කෝසලා ගුරු විවේකාගාරයට ඇවිත් වාඩි උනේ අතේ තිබුන පොත් කන්ද මේසේ උඩට අතාරින ගමන්.
" දැන් ඉතිං මේ ඔක්කොම බලන්න එපැයි "
ඇගේ හිත කිව්වා.අපිළිවෙල සාරි පොටින් මූනේ තැවරුණ දාඩිය බිඳු පිස ගත්ත කෝසලා කාලසටහන දිහා බැලුවා. සාමාන්‍ය පෙළ පන්තියක කාලච්ඡේද දෙකක් ඊළඟට ඇයට වෙන්වෙලා තිබුණා.
" කෝසලා ඔයා අසනීපෙන්ද ?"
ඉගැන්වීම් කටයුත්තක්...
"වෙලාව නවයත් පහු වෙලා.යසයි ගෑනු ළමයි නිදා ගන්න තරම්.."
නැන්දම්මාගේ කෑගැහිල්ල ඇහුණු මධූ මල්වලට වතුර දාන ගමන් ගේ ඇතුළට එබුණා.මේ ගෙදරට එන්න කලින් නිවාඩු දවසට ටිකක් දවල් වෙනකන් නිදාගත්තු දවස් ඇයට දැන් හීනයක් වගේ.නැන්දම්මා ඔහොම කෑගහන්න ගත්තු නිසා දැන් මධූ ඉන්නේ නැන්දම්මාට ඕනෑ හැටියට.එක අතකට මේවා රදීෂ්ගෙත් වැරදි! මධූව මෙහෙ...
නතාශා කණ්නාඩිය ඉස්සරහට වෙලා සුදු සාරියේ රැළි හැදුවා.වෙනදට තමන් කොච්චර නම් මේ කණ්නාඩිය ඉස්සරහ හැඩ වෙනවද ? ඒත් අද යන ගමන ගැන නතාශාට තිබුනේ හිස් හැඟීමක්
" අම්මා. අද තාත්තා එනවද ? "
අවුරුදු හතර සම්පූර්ණ කරපු නිවුන් දියණියන් දෙන්නා කාමරේ දොර ගාව හිටගෙන හිටියා
" මම යන්නේ තාත්තාව හම්බ වෙන්න තමයි...
"චාරුනී අක්කලා කෑම එවලා.බෙදාගෙන එන්නං.."
උත්පලා ගේට්ටුවෙන් එළියේ තිබුණු පුටුව උඩ තිබුණු මල්ලත් අරන් එන ගමන් කසුන්ට කිව්වා.කාමරයේ ඉන්න කසුන් ඔලුව වනනකොට උත්පලාට දුකයි.ඒ වගේම බයත් නැතුවාම නෙවෙයි.
"ඔයාට අමාරුවක් නෑ නේද?"
කසුන් එහෙම අහලා මැසේජස් කීයක්නම් එවනවද? වසංගතයක් කරපු හරියක්! ගේ ඇතුළේ ඉන්න වෙන්නෙත් වෙනම.නොදන්න මිනිස්සු වගේ.
"ඔයාටනෙ අමාරුවක් නැති වෙන්න ඕන.."
කසුන්ගේ...
ඇඳේ නිදන පුංචි පුතා දිහා බලාගෙන අයෝමි පාන්දර තුනත් පහු කළා.
" අයෝමී ඔයා නිදාගන්නෙ නැද්ද ? "
කාමරේට එබුන මයන්ත ඇහුවේ අයෝමි ගැන උපන්න හැබෑම දුකෙන්
" මට නිදිමත නැහැ මයන්ත.මම සිතිජ ගාව ඉන්නම්.ඔයා දුව ගාවට යන්නකෝ. එයා මේ වෙලාවේ ඇහැරුණොත් එහෙම මට සිතිජ ගාව ඉන්න වෙන්නේ නැහැ "
" දැන් එයාගෙ...
"ඔය ළමයි දෙන්නා මොකද ඔය ළං වෙලා කුටු කුටු ගාන්නේ"
කමනි ඇහුවේ පාඩම අතරමැද මේසෙට ඔළුව ඔබාගෙන කියවන ස්නේහාගෙනුත් මල්මිගෙනුත්.මල්මි ඉක්මනින් නැගිට්ටේ ගුරුතුමීගේ මුහුණ එච්චර හොඳ නැති නිසා.
"ස්නේහාගේ ඔළුව රිදෙනවලු මිස්.ඊයේ රෑ වෙනකම් පාඩම් කරාලු.."
මල්මි එහෙම කියනකොට පන්ති කාමරයේ කෙළවරකින් වේදනා නාශක ආලේපයක් ස්නේහලාගේ පැත්තට ආවා.මල්මි බාම් ටිකක් අතට අරගෙන...
"සා…රා…අනේ කෙ…ල්…ලේ…"
මනීශාට කියන්න ලැබුණේ එපමණයි.
'ක්….රී….ස්….'
විශාල ශබ්දයක්ද සමඟින් හසුරුවා ගන්නට නොහැකි වුණ කාරය සාරාංගිවද යටකරමින් මඳ දුරක් ඉදිරියට ගියා.
* * * * * * * * * *
"නී…ශා…."
"අනේ දෙවියනේ…ඇති යාන්තම්…මම හොඳටම බය වුණා…"
"මොකද නීශා මට උනේ…"
අමාරුවෙන් වචන ගලපාගනිමින් කතා කල සාරාංගි සිදුවුණු සිදුවීම ගලපාගන්න උත්සාහ කළා.
"වැඩිය කතා කරන්න එපා සාරා.අපි...
තක්ෂිලා වැරැන්ඩා එකට ආවේ පළතුරු යුෂ වීදුරුවක රස බලන ගමන්.මිදුලෙ කෙලවරේ උදැල්ලක් අතැතිව හිටපු අලුත් මෙහෙකාරිය සුභාවත් මව වුන කාන්ති වත් තක්ෂිලා දැක්කෙ ඒ වෙලාවෙ.කාන්ති විසින් සුභාට මොනවදෝ අණ කරන හැටි තක්ෂිලා පැහැදිලිව දැක්කා
" අම්මා . පොඩ්ඩක් මෙහාට එන්නකෝ "
තක්ෂිලා කතා කළේ උස් හඬින්.ඒ හඬට කාන්ති වැරන්ඩා එකට ආවේ...
"මේ සින්දුව අහලා හිත හදා ගන්න හසරැල්.."
හිතට දැනෙන මහා වේදනාව එක්ක යාළුවෝ ළඟට ආවම යාළු පොකුරේ වට්ස් ඇප් ගෘප් එකේ තිබුණේ ඒ පණිවිඩය විතරයි.හැමෝම තම තමන්ගේ දුක් වේදනා, සතුට,ප්‍රශ්න අමතක කරලා හසරැල්ට "හන්තානෙට පායන සඳ" අහන්න යෝජනා කරලා.
"දැන් ඉතින් හසරැල්‍ට කඳුලැල් වෙන්න තමයි ඉතුරු.."
ආමන්ත එහෙම එවලා තිබ්බේ හිනා ස්ටිකර්...
නර්මදා උදේ පාන්දර තේ බොන්න හිතාගෙන කුස්සියට එද්දි ඇගේ අම්මා මාලනී කල්පනා සහගතව ලිපේ තිබුණු ව්‍යාංජනයක් හැඳි ගාමින් හිටියා
" අම්මා? මොකද අනේ ? "
" ආ.. චූටි.. තේ එක මේසේ උඩ "
" මම ඇහුවේ තේ එකක් ගැන නෙමෙයි.ඔයා මොකද නිකන් අවුලෙන් වගෙ කියලා ?"
" ලොකූ ඔයාගේ කසාදෙට එන්නේ නෑ කියන්නේ...