අපේ පස් වන විවාහ සංවත්සරය අදට යෙදී තිබේ. මම අන්තර්ජාලයෙන් වෙනස් කෑම වට්ටෝරු පීරමින්, අද රාත්‍රී භෝජනය වෙනුවෙන් තනන්නට ආහාර වට්ටෝරු කිහිපයක් තෝරා ගතිමි. රෑ කෑම පිළියෙල කරන්න ට මා සූදානම් වන්නේ දවල් සිට ය. නීලම්මා අත් උදව් දෙන්නට ආවත් මම ඇගෙන් වැඩි වැඩක් නො ගත්තෙමි. කොහොමටත් ඈ දැන්...
හැම දේ ම සිදු වූයේ ටිකක් ඉක්මනට හා අමුතු විදිහකට ය. ජීවිතය කියන්නේ එහෙම දේකට යයි හිතන්නට මට ඕන විය. මීට හාර පස් මසකට පෙර සිටි මා, අප්පච්චි ගේ මරණයත් එක්ක මුළුමනින් වෙනස් විය. ඇතැම් විට මගේ ම අම්මා පවා මා උමතු වී ගෙන එනවා දැයි සිතන තරමට ඒ...
මල්ෂා ගේ ඉකි බිඳුම් හඬ මගේ සවනෙන් රිංගා ඇතුළාන්තයට කිඳා බැස, සංවේදී සෛල උත්තේජනය කරන්නට වූයේ ය.
"මල්ෂා...අනේ නංගි ඇයි මේ අඬන්නෙ..."
අම්මා ත්, කෑම මේසයේ අඩු වැඩිය සපයමින් උන් නීලා ත් දෙදෙන ම එක වර මදෙස බැලූහ.
"අක්කී...බලන්නකො...සංකල්ප කියනව එයා ආදරේ කරන කෙනෙක් ඉන්නවලු. ඒ මං නෙවෙයිලු"
"දරුවො...ඉතිං ඒකට අඬල වැඩක් නෑ...
රෑ මැදියමේ අරඹුණ වැස්ස උදේ මා අවදි වෙත්දීත් වහිමින් තිබුණේ ය. ජනේල තිර රෙදි අතරින් පෙනුණ අහස මුළුමනින් මන්දාරම් ව තිබිණි. තව ටිකක් ඇඳේ ගුලි ගැසී ගෙන මම ඇස් පියා ගතිමි. ඒ වුණත් මට සංකල්ප ගේ රුව පෙනුණේ ය. ඊයේ නින්දට පෙර දුරකතනය මට මුමුණා කී ඔහු ගේ කතාව...
දැඩි තීරණයක් ගැනීමේ හැකියාව මට තිබුණේ ය. අයියා ට ඕන දෙයක් කර ගන්න යයි කියා, රියට නැගී පිට ව රත්නපුරයෙන් නවතින්නට බැරි කමක් මට නැත. නමුත් සිතිය යුතු වූයේ ඉන් පසු උදා විය හැකි තත්වයන් ගැනයි. අම්මා දැන් හදවත් රෝගියෙකි. අප අතරේ ඇති වන සුළු ප්රශ්නයක් මත වුව ඇය...
අම්මා බලන්න ට සංකල්ප රෝහලට ආවේ ය. ඔහු දුටු අම්මා ගේ වත ලස්සන සිනහවකින් පිපිණි. ඔහු ආ එක ගැන ඇය සතුටු වන බවට ඒ සිනහව මැනවින් සාක්ෂි දැරුවේ ය. දින කිහිපයකින් ඔහු නොදුටු මගේ දෑස් කෙතරම් විඩා පත් ව සිටින්නට ඇත්ද කියා මා තේරුම් ගත්තේ ත් ඔහු දුටු මතින්...
කෑම මේසය සූදානම් වෙන තුරු අපි තිදෙන බරාඳයට වී කතා කරමින් සිටියෙමු. තිදෙනා කීවාට වැඩිපුර කතා කළේ අම්මා හා සංකල්ප ය. මා නිහඬ ව අසා සිටියා පමණකි. ඔවුන් වැඩිපුර කතා කළේ රත්නපුරයේ පරණ අසල්වැසියන් ගැන ය. අම්මා ගේ අතීත මතක අස් කොන් පාදා සංකල්ප ඒවා අලුත් කර දුන්නේ ය....
රැහැයියෝ නො කඩවා ගී ගැයූහ. කනාමැදිරියෝ එළියත් අර ගෙන ම අඳුරේ මිහිර විඳිමින් අවකාශයේ සැරිසැරූහ. ගෙමිදුලෙහි වවා ඇති අටෝරාසියක් මල් වලින් නික්මී, ශීත වායු අංශු වල මුහු වූ මල් සුවඳ, වෙන් කර හැඳින ගත නො හැකි සුසුවඳක් නාස් පුඬු මත තවරමින් හමා ගියේ ය. සඳ නැති අහසේ තාරකා නුගිනුරා...
මා කොළඹ ගෙදරින් නික්ම එන්නට පෙර උදේ කෑමට මේසයට හිඳ ගනිත්දී, එහි කිරිබත් වූයේ ය. කිරිබත් සමග උම්බලකඩ දැමූ ලුණු මිරිසත් මාළු ඇඹුල් තියලත් මගේ ප්රියතම ආහාරයකි.
"මං අද යන නිසා සුජාතා කිරිබත් හදල"
අම්මා කෑම මේසයට ආවේ මා එහෙම කියන කොට ම ය.
"හැපි බර්ත් ඩේ උත්තරා. අප්පච්චි නැතුව ඔයාට උපන්...
සංකල්ප අතේ තිබූ බෑග් එක ගෙන මම ඉන් ඔරලෝසු පෙට්ටිය පිටතට ගතිමි. පරිස්සමට ඉන් අත් ඔරලෝසුව ගත් මම, සංකල්ප ගේ වමත ගෙන එය පැළැන්දුවෙමි. රෝම වලින් ගහන වූ ඒ තලඑළළු අතට, රන් හා රිදී පැහැයන් මිශ්ර වූ එම ඔරලෝසුව කදිමට ගැලපුණේ ය.
"ටවුන් එකේදී ඔරලෝසු හදන තැනකට දීල මේකෙ බෙල්ට්...