හිමගිරි අරණ

හිමගිරි අරණ
දිනාරාගේ උපන් දින සාදයට යන්නට සූදානම් වී හිඳියදී මල්මි රෝගී වූවා ය.ඇය නොසිතන මොහොතකදී රෝගී විය හැකි බව සහන් දනියි.කුළුදුල් දරුවා ලැබෙන්නට ඉන්නා මවකට නොයෙකුත් අපහසුතා හිටිහැටියේ හට ගන්නට ඉඩ තිබේ.එනිසා ඒ රෝගී තත්ත්වය සාමාන්‍ය එකක් බව සිතන්නට ඔහු වෙහෙසිණ.ඒ සිතුවිල්ලට වෙනත් සිතුවිල්ලකට මාරු වන්නට ඉඩ නොතබාම සහන් හිමාෂා...
හිමගිරි අරණ
වරද ඇත්තේ තමන් අත බැව් දැනුණ ද සහන් සිටියේ කෝපයෙනි.ඒ අහේතුකව නැඟුණු කෝපයකි.හිමාෂා කාට හෝ ආදරය කරන බවක්,ඇය කවුරුන් හෝ සමඟ කතාබහේ යෙදෙන බවක් ඔහුව ඕනෑවට වඩා කැළඹීමට ලක් කර තිබිණ.ඒ ඇයිදැයි ඔහු සිතී ය. "මං ගෙදර යනවා සහන්.ආයේ මෙහෙ එන්න බලාපොරොත්තුවක් නෑ." එක්තරා උදෑසනකදී ගර්වයෙන් එසේ පැවසූ තරුණ ගැහැනියගේ අභිමානය...
හිමගිරි අරණ
හිමගිරක් සේ මිදෙමින් හුන් තරුණ ගැහැනියට නැවත ආදරය කරන්නට හෝ විවාහ වන්නට ඕනෑ වූයේ නැත.රැවටීම දරා ගත්ත ද නික්ම ගිය මිනිසා නැවත නැවතත් තමන්ගේ ජීවිතයට අත පෙවීම දැරිය හැකි සීමාවේ නැතැයි ඇයට සිතිණ. පිරිමින් එහෙම ය! ආත්මාර්ථකාමී ය! ඇය හිත හදා ගන්නට සිතුවේ එහෙම ය.නමුත් අමායා අක්කාට දැඩිව එරෙහි වූවා ය. "මට නම්...
හිමගිරි අරණ
"මගේ පර්සනල් ලයිෆ් එක තවදුරටත් ඔයාට වැදගත් වෙන්න විදියක් නෑනේ සහන්." ඇය බොහෝ ප්‍රවේසම්සහගතව ඇසුවා ය.රණ්ඩු දබර ඇති කරගන්නට සහන් ඇයට සමීප නොවේ.තමන්ගේ නොවන කෙනෙකු සමඟ වචන හරඹ කුමකටදැයි ඇය සිතුවා ය. "ඔයා දුවෙක් ඉන්න අම්මා කෙනෙක්.ඒ දුව මටත් අයිති නිසා තමයි මම මේ ටිකක් වැඩියෙන් ඒ ගැන හිතන්නේ." ඒ වචනවලට හඬ...
හිමගිරි අරණ
"මගේ දූගේ බර්ත්ඩේ පාටි එකත් එක්කම ඒ කතාව ඇදිලා ආවටයි මට දුක." හිමාෂා එසේ පැවසුවේ රාත්‍රියේ ය.පාරමී සිටින්නේ ඉතාම වේදනාවෙන් බව රවිඳුට ලියා යවන්නට ඇයට සිතී තිබිණ.නමුත් ඒ බලහත්කාරයෙන් හෝ පාරමී ඔහුට පැවරීම වෙනුවෙන් නොවේ.පාරමිගේ හිත සැනසෙන තුරු වඩාත් දුරින් හිඳින්නැයි රවිඳුට කියන්නට හිමාෂාට ඕනෑ වී තිබිණ. "ඒක ඇදෙන්න තිබ්බේ ඒ...
හිමගිරි අරණ
"රවිඳු කියනවා එයා ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." පාරමී හඬමින් හෙළි කළා ය.කියන්නට වචන සොයා ගන්නට අපහසු වූ හන්දා හිමාෂා ඇගේ අත පිරිමදිමින් අසා හුන්නා ය. සෙනග ගැවසෙන මෙවැනි තැනක හැඬීම තරම් නොවන බව මිතුරියට පවසන්නට ඕනෑ වුවත් ඇය හිඳින්නේ ඒවා අසන මානසික මට්ටමක නොවන බව හිමාෂාට වැටහිණ.ඈ මාස...
හිමගිරි අරණ
"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ තවදුරටත් හිමාෂාට කිසිම ඇයිහොඳයියක් තිබිය යුතු නැති බව ඇගේ විශ්වාසයයි.ඇය ඒ විශ්වාසය ඇතිව කතා කරන්නට පටන් ගත්තා ය. "සහන්ගෙයි මල්මිගෙයි ළමයාට දිනාරා එක්ක සම්බන්ධකම් ඕනත් නෑ හිමා.ඔයා හිතන්නකො ඒ ළමයා ගාව තාත්තා...
හිමගිරි අරණ
"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින් තරමක් වැඩි අයට හැරෙන්නට ඒ නෑකම් වෙන අයට භාවිතා නොවන තරම් ය.එනිසාම හිමාෂා තමන්ට වඩා වැඩිමහලු බව රවිඳු සිහිනයකින්වත් සිතා නොතිබිණ. "පාරමී මට වැඩිමල් නෑනෙ?" රවිඳු ඇසුවේ තත්ත්වය සමනය කරන්නට සරදමක් සොයමිනි.හිමාෂා උස්...
හිමගිරි අරණ
"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත් විය.පාරමීට ඒ ප්‍රතික්ෂේප කිරීම දරා ගන්නට අපහසු බව ඇය දනියි.ඇයට වේදනාවක් දැනෙන්නේ ඒ නිසා ය.නමුත් රවිඳුට බලපෑම් කරන්නට තමන්ට ඇති හැකියාව කුමක්දැයි ඇය නැවත නැවතත් සිතන්නට ගත්තා ය. "එයා අවුල් වෙයි හැබැයි." ඇය...
හිමගිරි අරණ
ප්‍රේමය යන විෂයෙහි තමන් බරපතල රැවටීමකට ලක් වූ බව හිමාෂා දැන් හොඳින් දන්නී ය.නමුත් ඒ ප්‍රේමය තුළ නොව විවාහය තුළ යැයි සිතන්නට ඇය කැමති ය.ඈ සහන්ට ප්‍රේම නොකළ බව කියන්නට අසීරු වුව ද ඒ බැඳීමට ප්‍රේමය යැයි නමක් දෙන්නට ඇගේ කැමැත්තක් නැත. "ආදරේ කියන්නේ කැමැත්තකට විතරක් නෙවෙයි.ඒක බොහොම සංකීර්ණ දෙයක්.ඔය...