නිකිනි ට දැනුණේ සිය දෙපා මත රාත්තල් සිය ගණනක බරක් ගැට ගසා ඇතිවා මෙනි. කෙසේ නමුත් ඕ ඒ දෙපා අද්ද අද්දා සෝෆාව වෙත පිවිසියා ය. කාන්දම් බලයකින් සේ ඇගේ ඇස් විදත් ගේ ඇස් වල ඇලී තිබුණේ ය. විදත් ගේ පිරිමි ඇස් වල දඩබ්බර හිතුවක්කාර බවක් විය. ඒ හරියට උසස්...
"ධීර.."
වාහන අතරින් හෝ පාර පැන ගන්නට තැත් දරන ධීරට ඔහු ඇමතී ය.මම නැවත පසුපසට හැරුණෙමි.ධීර නැවතිණ.ඔහු ආගන්තුකයාගේ මුහුණ දෙස බැලුවේ හිස් දෑසකිනි.
"දුවගේ ගෙවල් කොහෙද?"
ඔහු මගෙන් ඇසී ය.කුඩා කාලයේ බෙහෙත් ගන්නට වෛද්‍යවරයා වෙත ගිය විට හිස හරවා අම්මා දෙස බලන දෑසින්ම මම ධීර දෙස බැලීමි.
"එයා මෙහෙ නෙවෙයි.මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ.මං...
දුරකතනය දිගට ම හැඬවෙමින් තිබිණ. ගුවනි පසු වන්නේ දෙගිඩියාවක බව නිකිනි ට දැනුණේ ය. තමන් ඉදිරියේ මංජුල සමග දොඩමළු වීමේ අපහසු තාවයක් ඇය ට දැනෙනවා වන්නට පුළුවන.
"ඔයා කතා කරන්නකො...මං එන්නං"
කියා ගෙන නිකිනි කාමරයෙන් නික්ම තනත්දී ම ගුවනි ඇගේ අත් ගොබයෙන් ඇල්ලුවා ය.
"මිස් ඉන්න"
එහෙම කියමින් ම ගුවනි ස්පීකර් ක්‍රියාත්මක කොට...
"ඒක මහා බයානක ඇක්සිඩන්ට් එකක්.ඔයාවයි මාවයි බේරෙයි කියලත් කවුරුවත්ම හිතලා නෑ."
අම්මා ඒ කතාව නිතරම කියපු කතාවක්.මගේ තාත්තා ගැන මම අහන හැම වතාවකම අම්මා කියන්නේ එහෙම කතාවක්.මාව ලැබෙන්න හිටපු අම්මා සහ මගේ තාත්තා අනතුරට පත් වුණු හැටිත් ඊටත් පස්සෙ තාත්තා ජීවිතක්ෂයට පත් වුණු හැටිත් අම්මාත් මමත් බොහොම අමාරුවෙන් ජීවිතේ බේරා...
"අම්මා..මට වෙනම බත් එකක් බඳිනවද?"
සති අන්ත නිවාඩුවක් අහවරව නැවත බෝඩිමට යන්නට සූදානම් වන අතර මා අම්මාට බෙරිහන් දුන්නේ කාමරයේ සිට ය.අම්මා කෙසෙල් කොළයක් ද රැගෙන කාමරයට ආවා ය.
"ලොකුවට කෑම එකක් බැන්දා පුතේ. ඔයාලාට රෑටත් ඇති."
ඇය කියන්නී ය.එහෙත් මගේ අරමුණ වෙනත් එකකි.
"නෑ අනේ..මට වෙනම බත් එකක් ඕන.."
අම්මා කිසිත් නොකියා සිනාවකින්...
නිකිනි, පොත කියවමින් සිටි මේස ලාම්පුවේ එළිය අඩු කළා ය. ලා කහ පාට මන්දාලෝකයක් හාත්පස තැවරෙන්නට වූයේ ය. ඒ මළානික එළිය තුළ ඇගේ හද ගැස්ම ඇයට ම ඇහෙන්නට විය.
"ඔයා යන්නෙ නැත්තං හොඳයි කියල දැං දැං මගෙ හිත කියන්න පටං අරගෙන"
පහළ ස්වරයෙන් හා හැඟුම්බර පිරිමි හඬකින් කියැවුණ විදත් ගේ ඒ...
"මේ බ්‍රෑන්ඩ් එක මාරම ෂෝක්..බලන් ඉන්නකොට සුදු වෙන්නේ."
වැඩ කරන අතරෙ ෆේස්බුක් යන එක අපේ කාර්යාල නීති වල ඉහළම තහනමක් වුණත් හිමාලි කියන්නේ මහ හයියෙන්.පරිගණක තිරය අපේ පැත්තටත් හරවන ගමන්.
"බ්ලීචින් ලොරියක් ඇති.අනේ ඕවා යූස් කරන්න එපා."
තිසරි තමන්ට පුරුදු හංස ගමනින් හිමාලි දිහාට ඇවිදගෙන ආවා.ඇත් දළ පාට හම, ලස්සන කොණ්ඩේ එක්ක...
"මිනිස්සු දෙයක් අත අරින්න ඕන ඒක ඇත්තටම තමන්ට ඕන නැත්තං.."
බොහෝ වේදනාවෙන් හුන් මා දකින්නට ආ ධීර පැවසී ය.මම ඔහේ ඉවත බලාගෙන සිටියෙමි.ඔහු මේවා කියන්නේ ඔහුට විකාර පැවසූ පසන්ට ද හිටිහැටියේම ඔහුව ප්‍රතික්ෂේප කළ මට දැයි මට ඇති වූයේ කුකුසකි.එහෙත් ඒ ගැන ප්‍රශ්න කරන්නට මට සිත් දුන්නේ නැත.
"පසන් ඔයාව දාලා...
අප ආශා කරන, රස කරන තැන් ජීවිතයේ කොතෙකුත් හමු වේ. බොහෝ විට අප ඒවා විඳ ගන්නේ හදවතිනි. රහසිනි. ඒවා හිමි කර ගන්නට ගිය තැන යම් යම් ප්‍රායෝගික ප්‍රශ්න මතු වේ. හදවත ඇතුළේ අපට ගොඩ නැගිය හැකි ලෝකය හැබෑ ලෝකය මත්තේ ඉදි කිරීම පහසු නැත.
"විදත් ප්‍රපෝස් කළොත්" යන සහස් ගේ...
කාලෙකට පස්සේ අරුණිත් මාධවත් අපේ ගෙදර එනවා කියල පණිවිඩයක් ලැබුණේ ඊයේ හවස.ඉරිදා අපේ නිවාඩු දවස. අපි ගේ අස් කරලා, කෑම බීම හදලා ෆිල්ම් එකක් බලල ඉන්න දවස. ඒත් ඉතින් එහෙම දවසක් වැඩිපුර රහ වැටෙන්න යාලුවො ඉන්න එක හොඳයිනෙ.
"ඔයාගේ ගාඩ්න් එකේ ලස්සන බලන්න එපැයි.."
අරුණි කාර් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන. ජීවන්ත...