සුහදිනි

සුහදිනි
ක්‍රීඩාංගනය ඔල්වරසන් හඬින් ඇලලී යමින් තිබිණ.පහසු ජයක් සහිත ක්‍රිකට් තරගයක සන්තෝෂය ප්‍රේක්ෂකයන් විඳිමින් සිටින්නේ ගී ගයන නටන අතර ය.සකී ඒ මහා ජන ගංගාව දෙස මොහොතක් බලා සිට තරගය හසුරවන නායකයා දෙස බලා සිටියේ ය. අහස් ඉලංගසිංහ තිස් තුන් හැවිරිදි වියේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේ කණ්ඩායම් නායකයාව සිටියදී ය.ඔහු ක්‍රීඩාකරන අවසන්...
සුහදිනි
ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ හයේ පහරකිනි.ඔහු සිටින්නේ ආවේගයෙන් බව සකීට සිතිණ.උපරිමය කර දිනා ගත හැකි වී තිබූ තරගයක් ගිලිහෙමින් තිබේ.ඔහු ආවේගයෙනි. අහස්ගේ පිත්ත හයේ සහ හතරේ පහරවල් සොයමින් සිටි අතර නායකයා වඩා...
සුහදිනි
අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ සන්තෝෂය රැගෙන එනතුරු මග බලන්නට පටන් ගෙන තිබිණ. "අම්මලා මේ මැච් එක බලන්න එනවනෙ." සකී ඇගේ අම්මාගෙන් සහ තාත්තාගෙන් විමසුවා ය.මුළු තරඟාවලිය ම නරඹන්නට පැමිණෙන්නැයි අහස්ගෙන් ආරාධනා තිබුණ ද...
සුහදිනි
ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන දුරකට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට හැකි වීමෙන් පසු ය. අහස් ඉලංගසිංහ! තරග වාර්තා අලුත් කරමින් සිටියේ ය.මව්බිම මත නැඟෙන ජය ඝෝෂා...
සුහදිනි
ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා බියක් නො දැනෙන අපූර්ව දවස් පසු කිරීම ඇයට සහනයකි. "ඔයා එක්සෑම් ලියන වෙලාවේ මට මැච් එකක්." අහස් තීරණාත්මක මොහොතක එසේ ලියා එවා තිබිණ. "මට වෙන්න පුළුවන් නරකම දේ රිපීට් වෙන...
සුහදිනි
සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට ඔහු අවදිවන්නට ද පෙර ඔහු වෙත යන්නට සකීට සිතුණේ මධ්‍යම රාත්‍රියේ දී ය. "මං මේ හැම එකටම හා කියන හින්දා හොඳයි ඉතින්." අවදි වී තරප්පු පෙළ බැස ආ අහස්ට...
සුහදිනි
ලෝක කුසලාන තරග ඇරඹෙන්නට ඉතිරිව තිබුණේ අතක ඇඟිලිවලින් ගැනිය හැකි තරමේ කෙටි දින ගණනකි.සකී ඇගේ විභාග කටයුතු සඳහා වෙහෙසෙමින් සිටියා ය.ඇයට පළමු තරග දෙකතුනක් මඟ හැරේ.ඉන්පසු ක්‍රීඩාංගනයට වී ඔහුගේ දක්ෂතා සියැසින් දැක ගන්නට සකී අදහස් කරන්නී ය. "එක අතකට දෙන්නම මාරෙට බිසී වෙන එක හොඳයි නේද?" නිම්නා ඇසුවේ ඇත්තටම ය. "ඒ කියන්නේ...
සුහදිනි
"මං මෙතනට ඇවිල්ලා දුවෙක්ව ඉල්ලපු තරම කියන්න බැරි වාර ගාණක්." බෝධි පූජාව වෙනුවෙන් සැරසෙන අතර ඉලංගසිංහ මහත්මිය සකීට පැවසුවේ ආදරයෙනි.ඇය ඒ කියන්නේ අහස්ගේ සහකාරිය ගැනදැයි සකීට තෝරා ගන්නට නොහැකි විය. "තාත්තට නම් බිස්නස් වලටයි අරකටයි මේකටයි පුතෙකුට ආස හිතුණා.ඒ කාලේ තාත්තා මෙච්චර දියුණුත් නෑ.ඒ වුණාට මං ලස්සන දුවෙක් ගැන හීන මැව්වා." ඇය...
සුහදිනි
"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ අම්මා සකීව ද ඇගේ බෝධි පූජා වෙනුවෙන් සහභාගි කරගන්නට තීරණය කර තිබුණා ය. "ඔයා එන්න ඕන නෑ.ඔයා ගිහිල්ලා ප්‍රැක්‍ටිස් කරන්න." ඇය ඊළඟ තීරණය එසේ ලබා දුන්නා ය.කොහොමටත් මීට පෙර ඔහු වෙනුවෙන් ඇය ප්‍රාර්ථනා...
සුහදිනි
සාරණ්‍යා උත්කර්ෂවත් විවාහ මංගෝත්සවයක් පවත්වා විවාහ වූවා ය.ඇය සතුටිනි.ඇයට අවශ්‍ය ලෝකය දිනා ගත් සතුට ඇගේ දෑස් මත පෙනෙන්නට තිබිණ. "ගැළපෙන ලෝකයක් ලැබුණම ඕනෑ කෙනෙක් සතුටින් ඉන්නව." අහස් එසේ පැවසුවේ නිහඬ ප්‍රීතියකින් බව සකී වටහා ගත්තා ය.ඔහු අත් හැරී ගිය දෑතක් සුරක්ෂිත තැනක රැඳවී ඇති නිසා සතුටු විය හැකි තරමේ විසල් හදවතක්...