මගේ ඉල්ලීමකින් තොරව ම සංකල්ප මීදුම් දුමාරයේ ගීතයේ හඬ තැන්පතුවක් මවෙත එවා තිබුණේ ය. මුළු රාත්‍රිය පුරා ම නිදි වරමින් මම එය ශ්‍රවනය කළෙමි. මේ වගේ නින්ද බෝ දුර, මුළු ආකාශය ම දෑස් ඉදිරියේ දිස් වන රාත්‍රියක, රෝහල් කුටියක හිඳ එය අසමින් මා සිතින් සිටියේ රත්නපුරයේ මීදුම ගලන කඳු...
සූරියකන්ද මාර්ගය දිගේ යත්දී දකිත හැකි සුන්දරත්වය, පසු ගිය වතාවේ දී ට වඩා මේ වතාවේ දී මට විඳිත හැකි විය. කිසිත් වෙනස් වී තිබුණා නොවේ. නමුත් එදා ට වඩා අද මගේ හිත නිදහස් වග මට දැනේ. එදා මේ රියේ අද මා හිඳ ඉන්නා තැන හිටියේ මල්ෂා ය. ඇගේ සිහිනය...
අයියා අම්මා ට කියා ඇත්තේ මා සංකල්ප සමගින් සම්බන්ධයක් ඇති බව සහතික ය කියා ය. ඉතා කුඩා නිවාඩු නිකේතනයක් ජීවිකාව වශයෙන් කර ගෙන යන්නා වූ ඔහු වන් නිකමෙකුට කිසි සේත් මා දිය නො හැකි බවයි. අපේ ව්‍යාපාර වල කිසිදු අවශ්‍යතාවයක් නැති දොස්තර මහත්තයා ට මා තිර ලෙස ම විවාපත්...
ඒ හැන්දෑවේ මා හිටියේ හයිලන්ඩ් ගෙස්ට් හි ඉදිරිපස මායිමේ ගල් බැම්ම මත හිඳ ගෙන ය. ඒ ගල් බැම්ම බෝ පැරණි එකකි. කළු ගල් එකට සම්බන්ධ කළ බදාම තට්ටුව මත පාසි බැඳී තද කොළ පාටට දිලිසිණි. මම ඒ පාසි තට්ටු මත සිනිඳු ලෙස දබරැඟිල්ල දිවැවීමි.
මට අඩියක් තරම් දුරින් හිඳ උන්...
මා අවිස්සාවේල්ල හරියේ දී අම්මා ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. මගේ හිත තිබුණේ එක තැනකට ගොනු කළ නො හැකි තරමට එහෙ මෙහෙ විසිරී ගොසිනි. අම්මා එක්ක කතා කරන්නට තරම් හෝ එකත්පස් බවක් මවෙත නො විණි. මා පාලනය කිරීමට තැත් දරමින් අවි අමෝරා ගෙන එන ලෝකයෙන් ඈත් වී පැන දිවීම...
මම හදිසි තීරණයක් ගත්තෙමි. ඒ යළි ගුවන් විදුලි නාලිකාවේ වැඩට යන්නට ය. අම්මා මේ ගැන අතිශය ප්‍රීතියට පත් බවක් පෙනිණ.
"මොනා වුණත් උත්තරා මෝඩ ළමයෙක් නෙවෙයි කියල මං දන්නව"
ඕ තොමෝ ආඩම්බරයෙන් කීවා ය. නමුත් මා ගත් තීරණය ගැන අයියා ගේ බිරිඳ ප්‍රියංවදා අසහනයට පත් බවක් පෙනිණ.
"විකාර. බලාගෙන යනකොට ඔක්කොම සංදර්ශන...
ඒ වෙලාවේ නුගේගොඩ හන්දිය අතිශයින් ජනාකීර්ණ වූයේ ය. නමුත් සංකල්ප වෙත දිව යන මොහොතේ දී මට දැනුණේ අප අවට වෙන කිසිවෙකුත් නැත්තා මෙනි. සැබවින් මා කිසිවෙකු දුටුවේ නැත. තද නිල් පාට නගරාන්තර බසයක් පමණක් මට දර්ශනය වූයේ ය. ඒ හැරෙන්නට මා දුටුවේ ඔහු ව පමණි. සංකල්ප ව පමණකි.
"උත්තරා..."
සිහින් වූ...
රක්වාන සූරිය කන්ද මාර්ගයේ මන්මත් කරනා දර්ශනයන් නෙතින් දකිත්දී ත් මගේ හදවත මත පැටවී තිබි බර කුමක් දැයි ප්‍රශ්න කරන්නට මට ඕන වුණේ නැත. ඇදුම් කන හිතක් සිනහවකින් වසා ගෙන හිඳීම අමුතු දෙයකි. මා මීට පෙර කිසි ම දිනෙක මෙවන් තත්වයක් අත් විඳ නොමැත්තෙමි. මගේ හදවත නිරන්තර සැහැල්ලුවක තිබුණේ...
පසු දා වන විට මා බෙහෙවින් සුව අතට හැරී තිබුණේ ය. නමුත් අමුතු රිදුමක් වාගේ දෙයක් පපුවේ හිර වී ඇති බවක් ද නො දැනුණා නොවේ.
අයියා කියන්නේ අප්පච්චි වාගේ නම්‍යශීලී මිනිසෙකු නොවේ. ඔහු තරමක් දැඩි ය. විවාහය කියන මාතෘකාවේ දී අප්පච්චි එක්ක ඔට්ටු තාං කරන්නට මට හැකි විය. එය අම්මා...