Stories

ඒ රාත්‍රිය නිවසේ කිසිවෙකුට ද නින්ද ළඟා වූ රාත්‍රියක වූයේ නැත.දවසේ කම්පනය තමන්ගේ දිව්‍ය ලෝකය දුටු මතින් පුපුරා ගිය හෙයින් තුරුලිට තදින් උණ ගැනිණ.සිදු වූ දෙය අදහා ගන්නට නොහැකිව හූල්ලන අම්මා පුටුවක වැතිර ඔහේ සිටියා ය.ආදිත්‍ය මොනයම් මොහොතක හෝ කඩා වදින්නට ඉඩ ඇති බව දන්නා රනුක ඔහුගේ මිතුරන් කිහිප...
රෝස්මරී හිතට වදයක් වූයෙන් ඇය ව හිතෙන් ඈතකට ම කර දමන්නට මට ඕනෑ වූයේ ය. මොන වරද කළත් ඒ සිතිජ ගේ අම්මා ය කියන සිතිවිල්ලෙන් මිදිය නො හැකි ය. ඇය කරන කියන දේවල් මත කොපමණ කෝප ගත්තත්, ඔහු ට ඇගේ මව් පදවිය අහිමි කළ නො හැකි බව ද මම...
"අක්කා කෝල් කරානෙ.." සඳලිගේ හඬ වේගවත් ය.සතුට ද දුක ද සැනසීම ද පිරුණු ඇගේ හඬ මියුරු ද විසන්ධි නොවූ දුරකථනයක එහා ඉම සිට අසා සිටියේ ය.අම්මා ද ඈ වාරු කරගත් සඳලිගේ මිතුරියක ද නිවසින් පිටතට පැමිණිය හ.සීසීටීවි ආරංචිය රැගෙන ආ ඉදිරිපස නිවසේ කාන්තාව දෙවියන්ට හිස අත් බැඳ පින් දුන්නා ය. "අක්කව...
සිතිජ මට රැකියා කිහිපයක් ම බලා තිබුණේ ය. නමුත් ඒවා ට මගේ ඉංග්‍රීසි දැනීම ප්‍රමාණවත් වූයේ නැත. ඈත එපිට ගම් දනව් වල ළමයින් ගේ ඉංග්‍රීසි දැනීම වැඩි දියුණු කිරීම පිළිබඳව, බලයට පැමිණි කිසිදු රජයක් වගකීම් සහගත ව ක්‍රියා කොට තිබුණේ නැත. නිසි ක්‍රම වේදයක් ඉදිරිපත් කොට තිබුණේ ද නැත....
තුරුලි දෑස් හැරියා ය.අවට පරිසරයේ කිසිම ගැටලුවක් නැති බව දැනෙන තුරුම දෑස් තද කර පියා හිඳින්නට වෙර ගත් ඈ දෑස් හැර හාත්පස බැලුවා ය.බිත්තියේ ඇති ඔරලෝසුව හවස හතරට ආසන්න බව පවසයි.තව හෝරාවකින් රෝගීන් බලන්නට දෙන වෙලාව පැමිණෙනු ඇත.සියල්ල විසඳා ගන්නට හෝරාවක් ප්‍රමාණවත් බව ඈ සිතුවා ය. "මිස්..මිස්.." ඇය එහා ඇඳේ සිටින...
අලුත් නවාතැනෙහි කිසිදු ගැටළුවක් වූයේ නැත. වෙනත් බොහෝ නාගරික නිවාස සේ නොව එහි තරමක් විශාල ගෙවත්තක් ද තිබුණේ ය. එය තණකොළ වවා මැනවින් නඩත්තු කරන නාගරික ගෙඋයනක් නොව ලොකු කොස් පොල් ගස් කිහිපයක් ම උස් ව වැඩුණු, සෙවනැති මිදුලකි. පාසි බැඳී කළු වී ගිය පරණ සිමෙන්ති බංකුවක් කොනක තිබිණි....
සඳලි රැකියාවට යන්නට පිටත් වූයේ තනිව හිනැහෙමිනි.ඇය තදින් නිදා සිටින සඳලි අවදි කරන්නට කිහිප වරක්ම කල්පනා කළා ය.නැගණිය රාත්‍රිය ගෙවී පාන්දර උදා වන තුරුම පරිගණකයේ ඇස අලවාගෙන පැවැරුමක සිරව සිට දැන් තද නින්දක ය.සඳලි පාඩම් කාමරයට වී පාඩම් අහවර කරනතුරු ම තුරුලි ද සිටියේ අවදියෙනි.නින්ද අහලකවත් නොවූ රැයක් ගෙවා...
අඳුර කුර ගගා ආවේ ය. තැන තැන යන්තමින් නියොන් එළි දැල්වෙමින් තිබිණි. තව ටික වෙලාවකින් ලෝකය කළුවර පොරෝනාව වසා ගුලි වනු ඇත. නමුත් නගරය නො නිදන බව සිතිජ කීවේ ය.  "මට යාළුවෙක්ට කතා කරන්න බැරි කමක් නෑ මෙව්නා. ඒත් කොල්ලෙක්ගෙ ගෙදරක ගෑනු ළමයෙක් නවත්තන්න ඕන නෑ කියල මගෙ හිත දැන්...
රෑ අහස තාරකා එළි දසදහසක දීප්තියකින් බබළමින් තිබිණ.මිදුලේ ඇති සිමෙන්ති බංකුවකට වී නොපෙනෙන ඈත අහසට නෙත් යොමා හුන් තුරුලි සිටියේ ගීයකට සවන් යොමාගෙන ය.සඳලි පැමිණ ඈ අසල අසුන් ගත්තේ හඬ නොනගා ය.අක්කාත් සමඟ කුඩා කාලයේ තරු රටා සෙවූ අතීතය සඳලිට සිහි විණි.කෑගසා දඟලන කුඩා දැරියක කර තබා ගත් තාත්තා...
දැන් ඉතින් මහ මඟ සිඟමන් යැද්දත් මා රෝස්මරී ගේ රූපලාවන්‍යාගාරයේ සේවය ට නො යන බව මම දනිමි. මට ඒ රැකියාව කළ නො හැකි ය කියා කීවොත්, සිතිජ වුව ඒ ගැන වැඩි දුර කාරණා නො විමසනු ඇත. දැන් මට රූපලාවන්‍යාගාරයක ටික කලක් හෝ සේවය කොට අත්දැකීම් තිබෙන නිසා වෙනත් එවැනි...