Novels

තුරුලි උත්සව ශාලාව කොණකට වී එදෙස බලා හුන්නේ දෑස තෙත් වීම වළකා ගන්නට තැත් දරමිනි. නංගි පෝරුවේ සිටි මොහොත පවුලට උදාවූ සුන්දරම මොහොත බව ඈ සිතුවා ය.දෙඅත පටලා පෙර පාසල් ද එතැනින් පාසල් ද ගිය දවස් ඈ සිහි කළා ය.අම්මා ප්‍රවේසමෙන් නිරීක්ෂණය කරන්නැයි කී පැල්ලම අක්කාගේ ගවුමේ තැවරී තිබියදී...
ශෙනාලි ගේ යහපත් මානසිකත්වය වෙනුවෙන්, ඇය ගේ පියා ජයශාන්ත මහතා නො වන බව නො පවසා සිටින්නට පිය පුතුවරු තීරණය කළහ. සිතිජ ද සිය පියා සේ ම තවත් කෙනෙකු ගේ හදවත කෙරේ සංවේදී ව හැසිරිය හැකි කෙනෙකු වීම ගැන මට සතුටක් විය. නමුත් ශෙනාලි ගේ මාන්නාධික බව මට්ටු කළ යුතු...
එරංගා අසීරු දවස් ගෙවන්නට පටන් ගත්තා ය. බිරිඳ ගැබිණියක වූ ආරංචිය ලැබී සන්තෝසයෙන් ඉපිලෙන සැමියෙකු ඇයට ලැබුණේ නැත. "ජීවිතේ පටන් ගන්නම වෙන්නෙ ළමයෙක් කර ගහගෙන..මොන මඟුලක්ද ඕයි!" ආදිත්‍ය අසද්දී ඈ කැළඹුණා ය.පවුලේ අයට විරුද්ධ වී කරගත් විවාහයක් නිසා පවුලේ කිසිවෙක් ඈ දකින්නට මනාපයක් නැත.නොකඩවා වමනය යන දිනවල අම්මා උයන යමක් කන්නට...
තේ කෝප්පයේ නිවී ගොස් තිබි අර්ධයෙන් එක් උගුරක් පාණය කළ රෝස්මරී නැගී උන්නා ය. උස් හීන්දෑරි සුදුමැළි ගැහැනියක වන ඇය ව මට පෙනුණේ පරඬලා පතක් සේ ය. මට තව වචනයක් හෝ නොකී ඕ අවන් හලෙන් නික්මෙන්නට පෙර සිතිජ දෙසට එක බැල්මකුදු හෙළුවා දැයි මා දන්නේ නැත.  එතෙක් අප්‍රාණික ව වාගේ...
සඳලිගේ විවාහ මංගලෝත්සවයට සතියකටත් අඩු කාලයක් ඉතිරිව තිබූ දවසක තුරුලි උදෑසනම රැකියා ස්ථානයට ආවේ බොහෝ වැඩකටයුතු ගැන සිහි කරමිනි.එරංගා මේසයට හිස ගසාගෙන හිඳින අන්දම දුටු ඈ මඳක් නැවතී එදෙස බැලුවා ය.දැන් ඈ විවාපත් වී මසකට වඩා ගෙවී ගොස් ය.සෑම විටෙකම බොහෝ වෙහෙසකින් හිඳින බව පෙනෙන එරංගා සමඟ කතා බහට...
ටකරන් වහළය මතට වැහි වතුර වැටීම නිසා උස් හඬක් නැගුණේ ය. පන්තිය සඳහා ඉදි කර ඇති ටකරන් මඩුවේ විවෘත පසුබිම නිසා හාත්පස හිරිකඩ වැස්සෙන් දුමාරයක් තනා තිබුණේ ය. මම ඒ දුමාරය මැද්දට වී, ලෑලි බංකුවක් මත නිකට තියා ගෙන ඔහේ බලා සිටියෙමි.  පාන්දර යාමයේ සිට ම වැස්ස දුක් ගීතයක් ගයයි....
"අර කෙල්ලගෙන් දෑවැද්ද කොච්චර හම්බෙනවද?" ආදිත්‍ය නිදිබරව දෑස් හැරියේ අම්මාගේ හඬට ය.අම්මා උදෑසනම ඔවුන්ගේ නිවසට නෑගම් ආවා ය. "ඇහුවෙ නෑ අම්මා.අනික එහෙම දෙයියැ.ඒ මිනිස්සු අපේ කසාදෙට විරුද්ධයිනෙ.." ආදිත්‍ය ඈනුමක් හරිමින් නැගිට්ටා ය.අම්මා හිටියේ හොඳටෝම කාර්යබහුලව ය.ඇය කොස්සක් රැගෙන නිවස අතුගාන්නට ගත්තේ කෝපය මුසු මුහුණකිනි. "මේ ගෙට ගෙවදිලා දවස් දෙකයිනෙ ළමයො.බලනව තාම අස් කරල...
සජීවිතය කිසි දවසක එක තැනක නතර වී පවත්නේ නොවේ. එය වූ කලී සංචාරයකි. දැන් මම වඩාත් හොඳින් ඒ බව පසක් කර ගෙන හිඳිමි. මගේ ළමා විය දුෂ්කරතා වලින් ගහන වූවකි. කිරි අම්මා හා මා ජීවත් වූ මැටියෙන් තැනූ ගෙපැල තුළ සැප සම්පත් හෝ යස ඉසුරු වූයේ නැත. අප බත් කෑවේත්...
ඉනික්බිති ඇරඹියේ කලබලකාරී කාලයකි.මනමාලිය නංගී වුව ද අක්කා සෑම විටම අලුත් යෝජනා සහ අදහස් අතර අතරමං වී සිටියා ය.ඇයට උදෑසන සිහි වන යෝජනා සවස් යාමයේ අමතකව යාම ගැන චෝදනා කරමින් ද සමහර අදහස් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් ද සඳලි කාර්යබහුලව සිටියා ය. "අක්කා නෙවෙයි ඔයා මගෙ අම්මා වගේ.." සඳලිට අමතකව යන සමහර...
මා වචනයක් හෝ කතා නො කළත් මගේ හිතේ ක්ෂණික ව ඇති වූ ගැස්ම සිතිජ විසින් තේරුම් ගනු ලැබූ බවක් පෙනිණි. කඩුල්ල ළඟ දී රියෙන් බසින්නට ඉඩ නො තබා, ඔහු අසීරුවෙන් ඒ කුඩා ඉඩෙන් රිය වත්ත තුළ ට ගත්තේ එනිසාවෙනි. කොහොමත් සිතිජ කියන්නේ ලොකුවට දේවල් කතා කරන පුද්ගලයෙකු නොවන බව...