අත්තම්මා ගේ ගෙදර ට ආ මුල් දිනයේ පටන් ම යුගාන්ත ව මට මුණ ගැසී තිබිණි ද ඔහු හා මා අතර ලොකු ඇයි හොඳයියක් ඇති වූයේ නැත. වචන දෙක තුනකට වඩා අප අතර හුවමාරු වී තිබුණේත් නැත. කොහොමටත් මා ඉක්මනින් කිසිවෙකු හා හිතවත් ව ඇසුරක් ගොඩ නගා ගන්නා විදිහේ කෙනෙක්...
සිහිනයෙන් තාත්තා හමු වීමත් රෑ වෙන තුරු ඉකි බිඳීමත් නිසා නින්ද බොහෝ දිගු විය. කඳුකරය උදෑසන කාලයට සීතලෙන් වැඩි නිසා ම පාන්දර නින්ද කොහොමටත් සැර ය. නින්දට වැටෙන දූලා ඇහැරවීම අපේ අම්මා කිසිම දිනක කරන්නක් නොවේ.
"පාඩම් වැඩ එක්ක මහන්සි වෙන ළමයින්ට නින්දක් ඕන..තමන්ගෙ ගෙදර තමන් හැටියට ඉන්නේ නැත්නම් ඒ...
කෑම මේසයෙහි වන්නේ මා හා අම්මා පමණක් නොවේ. අත්තම්මා හා සීයා ත්, අම්මා ගේ අලුත් සැමියා වන අසංක ත්, මගේ යෙහෙළිය තුෂී ත් මෙහි වෙති. ඒ සියල්ලන් ඉදිරියේ අම්මා ගේ වචන නො සලකා, ඇයට හිතුවක්කාර වී, ඇය එපා කියන දෙයක් කිරීම මොන තරම් සදාචාර සම්පන්න ද කියා මම මොහොතකට...
රාත්‍රියේ නිදන්නට පෙර දොර ජනෙල් අගුල් දැමුවේ මා ය. අම්මා ට හෝ නංගීට ඒවා කරන්නට ඉඩ දිය යුතු නැති බවත් තාත්තා තරමට ම නොවුණා ට හැකි උපරිමයෙන් ඒ දෙදෙනා බලා ගැනීම මගේ වගකීම බවත් මට හැඟෙමින් තිබිණි. නිවසට පිටින් ඇති සේවක කාමරයේ අපේ ව්‍යාපාර වල ද තාත්තාගේ ගොවිපොළ කටයුතු...
වායු සමීකරණ තත්ව යටතේ රිය තුළ වූයේ සිසිලකි. ඉන් පිටත ඈතින් පෙනෙන පරිසරය හරිත වර්ණයෙන් බැබළීම ත්, ඈතට ඈතට විහිදී යන නිල් කඳු යායත් නිසා මා මනසින් මවා ගෙන හිටියේ කඳුකරය බඳු තත්වයකි. මම සිතින්, සීතල කඳුකරයෙහි හුදෙකලා වූ හදවතින් දැවෙන ආත්මයක් වූයෙමි.
කුසල් නික්ම ගියේ අතිශය කේන්තියෙනි. නමුත් කිසි...
තුෂී ඉරිදා පත්තර මිටිය ම දිග ඇර ගෙන රැකියා පුරප්පාඩු කියවමින් ද ඒවා අතරින් ඇගේ හිත ගන්නා ඒවා සටහන් කර ගනිමින් ද සිටියා ය. වැහි වළාවකින් අහස් ගං දිය බොර පාට ගැන්වී තිබි නිසාවෙන් පරිසරයෙහි වූයේ දුක්බර අඳුරු බවකි. මම ඉස්තෝප්පුවේ වූ ඉපැරණි ඇඳි පුටුවකට වී, ඈතින් පෙනෙන නිල්...
සැඳෑ අහස පුරා වර්ණවත් පැහැ ඇඳෙමින් තිබිණ. හවස් යාමයේ අහස මගේ ප්‍රියතම දසුන යැයි පැවසීම මුසාවක් නොවේ.හැන්දෑ අහසට මොනතරම් පැහැ තිබුණ ද මා ප්‍රිය කරේ ඒ හැම පාටම "හැන්දෑවේ පාට" ලෙස නම් කරන්නට ය. හැන්දෑවේ පාට දවසේ ලස්සන ම පාට වන්නට මට හේතු නොතිබුණා ම නොවේ.එහෙත් තෙමසක ට කලින්...
ගයාත්මි විජේගුණවර්ධන කියන්නේ, කුඩා කල සිට ම- සිය නිවස තුළ දී ම තනි වූ දැරියකි. දෙමාපියන් නීතියෙන් වෙන් ව ගොස් කැඩී ගිය පවුලක, මවු පිය දෙදෙනා ගෙන් එක් අයෙකු තෝරා ගන්නට වන ඕනෑ ම ළමයෙකු ට ජීවිතයේ යම් යම් අවස්ථා වල අත් විඳින්නට වන අසරණ කම හා බැඳුණු හුදෙකලාව...
කුසල් ගෙන් මගහැරී ගිය දුරකතන ඇමතුම් ටික දුටු මට දහදිය දැම්මා කීවොත් මුසාවක් නොවේ. ජංගමය අතේ තබා ගෙන මා හිතුවේ පෙරලා ඔහු ට ඇමතුමක් ගන්නවා ද නැත් ද කියා ය. කොහොම කළත් දැන් ඔහු පරල වී හිඳින බව මා නො දන්නවා නොවේ. අතෙහි තිබියදී ම දුරකතනය නැවත හැඬවෙන්නට ගති....
අත්තම්මා එක්ක මා කාමරයෙන් නික්මෙන්නට හදනකොට ම ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. මගේ හදවත අලුතෙන් ම ගැස්සුණේ ය. කුසල් ආයේමත් කතා කරනවා ද යන බියෙනි මා දුරකතනය ගත්තේ. නමුත් තිරයෙහි සනිටුහන්ව තිබුණේ තුෂානි ගේ නම ය.
"තුෂී...මගෙ යාළුව කතා කරන්නෙ"
කාමරයේ දොර ළඟ නතර ව මදෙස බලා හිඳින අත්තම්මා ට මම...