පවුලේ ඥාතියකු ගේ අවසාන කටයුතු කිරීමෙන් පසු ගෙදරක ඇති වෙන මහා මුස්පේන්තු පාළු ස්වභාවය කෙතෙක් ද, අවමගුලක් සිදු නොවී ම ඔබේසේකර මැදුර ඒ අඳුරෙන් අරක් ගනු ලැබිණ. ඩෙස්මන් හිටයේ බොහෝ දුරට සුව අතට හැරී ගෙන එමිනි. නමුත් උන් හිටි ගමන් නැවතත් අංශභාග රෝගයට ගොදුරු වූවා සේ ඔහු අප්‍රාණික ව...
එළඹෙන්නට නියමිත අනාගතය අතීතයටත් වඩා බියකරු විය හැකි බව නිකිනි ට දැනිණ. විදත් විසින් මංජුල ට කතා කරනු ලැබූ ආකාරය පිළිබඳව ලැබෙන්නට නියමිත ප්‍රතිඵල ඒ තරම් හොඳ වන්නට බැරි බව ද ඇය දැන සිටියා ය. ආර්ථික හා සමාජයීය තත්වය කෙබඳු වී ද ඔබේසේකර මැදුර තුළ කිසියම් සම්ප්‍රදායික බවක් ක්‍රියාත්මක...
සිය හද ගැස්ම ඒ තරමින් තීව්‍ර වූ වෙනත් දිනක් තිබිණි දැයි නිකිනි ට සිහිපත් කර ගත නො හැකි තරම ය. වසර විසි පහක් තිහක් තිස්සේ සිය හදවත අරක් ගෙන ජීවත් වූ මිනිසාත්, වසර හත අටක් තිස්සේ සිය ජීවිතය අයිති කර ගෙන සිටි මිනිසා ත් යන දෙදෙනා එක වර එක...
කර්කෂ වියළි දේශගුණ තත්ව යටතේ මලක් මැල වී තිබෙන්නේත්, සෞම්‍ය දේශගුණයට එළඹි කල එය ප්‍රාණවත් වී නැවුම් ව සුවඳ විහිදුවා ලන්නේ යම් සේ ද, කඳුකරයේ සිහිලැල් පරිසරයේ දී නිකිනි ද අලුතෙන් ම විකසිත වී සිටියා ය. ඇය ඩෙස්මන් හා සුමනා ගැන සොයා බැලුවේ වෙනදාට ත් වැඩි උනන්දුවෙනි. විනෝද ගමනක්...
සදිසා ඉංග්‍රීසි ගීයක් ගැයුවා ය. පාලිකා දියණිය දෙසත් විදත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ආඩම්බරයෙනි. නිකිනි සිටියේ අසුනේ දකුණු පසට වන්නට වීදුරු කවුළුව අයිනේ, වීදුරුව දෙසට හේත්තු වී හිඳ ගෙන ය. ගුවනි එක්ක කතා කරන මුවාවෙන් එහෙම හිඳ සිටියාට, එතකොට ඇයට පසු පස අසුනේ වම් පැත්තේ කවුළුව ළඟ හිඳ සිටින...
සහස් කෙතෙක් කීවත් ඔවුන් සිව් දෙනා පමණක් යන විනෝද ගමනකට නිකිනි එකඟ වූයේ නැත. තවමත් මංජුල ගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස පවතිමින් එවන් ගමනක් සඳහා සහභාගී වීම ඇගේ හිතට එකඟ වූයේ නැත. අනිත් අතට ඔබේසේකර මැදුරේ පිරිවර පවා ඒ ගැන කෙබඳු අදහසක් දරාවි දැයි ඇය බිය වූවා ය.
"හයි...යෝ...මහ ලොකු නිදහස්...
ගොඩනැගිල්ලෙහි මතු මහලේ විසල් වීදුරු බිත්තියෙන් පෙනෙන නගරය සහ වීදිය, සංචලනය වන චිත්‍රයක් මෙනි. මිනිස්සු කුහුඹුවන් මෙන් කඩිනමෙන් ඒ මේ අත යති. ඔවුන් ගේ හිත් ඇතුළේ කවරාකාර සිතිවිලි හා බලාපොරොත්තු කුළු ගැන් වී ඇත් දැයි කාට නම් කිව හැකි ද? පිටතින් බැලූ කල ඒ සෑම මිනිසෙකු ම එක හා...
ඇට්ටේරියා මල් සුවඳක් පා ව ආවේ ය. ඒ කැටිව ආ සුළඟ සුවදායක විණි. නිකිනි සිය දෑස් විවර කොට බැලුවා ය. ඒ මොහොතේත් ඈ ඉදිරියේ මහා පෞරුෂයක් ව සිට ගෙන සිටියේ විදත් ය. ඔහු ගේ ඇස් සිහින් වී එක එල්ලේ ඈ මත ම පතිත වී තිබිණි. ඔය බැල්මට වසඟ වී...
නිකිනි ට දැනුණේ සිය දෙපා මත රාත්තල් සිය ගණනක බරක් ගැට ගසා ඇතිවා මෙනි. කෙසේ නමුත් ඕ ඒ දෙපා අද්ද අද්දා සෝෆාව වෙත පිවිසියා ය. කාන්දම් බලයකින් සේ ඇගේ ඇස් විදත් ගේ ඇස් වල ඇලී තිබුණේ ය. විදත් ගේ පිරිමි ඇස් වල දඩබ්බර හිතුවක්කාර බවක් විය. ඒ හරියට උසස්...
දුරකතනය දිගට ම හැඬවෙමින් තිබිණ. ගුවනි පසු වන්නේ දෙගිඩියාවක බව නිකිනි ට දැනුණේ ය. තමන් ඉදිරියේ මංජුල සමග දොඩමළු වීමේ අපහසු තාවයක් ඇය ට දැනෙනවා වන්නට පුළුවන.
"ඔයා කතා කරන්නකො...මං එන්නං"
කියා ගෙන නිකිනි කාමරයෙන් නික්ම තනත්දී ම ගුවනි ඇගේ අත් ගොබයෙන් ඇල්ලුවා ය.
"මිස් ඉන්න"
එහෙම කියමින් ම ගුවනි ස්පීකර් ක්‍රියාත්මක කොට...