ශරදාකාසේ

ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
එදිනත් නිවාඩු ගත හැකි ව තිබිණි නම් ඇතැම් විට ශාරද රැකියාවට නො යා ඉන්නට තිබිණ. ඔහු ගේ හිතත් හිසත් පැටළුම් ජාලයක් විය. විශේෂයෙන් ම නිශාමනී දරුවා ද ගෙන ගෙදරින් පිට ව යන්නට ගෙන තිබූ තීරණය ඔහු බලාපොරොත්තු වූ එකක් නොවේ. ශාරද හිතුවේ ම හිතේ වන කේන්තිය පහ ව ගිය...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
නිශාමනී උදේ අවදි වූයේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලීමේ සූදානම ඇතිව ය. ඇය කවදත් අභියෝග වලට බිය වූ ගැහැනියක නොවේ. මව් පියන් ට විරුද්ධ ව ශාරද ව තෝරා ගනිත්දීත් ඈ ඉදිරියේ වූයේ විශාල අභියෝගයකි. ඇය දෙපැත්තෙන් එකක් තෝරා ගත යුතු ව තිබිණ. ඈ ගැන මහත් බලාපොරොත්තු සහගත ව සිටි ශාරද...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
පැරණි ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ඉදි කරන ලද 'ශරදාකාස' නිවස්නෙහි මහත හතරැස් කුළුණු විසින් දරා ගත් බරාඳ කොටස, පසු කලෙක එක් කරන ලද්දකි. ගෙතුළ බිම සකසා ඇත්තේ ටෙරාසෝ වලින් වී ද, මේ බරාඳ කොටස රතු සිමෙන්තියෙන් මැද ෆ්ලෝ පේන්ට් ගල්වා රතු පලසක් සේ තනා තිබේ. එහි ඈතින් ඈතින්, කළුවර...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
 නිශාමනී කඩිනමින් කෑම පිසීමේ කටයුතු නිමා කොට, දින ගණනකින් අස් පස් නොකරන ලද ගේ අතුගෑවා ය. ගෙදර ඇත්තන්ගේ හිත් මූසල වී වල් බිහි වී ගිය කල ගෙවල් දොරවල් වල ද සිරියාව පලා යන්නට මහ කාලයක් ගත වන්නේ නැත. මල් පූජා කිරීම වෙනුවෙන් ම ඇය සිටුවා ගෙන තිබූ දෑසමන් පඳුර...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
විහාරයේ බෝ පත් සෙලැවෙන සිලි සිලිය අවන් හලට ද ඇසේ. බෝධි වෘක්ෂයේ මුදුන් කොටස, එළිමහන් අවන් හලේ හිඳිනා නිශාමනී ගේ සේ ම පංචලී ගේ ද නෙතු වල හැපෙමින් තිබිණ. ඔවුන් දෙදෙනා ගේ ම හදවත් වල වූයේ ද එබඳු ම සන්සුන් බවකි. සුළි කුණාටු වලින් පසු ද අසීමිත ලෙස පරිසරය...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
'තමුසෙට වෙන මිනිහෙක් ඇති' කියන වචන ටික නිශාමනී ගේ සවන් තුළ මතු නොව සිරුර පුරා ම දෝංකාර දෙන්නා සේ ය ඇය ට දැනුණේ. මුලින් ම ඈ සියුම් අභ්‍යන්තර ගැස්මකට ලක් වූවා ය. එය වූ කලී බරපතල චෝදනාවක් වේ. ගෙදර ට වී දරුවා බලා ගෙන ගෙදර සියලු වැඩ කර ගෙන...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
වෙනදා සේ රැකියාවට යන උනන්දුවක් ශාරද ට වූයේ නැත. ටික කලක සිට ගෙදරින් පිට වීම ඔහු ට වෙනම ම සතුටක් ගෙන ආවේ ය. එය වූ කලී පංචලී ව මුණ ගැහීමේ සතුට ම නොවන බව හෙතෙම දැන සිටියේ ය. නිදහස්කාමී ඕනෑ ම සත්වයෙකු කූඩු වී සිටිනවා ට වඩා නිදහස් ව...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
එසඳි ගේ සිඟිති බස් දෙඩීමක් හැරුණ විට අවට වාතාස්‍රය පිරුණේ සුසුම් වලින් පමණකි. ආකාස කල්පනා කරමින් ආලින්දයෙහි සක්මන් කළේ ය. ඒ අතරේ ම එසඳි එක්ක කෙළි සෙල්ලමක ද නිරත වූයේ ය. නිශාමනී සේ දැරියට සැර වැර කොට පසෙකට කරන්නට ඔහු ට සිත් දුන්නේ නැත.  නිශාමනී ඔහේ බලා සිටියා ය. නොයෙකුත්...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
පංචලී දොර උළුවස්සට හේත්තු වී මඳක් බලා සිටියා ය. තාත්තා ගේ සිහින් කෙඳිරිලි හඬ ඇය ට ඇසෙනවා ද නැත්නම් දැනෙනවා ද කියා ඇය ම නො දත්තා ය. තෙල් බෙහෙත් සුවඳ පැතිර යයි. අම්මා මොහොතක පමාවක් නො කොට තාත්තා ගේ බෙහෙත් සාත්තුව හරියට ම කරයි.  පංචලී ගේ පපුවෙහි සන්තාප සුසුමක් පිරී...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
ඒ රාත්‍රියේ නිශාමනී නිදන්නට කාමරයට ගියේ නැත. එසඳි යහනෙන් නො පෙරළෙනු වස් කොට්ට වට කරනා ඇය දෙස, යහනේ වැතිර උන් ශාරද බෙල්ල ළඟින් හිස ඔසවා බලා සිටියේ ය. ඔහු බලනු දුටුවත් නිශාමනී ඒ දුටු බවක් අඟවන්නේ හෝ නැතිව සිය පොරවනය හා කොට්ටය ගත්තා ය. "ඇයි...රූම් එකේ නෙවෙයිද නිදියන්නෙ..." ශාරද ට ඒ...