මලයාලම් අභිරහස් චිත්‍රපට පිස්සන්ට ගැලපෙන විදියේ ඔත්තුවක් අරගෙන. ක්‍රයිම් ත්‍රිලර් කියන ශානරය යටතේ නිකුත් කරලා තියෙන මේ චිත්‍රපටයේ නම, Officer on Duty. 2025 අලුතින්ම නිකුත් වුන, පටන් ගත්ත විනාඩියේ ඉඳන්ම එකම කුතුහලයෙන් බලන්න පුලුවන් මේ මලයාලම් චිත්‍රපටය ගැන අපි අද කතා කරමු.
ස්ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, ළමා අපචාර වගේ මාතෘකා ගැන මලයාලම් සිනමාව බොහොම සංවේදී විදියට කතා කරන බව මලයාලම් චිත්‍රපට ලෝලීන් දන්නවානේ. මේ චිත්‍රපටයත් ඒ වගේ සංවේදී කාරණාවක් වටේ තමයි ගෙතෙන්නේ. IMBD දර්ශකයේත් 7.5 ක් මේ වනකොටත් අත් පත් කරගෙන තියෙන මේ චිත්‍රපටය අනිවාර්‍යෙන්ම ඔබේ නැරඹුම් ගොනුවට ඇතුලත් කරගන්නම ඕනි.
පොලිස් ස්තානයේදීම එල්ලිලා මැරෙන නිළධාරියෙක්ගේ දර්ශනයක් තමයි, ඉස්සෙල්ලාම චිත්‍රපටයේ පෙන්නනේ. ලියුමක් ලියලා තියලා සියදිවි නසාගන්න මේ නිලධාරියා ගැන එවෙලේ වෙන හැඳින්වීමක් කෙරෙන්නේ නෑ.
ඊට පස්සේ චිත්‍රපටය වර්තමානයට එනවා. පොලිස් ස්තානයක් ඇතුළේ තමන්ගේ ඉහල නිලඳාරියා පිලිගන්න සූදානම් වෙන නිලඳාරීන් පිරිසක් එක්ක චිත්‍රපටය ඇරඹෙනවා. හරිශංකර් කියන පොලිස් නිළධාරියා තමන්ගේ අලුත් පත්වීම අරගෙන එන්න සූදානමින් ඉන්න පොලිස් ස්තානය තමයි ඒ.
ඒ අතරේදි පොලිස් කන්ඩායමක් බස් එකක් ලඟට යනවා. ඒ බස් එකේ උන්න ආච්චි කෙනෙක්ගේ රත්‍රන් මාලයක් ඒ බස් එකේම උන්න කාන්තාවන් දෙදෙනෙක් විසින් හොරකම් කරලා කියලා චෝදනාවක් කෙරෙනවා.
” මට විශ්වාසයි සර් ..මුන් දෙන්නා තමයි මගේ මාලේ හොරකම් කලේ…”
ඒ ආච්චි විශ්වාසයෙන්ම කියනවා.
” අනේ සර් අපි අනුන්ගේ දේවල් ගන්නේ මොකටද ?.. අපි නම් ගත්තේ නෑ ..”
මේ කාන්තාවෝ දෙන්නා එකහෙලාම එහෙම කියනවා. එතනදී ඒ ප්‍රශ්නේ විසඳගන්න අපහසු බව තේරුම් ගන්න පොලිස් කණ්ඩායම, මේ තුන් දෙනාවම පොලිසියට අරගෙන යනවා. ඒ ප්‍රශ්න කිරීම් කෙරෙන අතරේ අලුත් පොලිස් නිළධාරියා මේ පොලිස් ස්තානයට එනවා. ඒ ඇවිල්ලා තමන්ගේ කැබින් එකට යන අතරේදි හරිශංකර්ට ඇහෙනවා උස් හඬින් කිහිප දෙනෙක් කතා කරනවා. හරිශංකර් එතනට ගිහිල්ලා විස්තරේ ඇහුවම කෙනෙන් විස්තරේ කියනවා. ඊට පස්සේ හරිශංකර් අහනවා දැනට කාන්තා නිළධාරිනියන් කවුරුත්ම නැද්ද කියලා. දැණට සේවයට වාර්තා කරලා ඉන්න අය නැති බව දැනගත්තාම හරිශංකර්ම අර ගැහැණු කෙනාට කිට්ටු වෙලා කියනවා ආච්චිගේ මාලේ ගත්තා නම් දෙන්න කියලා.
” අනේ සර් .. මම ගත්තේ නෑ ..ඕනිනම් සර්ම චෙක් කරන්න ..”
මේ ගැහැණු කෙනා අමුතු විදියට එහෙම කිව්වාම හරිශංකර්ට තරහ යනවා. ඊට පස්සේ හරිශංකර් මේ ගෑණු කෙනාගේ කොණ්ඩෙන් අල්ලලා අරගෙන තර්ජනය කරනකොට ගැහැණු කෙනා තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්න බව පෙන්නවා. ඊට පස්සේ හරිශංකර් එතනින් යන්නේ ඒ ගැහැණු කෙනාට පයින් පාරක් ගහලා. ඒත් එක්කම එතන ඉන්න අනෙක් ගැහැණු කෙනා කෑ ගහනවා, ගහන්න එපා මාලේ තියෙන්නේ තමන් ළඟ කියලා.
මේ සිදුවීම එක්ක මුලු පොලිසියම අලුත් සී අයි මහත්තයා ගැන බයකින් තමයි ඉන්නේ. ඊට පස්සේ හරිශංකර් කැබින් එකේ ඉන්නකොට එක නිළඳාරියෙක් ලඩ්ඩු අරගෙන එනවා.
” සර් මේ මගේ දුව කැම්පස් තේරුන සතුටට .. සර් අර ගැහැණු කෙනා හොස්පිට්ල් ඇඩ්මිට් වුනොත් සර්ගේ ජොබ් එකකත් ප්‍රශ්නයක් වේවි .. ඒ නිසා ඒක කතා බහ කරලා බැලුවොත් හොඳයි නේද ?..”
” ජොබ් එක ගැන මම බලාගන්නම් .. තමුන් මෙතනින් යනවා..”
එහෙම කෝපයෙන් කියලා හරිශංකර් ඒ නිළධාරියාව පිටත් කරනවා.
ඒ අතරේඩ්දි මේ පොලිසියේම ඉන්න නිළධාරියෙක්, කාට හරි කෝල් කරලා හරිශංකර්ගේ හැසිරීම ගැන කියනවා. ඒත් එක්කම හරිශංකර් පොලිස් නිළධාරින් ඔක්කොමලාව කැඳවනවා.
” මේ පොලිසිය ඇතුලේ වෙන දේවල් එලියට කියන්න කවුරු හරි එඩිතර වුනොත්, රස්සාවෙන් යන්න වෙන්නේ නින්දා අපහාස එක්ක බවත් මතක තියාගන්න ..”
ඒත් එක්කම ඩෙල්ටා කියලා කෙනෙක්ගෙන් හරිශංකර්ට ඇමතුමක් එනවා,
” මම දන්නවා ඇයි කතා කලේ කියලා.. කරුණාකරලා මට මගේ විදියට වැඩ කරන්න දෙන්න .. එහෙම නැත්නම් තමුන් ඇවිල්ලා මෙතන වැඩ කරන්න ..”
ඊට පස්සේ ගැහැණු ළැමයෙක් චන්ද්‍රබානු කියන පුද්ගලයෙක් එක්ක පොලිසියට එනවා.
“සර් මෙයා මාලයක් උගස් කරන්න ආවා… මේක ඉමිටේෂන් එකක් ..”
ගැහැණු ළමයා කියනවා.
” නැහැ සර් .. මේක මගේ දුවගේ උපන්දිනේට මම හදවලා දුන්න පවුම් දෙකක මාලය .. මගේ නෝනාගේ ඔපරේශන් එකකට සල්ලි මදි නිසයි උගස් කරන්න හිතුවේ..”
හරිශංකර් දැඩිව විමසුවත් චන්ද්‍රබාහු නොබියව උත්තර දෙනවා. ඊට පස්සේ හරිශංකර් චන්ද්‍රබාහුගෙන් විස්තර අහනවා.
ඊට පස්සේ හරිශංකර් චන්ද්‍රබාහුගේ බිරිඳ ඉන්න රෝහලට යනවා. එතන ඉන්නවා චන්ද්‍රබාහුගේ දියණිය.
” මේ මාලේ ඔයාගේද ?..”
” ඔව් සර් .. තාත්තා අරගෙන දුන්නේ ..”
සහායක නිලධාරියෙක්ව රෝහල් පාලනාධිකාරිය එක්ක කතා කරන්න පිටත් කරලා අහ්‍රින අහ්‍රි ශංකර්, මේ ගැහැණු ළමයා එක්ක තනියෙන් කතා කරන්න අවශ්‍ය බව කියනවා. එතනදී මේ ගැහැණු ළමයා බයෙන් බයෙන් කතා කරනවා.
ඒ අතරේ රෝහල සමඟ කතා කරපු පොලිස් නිළධාරියා චන්ද්‍රබාහු මුණ ගැහෙනවා.
” කලබල වෙන්න එපා.. දැනට අතේ තියෙන ගාන ගෙවන්න .. ඉතුරු ටික පස්සේ ගෙවන විදියට කතා කරගත්තා ..”
මේ නිළධාරියා එහෙම කියනවා.
ඒත් එක්කම චන්ද්‍රබාහුගේ බිරිඳව සැත්කමට අරගෙන යන නිසා හරිශංකර් එක්ක කතා කරමින් උන්න දියණියටත් යන්න වෙනවා.
” නෝනාගේ ඔපරේශන් එක ඉවර වුනාම දුවවත් එක්කගෙන ස්ටේෂන් එකට එන්න …”
” ඇයි සර් ?..”
චන්ද්‍රබාහු එහෙම ඇහුවත්, පිළීතුරු නොදෙන හරිශංකර් පිටත්වෙලා ගිහින් මාලේ පින්තූර කිහිපයක් කාට හරි යවනවා.
” මේ වගේ මාලයක් උකස් කරලා හරි විකුනලා හරි තියෙනවාද හොයන්න ..”
ඒ යවන කෙනාටම පණිවිඩයකුත් යවනවා.
ඒ අතරේ මාලය උකස් කරපු කෙනා ගැන තොරතුරු හොයාගන්න අනෙක් නිළධාරින් වෙහෙසෙනවා. අන්තිමේදි ඔවුන් හොයාගන්නවා ඒ මාලේ එක්ක තව මාල දෙකක්ම උකස් කරලා බව. ඒ වගේම ඒ උකස් කිරීම කරලා තියෙන්නේ ගැහැණු ළමයෙක් බවත් ඔවුන් සොයාගන්නවා. ඒත් ඔවුන්ට ඒ ගැහැණු ළමයාව සම්බන්ධ කරගන්න නම් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔවුන් මේ සියලු තොරතුරු හරිශංකර්ට වහාම කියනවා.
” සර් චන්ද්‍රබාහු කියන කතාව හරි .. එයා මේ මාලේ මෙතනින් අරගෙන .. ඒ වගේම තව මාලයක් ජෝශප් කෙනෙකුත් අරගෙන . අනෙක් මාලේ ගත්ත කෙනා හොයාගන්න බැරි උනා…..”
මේ ජෝශප් කියන්නේ පොලිසියේදිම සිය දිවි නසාගත්ත නිළධාරියා බව වටහාගත්තාට පස්සේ හරිශංකර් ඔහුගේ නිවසට ගිහින් බිරිඳව හමුවෙනවා.
” මේ මාලේ මතකද ?..”
” ඔව් සර් .. මේක එයා දුවට අරගෙන දුන්න මාලයක් ..”
ජෝශප්ගේ බිරිඳ ඒක අඳුනගන්නවා.
“කෝ ඒ මාලේ ?…”
හරිශංකර් ඇහුවම ජෝශප්ගේ දියණිය කියනවා ක්ලාස් ගිහිල්ලා එනකොට යතුරු පැදියකින් ආව දෙන්නෙක් ඒ මාලේ කඩාගත්තා , තාත්තා එක්කම ගිහින් ස්ටේෂන් එකේ පැමිණිල්ලක් දැම්මා කියලත්.
ඊට පස්සේ හරිශංකර් පොලිසියට ඇවිල්ලා ඒ පැමිණිල්ල ගැන හොයන්න කියලා නිළධාරියෙකුට කියනවා.
ඉතින්… එතනට පස්සේ මේ මාල කතාව ඈදෙන්නේ හීනෙකින්වත් නොහිතන පැත්තකට. ඉතාම අමානුශික දිහාවකට.
ඒ ගැන දැනගන්න නම් ඔබට අලුතින්ම නිකුත් වෙලා තියෙන මේ අපුරූ චිත්‍රපටය නරඹන්නම වෙනවා.
ReplyForwardAdd reaction |