චොක්ලට් කේක් කන්න කැමති අයට සුභ ආරංචියක්

රසවත් ලස්සන චොක්ලට් කේක් කෑල්ලක් දැක්කොත් ඔබ මොකද කරන්නේ. සමහර අය විශ්වාස කරන්නේ චොකලට් කේක් කෑම ශරීරයට අහිතකර බව. එහෙත් නවතම අධ්‍යනයක් පෙන්වා දෙන්නේ උදෑසන ආහාරය සඳහා චොකලට් කේක් එකතුකර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සිදුවන බවයි. එසේම මනා ශරීර හැඩයක් පවත්වා ගැනීමටත් ඒ ආහාර පුරුද්ද හේතු වන බව එම අධ්‍යනය මෙහෙයවූ නිව්යෝක්හි syracuse විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙනවා.

මේ අධ්‍යනය සඳහා වයස අවුරුදු 23 සිට 100 දක්වා පරාසයක පුද්ගලයන් 968 දෙනෙකු සහභාගී කරගත්තා.කෙනෙකුගේ මොළය වර්ධනයට චොකලට් හේතු වන්නේ එහි අඩංගු ෆ්ලෑවනොයිඩ් (flavonoids) හේතුකොටගෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.මේ අධ්‍යනයේදී පර්යේෂකයන් කලේ පිරිසේ විවිධ කොටස්වලට විවිධ මට්ටම් වලින් චොකලට් කේක් කන්නට දෙමින් ඔවුන්ගේ සංජානන ක්‍රියා පිරික්සීමයි.

චොකලට් කේක් ආහාරයට ගත්,නොගත් ,සහ වැඩිපුර ආහාරයට ගත් ලෙස මේ පිරිස කාණ්ඩ ගතකෙරුණා.ප්‍රතිපල විශ්ලේෂණයේදී පෙනී ගියේ උදෑසන ආහාරය සඳහා වැඩියෙන් චොකලට් කේක් ආහාරයට ගත් අයගේ සංජානන ක්‍රියා,විශේෂයෙන්ම මතකය ඉතා ඉහළ මට්ටමක පැවති බවයි.එසේම ඔවුන්ගේ ශරීර හැඩය අන් අයට සාපේක්ෂව හොඳ මට්ටමක පැවති බවත් පෙනී ගියා.

කොහොම වෙතත් මෙහිදී සම්පුර්ණ උදය ආහාරය චොක්ලට් කේක් වලින් සමන්විත විය යුතුයැයි වරදවා වටහා ගත යුතු නැහැ.කේක් ගත යුත්තේ අතුරුපසක් ලෙස පමණයි .නැත්නම් සිරුරට අවශ්‍ය අනෙකුත් පෝෂණය නොලැබී යනවා.

අප රටේ තවමත් උදය ආහාරය සමඟ අතුරුපසක් ගැනීමේ සංස්කෘතියක් ගොඩ නැගී නැති නිසා බොහෝ දෙනාට මෙය ආගන්තුක අත්දැකීමක් වෙනවා .නමුත් මීට පසු හැකියාවක් ඇත්නම් උදෑසන ආහාරයට අතුරුපසක් ලෙස චොක්ලට් කේක් කෑල්ලක් මේසයට ආවොත් වාසි රැසක් අත්වන බවයි අපට නම් කියන්න වෙන්නේ .

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles