හැමදාම ජීවිතය එක ම රිද්මයකින් ගලා ගෙන යන්නේ නැත. සොබා දහම වුණත් කාල තරණය කරන්නේ ඍතු ඔස්සේ ය. ගිම්හානයේ පොළොව වියළුණා ට වස්සානයේ දෙගොඩතලා යන්නට වහින්නේ ය. සරත් සමයේ කොළ හැලේ. වසන්තයේ මල් පිපේ. ජීවිතයත් එසේ යි සිතන්නට ආදිත්‍යා උත්සාහ කළා ය.
දික්කසාදය කියන්නේ ගැහැනියක ට පහසු තීරණයක් නොවේ. ඇය...
විවාහාපේක්ෂිත වයස පසු කරන දියණියන් සිටියදී සමහර මව්වරුන් හිඳින්නේ දැඩි බියකිනි.හොඳ රැකියාවක් කරමින් තමන්ගේ ජීවිතය තමන්ගේ ආකාරයට ගෙන යා හැකි යුවතියන්ට පවා කසාදය අහිමි වීමෙන් සියල්ල අහිම් වේයැයි සිතන අම්මලා බොහෝ ය.නමුත් මාලිකා ඒ කොට්ඨාසයට අයත් නොවේ.භාවනා දඩිබිඩි විවාහයකට සැරසෙද්දී පවා ඇයට ඒ කලබලය ගැන ගැටළු තිබිණ.
"ඔයාට තාම කසාද...
ජීවත් වන්නට කෙනෙකු ට ලැබෙන්නේ එක ජීවිතයකි. එය ද මහා දිගු කාලයක් සඳහා සැපයෙන්නක් නොවේ. අප සියල්ල කළ යුත්තේ ඒ කෙටි කාලය තුළ ය. දුක් වෙමින් ද කඳුළු සලමින් ද වෛර කරමින් ද විඳවමින් ද සිටිනවා වෙනුවට ආදරය කිරීම තෝරා ගත හැකි ය. ප්රශ්නය නම් මිනිසුන් ආදරය කියා සිතන්නේ...
දුර්වල ව දියාරු ව වැගිරෙනා ගැහැනියක නො වන්නට ආදිත්‍යා හිත තද කර ගත්තා ය. විකුම් ඇයට ගෙදර යන්න කතා කරන්නේ ආදරයකට නො වන බව ඇය දනී. අවුරුදු තුන හතරක යුග දිවිය, ඔහු ට ආදරය කියන දේ ගැන තිබෙන්නා වූ අදහස ගැන ඇය ට කදිම පාඩම් කියා දෙන්නට සමත් වී...
කාව්‍යා ඈත ආකාසය දෙස නෙත් යොමා ගත්තා ය.සකුණ පවසන්නේ කුමක්දැයි සිතමින් සන්සුන් වන්නට ඇයට උවමනා ය.නමුත් සැබෑවටම කැළඹෙන්නටත් හේතුවක් ඇතිදැයි කාව්‍යා සිතුවා ය.
"මං කතා කළේ ඔයා ගැන කාව්‍යා."
සකුණ සන්සුන් ස්වරයෙන් පැවසී ය.නිශ්චලව සිටි තාරකා පන්තියකින් තරුවක් කඩා වැටෙන අන්දම කාව්‍යා හදිසියේ දුටුවා ය.
"මං ගැන.."
ඇය සසැලෙන හඬකින් ඇසුවා ය.
"ඔව් ඔයා...
ඔයා දන්නවද? මට හිතෙනව ඔයාට ඒ තරම්ම ආදරේ කෙනෙක් ඉන්නව කියල.."
කාව්‍යා දෙස බලමින් උදාරා පැවසුවේ ප්‍රවේසමිනි.මේ නව යෞවනියන් කාලයේ එකිනෙකා ගැන උනන්දු වූ යෞවනයන් ගැන සරදම් කළ අන්දමේ පහසු අවස්ථාවක් නොවේ.දස වසරකටත් වැඩි ආදර කතාවක් අතිශය ඛේදනීයව අහිම් වූ දුකකින් කාව්‍යා ඔත්පලව හිඳින්නී ය.ඒ ඈත දවසේ තමන්ගේ ඒක පාර්ශවික...
නවාතැනට ගිය ගමන් දුමාල් ආදිත්‍යා ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එය ඇය කීවා සේ රිං කට් එකක් නොවේ. යහනේ අනිත් පස වැතිරී නිදනා ආමන්තා දෙස බලා ඈ කතා කළේ ඉතාමත් හෙමිහිට ය.
"ගියාද..."
"ආව විතරයි. පාළුයි අප්ප මේ පැත්ත පලාතම"
දුමාල් සුසුමකින් සඳැල්ලේ වේවැල් පුටුව මතට වැටුණේ ය.
"වෙනදට පත්තු වෙලා තියන ලයිට්...
කාව්‍යාගේ ටියුෂන් පන්ති අසාර්ථක නොවී ය.ඈ බලාපොරොත්තු නොවූවාටත් වඩා දරුවන් පිරිසක් ඇගේ ඉගැන්වීම වටා රොක් විය.කාව්‍යා ඒ සම්බන්ධයෙන් සතුටු වූවා ය.ඇගේ හදවත වෙලාගත් පාළු මීදුම නව යෞවනයේ වෙසෙන දරු පිරිස ඈතට තල්ලු කරමින් සිටියහ.
"මං වැඩිය පිළිවෙලකට අඳින්නෙ කරන්නේ නැතුව ක්ලාස් එකට ගියොත් පන්තියෙ ඉන්න පණ්ඩිත කෙල්ලො පාඩම අහකට දාලා...
දුමාල් සිය මතක ඉතිහාසයේ ඈත ම කෙලවරක හිට ගෙන බලා සිටින්නට වූයේ ය. ඒ කාලේ ඔවුන් සිටියේ මවු පස ඥාති නිවසක ය. දුමාල් කොලුවා ව අනාථ නිවාසෙකට යැවීමට ඒ ගෙදර අයට දැවැන්ත අවශ්‍යතාවයක් විය. ඔවුහු නිරන්තර ඒ සඳහා ගීතා ව පෙළමවීමේ උත්සාහයක් ද දැරූහ. නමුත් එහැම විටෙක ම ඕ...