ?…”

“ නැහැ සර් .. ඔය මගේ කෑම එක .. ඒකට කමක් නෑ සර් කන්න …”

නේහා එහෙම කියලා ඇගේ අනෙක් කටයුතු වෙනුවෙන් යොමු වෙනවා. ෆ්ලයිට් එකෙන් බහිනකොට අන්කීත් නේහා ලඟට ඇවිල්ලා ඇයට ආරාධනාවක් කරනවා.

“මම ඔයාට කෑම එකක් ණයයි .. මාත් එක්ක අද රෑ කෑමකට යමුද ?…”

“ අනේ ඒගැන හිතන්න එපා සර් … අනෙක මට අද යොදාගත්ත වැඩ තියෙනවා …”

නේහා එහෙම කියලා ඒ ආරාධනාව ප්‍රතික්ශේප කරනවා. ඒ වෙද්දී අන්කීත්ගේ හිතේ නේහා ගැන කැමැත්තක් ඇති වෙලයි තියෙන්නේ. ඊට පහුවෙනිදා නේහාලා ක්ලබ් එකකට ගිහින් නට නටා ඉන්නකොට නේහාගේ යාලූවෝ නේහාට පෙන්නනවා අන්කීත් එතනට ‍‍‍ඇවිල්ලා ඉන්න බව. නේහා අන්කීත් දිහා බලාගෙන ඉන්නකොට අන්කීත් ඒ බව දකිනවා වුනත් නේහා ඉතා ඉක්මනින් අන්කීත්ව ම්ඟ අරිනවා. කොහොමහරි එදයින් පස්සේ මේ දෙන්නාගේ ආශ්‍රය ටිකක් හිතවත් පෙනුමක් ගන්නවා. අන්කීත් නේහාට ඉන්ස්ටර්ග්‍රෑම් රික්වෙස්ට් එකක් දානවා. දෙන්නා දිගටම කතාබහ කරනවා. ඉන් පස්සේ අන්කීත් එක්ක හමුවකට පවා යන්න නේහා ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ දෙන්නා ජීවිතේ බෙදා හදා ගන්න පටන් ගන්නවා. ඉන් පස්සේ නේහා අන්කීත් එක්ක එකට ජීවත් වෙන්න තීරණය කරනවා.

මෙහෙම ගත වෙන එක දවසකදී අන්කීත් නේහාගේ උරහිසේ තියෙන කැලලක් ගැන විස්තරයක් අහනවා. නේහා එතනින් කතාව මඟ අරිනවා.

ඊට පස්සේ ආයෙම චිත්‍රපටය වර්තමානයට එනවා. ගුවන් ගමන අතරේදී නේහා එක් එක් මගීන්ගෙන් අවශ්‍යතා ගැන විමසමින් ඉන්නවා.

ඊට පස්සේ ආයෙම අතීත කතාවේ පෙන්නවා නේහා අන්කීත් නිසා ගර්භණී වෙලා ඉන්න බව.  මේ සිදුවීම මුලදී දරාගන්න නොහැකි බවක් පෙන්නුවත් අන්කීත් එකපාරටම නේහාට කියනවා මම ඔයාව විවාහ කරගන්නම්. අපි මේ දරුවාව හදාගමු කියලා. ඊට පස්සේ ඒ දෙන්නා ඉතාම සතුටින් ඉන්න බවත් පෙන්නවා.

ඊට පස්සේ දවසක මේ දෙන්නා එලියට ගිහිල්ලා ඉන්න වෙලාවක මැරයෝ දෙන්නේක් ඇවිල්ලා අන්කීත්ට තර්ජනය කරනවා. නේහා දිගින් දිගටම අන්කීත්ගෙන් අහනවා මොන හේතුවක් නිසාද ඒ මිනිස්සු අන්කීත්ට එහෙම තර්ජනය කලේ කියලා. මුලදී අන්කීත් නේහාට ඒ ගැන නොකියා ඉන්නම උත්සාහ කලත්, නේහාගේ බල කිරීම හින්දාම අන්කීත් ඒ ගැන නේහාට කියනවා.

“ මම දියමන්ති හුවමාරු සමාගමක් පටන් අරගෙන තිබු‍නා .. ඒක හරහා හුවමාරු කරන්න ගෙනාපු මිලියන විස්සක් වටින දියමන්තියක් සේවා දායකයෙක් අති නැති වෙලා …. ඒ හින්දා මගේ කම්පැනි එකෙන්ම දියමන්ති හොරකම් කරලා මේක පියවන්න කියලා අනෙක් කට්ටිය මට බල කරනවා …”

“ ඇයි ඔයා මට මේක කලින් නොකිව්වේ ?…”

අන්කීත් නේහාව අස්වසන්න උත්සාහ කරන අතරේ නේහා එයාගේ උරහිසේ තියෙන කැලල ගැන විස්තරේ කියනවා.

“ මගේ තාත්තා පාතාලේ අයගේ අකවුන්ට්ස් බලපු එක කරේ .. ඒ අය එක්ක ඇති වුන ගැටුමක් නිසා  උන් තාත්තාව වෙඩි තියලා මැරුවා .. එහෙම තියපු වෙඩිල්ලක් තමා මගේ උරිස්සට වැදුනේ…”

නේහා අඬ අඬා අන්කීත්ට කියන්නේ ඔහුව නැති කරගන්න බැහැ කියලා.

ඊට පස්සේ ආයෙම වර්තමාන කතාව ආයෙම පටන් ගන්නවා. නේහා ගමන් කරන ෆ්ලයිට් එකේම අන්කීත් ඉන්න බව අපට පෙන්නවා. ඊට පස්සේ පේන්නේ අන්කීත්ගේ ජංගම දුරකතනයට කෝඩ් එකක් එන බව. ඊටත් පස්සේ අන්කීත් නේහාට යම් ඉඟියක් දෙන බව පෙන්නනවා.

ඉන් පස්සේ චිත්‍රපටය ආයේම ඇදෙන්නේ වර්තමානයෙන් දින කිහිපයක් එපිට අතීතයට.

ඉන්දියාවේ අමාත්‍යවරයෙක් සහ අන්කීත්ගේ කම්පැනියේ ප්‍රධානියා යම් ව්‍යාපාරයක් ගැන කතා බහ කරමින් ඉන්න බව  අපට පෙන්නවා. එතන අන්කීත් වගේම අමාත්‍යවරයාගේ සහයකයෙකුත් ඉන්නවා. ඩුබායි වල ඉඳලා දිල්ලි වලට දියමන්ති අල්ලලා තියෙන ෆෝන් බැක් කවර් එකක් ගේන විදිය ගැන තමයි කතා කරන්නේ.

“මේ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න ඕනි නෑ සර් ..බැක් කවර් එක දාලා තියෙන බ්‍රීෆ් කේස් එක ඕපන් වෙන්නේ කෝඩ් එකකින් .. ඒ කෝඩ් එකේ බාගයක් තියෙන්නේ අපි ලඟ .. ඒ වගේම ඉතිරි බාගේ සර් ලඟ …”

අන්කීත් මේ ව්‍යාපාරයේ තියෙන ආරක්ශිත බව ගැනත් කියන බව පෙන්නවා.

එදා මේ කතා කරන කෝඩ් එක, අද අන්කීත්ට ආව කෝඩ් එකමද කියලා දැනගන්නත්, අන්කීත් නේහා එක්ක එකතු වෙලා කරන්න යන්නේ මොකක්ද කියලා දැනගන්නත්. හිටපු ගමන් කඩා පැනලා මිනිස්සු  එකසිය පනහක් ඉන්න ගුවන් යානය පැහැරගන්න ත්‍රස්තවාදීන් නේහාගේ සහ අන්කීත්ගේ මේ සැලැස්මට බලපාන්නේ කොහොමද කියලා දැනගන්නත් අනිවාර්‍යෙන්ම ඔබට Chor Nikal Ke Bhaga චිත්‍රපටය නරඹන්නම වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles