Smart Me

නට්ස්  වර්ග අතරින් ඉතාමත් ප්‍රසිද්ධ ආමන්ඩ් ඇට ශරීරයේ අත්‍යාවශ්‍ය කෘත්‍යන් රැසක් සිදු කිරීමට දායක වන පෝෂක අඩංගු පෝෂ්‍ය ගබඩාවක් ලෙස හදුන්වන්න පුලුවන් . ආමන්ඩ්  ඇට වල ශරීරයට අත්‍යාවශ්‍ය ලිපිඩ,විටමින් ,ප්‍රෝටීන. හා තන්තු ද ස්වල්ප වශයෙන් මැග්නීසියම් ,මැංගනීස්,කොපර් හා පොස්පරස් අඩංගු වෙනවා. ආමන්ඩ් ඇට රොස්ට් කර හෝ අමු ආමන්ඩ් ඇට...
හොඳ නින්දක් ලබා ගන්න අපිට මෙන්න මේ දේවල් කරන්න පුලුවන් . නින්දට පෙර උණුසුම් ජලය ස්නානය කිරීම හෝ ඇඟ සේදීම. එකවර ශරීරයේ උෂ්ණත්වය නැගීම සහ ඉන් අනතුරුව සෙමින් උෂ්ණත්වය සෙමින් බැසයාම නින්ද ඇතිකිරීමට හේතුවක් . මෘදු සංගීතයට සවන් දෙන්න. ඝෝෂාකාරී සංගීතය මගහරින්න. නින්දට පෙර සෙමින් ශරීරය ඇදෙන සේ ව්‍යායාම...
ශරීරයේ උළුක්කුවක් හෝ ඇදීමක් සිදුනොවුන කෙනෙක් සොයාගැනීමට අපහසු තරම්. ඒ තරමටම, උළුක්කුව සහ ඇදීම යනු නිතර සිදුවන අනතුරක් . එමනිසා, උළුක්කුවක් හෝ ඇදීමක් සිදුවුවහොත්, ඔබ කළ යුතු කුමක්ද යන්න දැනගැනීම වැදගත් . උළුක්කුවක් (Sprain) යනු කුමක්ද? උළුක්කුවක් යනු සන්ධියක ඇති අස්ථි හෙවත් ඇට එකිනෙක සම්බන්ධ කරන අස්ථි බන්ධනි (Ligaments) වලට සිදුවන අනතුරක්...
විටමින් කියන්නෙ බොහෝ දෙනෙක් නැතුවම බැරි බව සිතන දෙයක්.මේ නිසා බොහෝ  දෙනෙක් පිටතින් විටමින් ලබාගන්න ට පෙලඹෙනවා.ඉතින් ඒ නිසා මේ තොරතුරු විටමින් ගැනයි. විටමින් ප්‍රභේද කිහිපයක් තිබෙනවා . විටමින් වර්ග වශයෙන් ගත්තොත් ඒ  බී සී ඩී සකේ පී වශයෙන් තියෙනවා ඒ වගේම විටමින්  බී කාණ්ඩයේ විටමින් වර්ග කිහිපයක්ම තියෙනවා . අප...
ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න හේතු කීපයක්ම බලපානවා. ක්‍රමවත් ආහාර රටාවක් නැති වීම,  ක්ශණික ආහාර වලට හුරු වීම, ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම, ගන්නා ආහාර හොඳින් සැපීමක් නොකර කලබලයට ගිල දැමීම, අධික මත් පැන් පානය, නිතර වමනය කිරීම, ඇතැම් බෙහෙත් වර්ග, මානසික පීඩනය වගේ හේතු නිසා ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. කුමන හේතුවක්...
කොරෝනා වෛරසය නිසා රටම ඉන්නේ කැළඹීමෙන්. මුහුණු ආවරණ හිඟ වීම නිසා බියට පත් වෙලා ඉන්න ඔබට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයෙන් ලබා දීලා තියන පණිවිඩය තමයි "කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න වඩාත් ම වැදගත් වෙන්නේ මුහුණු ආවරණ පැළඳීම නොව දෑත් පිරිසිදු ව තියා ගැනීම" කියන දේ. නිවැරදිව දෑත් සේදීම ගැන ඔබව...
මේවායින් කරන්නේ ඇ‍ඟේ තියෙන ස්වභාවික හෝමෝන චක්‍රයට බලපෑමක් කරලා ගැබ් ගැනීමක් වැළැක්වීම බව ඔබ දන්නවා ඇති. මේ පෙති පැකට් එකක පෙති 28 ක් තියෙනවා. ඒ කියන්නේ කාන්තාවකගේ සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණනට අනුව තමයි මේ පෙති පෙළ ගස්වලා තියෙන්නේ. පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් පෙති ලබා ගන්න. හැම දවසකම...
ශරීරයේ බර,නිරෝගීතාව ගැන කතා කරන විට නිරන්තරයෙන්ම ඇසෙන අකුරු තුනක් තිබෙනවා. ඒතමා BMI. පොඩ්ඩක් හරියටම දැනගමු .මේ මොකද්ද ? මොකද්ද මේ BMI? උසට සරිලන බරක් තිබෙනවා දැයි පරික්ශා කරන සරලම ක්‍රමය වන්නේ මෙයයි.මෙයට සිංහලෙන් කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය. කොහොමද BMI එක හොයාගන්නෙ? මුලින්ම ඔබේ  බර කිලෝග්‍රෑම් වලින් අර ගන්න අරගෙන ඊළඟට ඔබේ  උස...
මේ දිනවල බොහෝ දෙන දෙනා ඉන්ෆ්ලුවන්සාව නම් රෝගයෙන් පෙළෙන බව ඔබ දන්නවා. ඉතින් ගෘහණියක ලෙස මේ පිළිබඳ අවබෝධයක් තිබීම ඔබට හරිම වැදගත් . මොකක්ද මේ රෝගය? මෙය වෛරස් ආසාදන නිසා ඇතිවන රෝගී තත්ත්වයක් . ශ්වසන පද්ධතිය ආශ්‍රිතව මෙම රෝගය හට ගන්නවා.මේ මාරාන්තික තත්ත්වයක් නෙවෙයි.නමුත් සමහර වයස් කාණ්ඩ හා පිරිහුනු සෞඛ්‍ය තත්වයේ...
ග්‍රීන් ටී එහෙම නැත්නම් කොළ පාට තේ කියන්නේ අද ඉතාමත් ජනප්‍රිය පානයක්.සුන්දර සිරුරක් හිමි කර ගැනීමට හැමෝම කැමතියි . ඒ සඳහා ඇති වූ රැල්ලේ ප්‍රධාන පානයක් ලෙස ග්‍රීන් ටී හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් කිසිවකු කී පමණින් ම පානය කරන්නට පෙර හරියටම දැනගෙන පානය කිරීම නේද ඉතාමත් ම සුදුසු ? ඔබ...