Tag: පෙමාතුර

pemathura
විසල් මල්වැන්න ප්‍රකට රක්ෂණ සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කළේ ය. ඔහු ගේ ගම නුවර කඩුගන්නාව ය. රක්ෂණ සමාගමේ මහනුවර ශාකාවට පසුව මාරුවක් ගන්නා බලාපොරොත්තුවෙන් කොළඹ පැමිණිය ද පසු ව ඔහු ඒ අදහස ඉවත් කර ගෙන තිබේ. "මොකද කොළඹිං කෙල්ලෙක් හම්බ වුණා ද..." පුංචි ඇසුවා ය. විසල් ගේ මුහුණට සිනහවක් ආවේ ය....
pemathura
ඉරිදා දහවල මා කාමරයේ යහනෙහි වැතිර පොතක් කියවමින් සිටියදී සනෝජා පුංචි එහි ආවා ය. මම පොත පසෙකට කොට ඇදෙස බැලුවෙමි. "මේ...අර කොල්ල ඇති නේද.." ඇය කොල්ලා කියා කීවේ ආදරය තැවරි ස්වරයකිනි. ඔවුන් අතරේ මීට පෙර කිසිදු සබඳකමක් වූයේ නැත. දැන හැඳින ගෙන සිටියේත් නැත. කතා බහ කළේත් එදා රෝහලේ දී වචන...
pemathura
 මොළයට රුධිරය සපයන වාහිනියක ලේ කැටියක් හිර වීම අඝාතය හෙවත් ස්ට්‍රෝක් ලෙස හැඳින්වේ. එම ලේ කැටිය දිය වී යාම සඳහාත්, ඉදිරියේ දී රුධිර වාහිනී වල ලේ කැටි ඇති වීම වැළැක්වීම සඳහාත් අම්මා ට ප්‍රතිකාර කෙරිණ.  ඇය කීවේ දැඩි හිසරදයක් එක් වන පැන නැගි බවයි. ඉන් පසු හාත්පස කළුවර වී දෑස...
pemathura
ඔහු මා වත්තන් කර ගෙන වාගේ රිදී පැහැති අසුන් පෙළ වෙත ආවේ ය. මා ව එහි හිඳුවා අසලක වූ වතුර ෆිල්ටරයෙන් කෝප්පයක් පුරවා වතුර ගෙනැවිත් මගේ මුවට ලං කළේ ය. "චුට්ටක් බොන්නකො. ඉන්න මං ටිකක් මූණෙ ගාන්නං. එතකොට ඔය ගතිය හරි යනව" මගේ මුහුණේ වතුර ස්වල්පයක් ගල්වා නැවත ඔහු කෝප්පය කසල...
pemathura
මම දිව ගොස් පැති ගේට්ටුව විවර කළෙමි. ඔහු ඇවිත් තිබුණේ ඔහු ගේ කළු පාට ඇක්වා රියෙනි. අම්මා රෝහලකට ගෙන යනවා නම් මෝටර් රථයක් අවැසි බව මට සිහි වූයේ එවෙලේ ය. ගමනක් බිමනක් යනවා නම් අම්මා රියදුරු සමග ආයතනයෙන් වාහනයක් ගෙන්වා ගත්තා ය. මා මුල සිට ම රිය පදවන්නට බිය...
pemathura
මම වරින් වර අම්මා දෙස බැලුවෙමි. දෙවියනි ඇගේ මුහුණේ වූ ශාන්තියේ, කරුණාවේ හා ආදරයේ රළ නැගුම! මට ඇය දෙස බලා ගෙන ම ඉන්නට ඕනා විය. නමුත් එසේ කිරීම නො ගැලපේ. ඒවා අප අතර වන අසිරිමත් විනය නීති සමූහය ට නො ගැලපේ. ඒ නිසා මා ඇදෙස බැලුවේ වරින් වර ය. "හස්බන්...
pemathura
ටෙලිපති යාන්ත්‍රණය මත හෝ අපේ චිත්ත තරංගයන් ඒ තත්පර කිහිපය තුළ සිත් අතරේ හුවමාරු වූවාද කියා නො දනිමි. කෙසේ වෙතත් මගේ කැළඹීම ඔහු වෙතින් ද මට දැනුණා කියා සිතමි. ඇතැම් විට මටත් වඩා ඔහු නො සන්සුන් ව සිටියා වන්නට පුළුවන. මගේ සෘජු බැල්ම ට ඔරොත්තු දී ගත නොහැකි ව...
pemathura
තාත්තා ගේ මරණය තුළ, අම්මා ජීවිතයෙහි නිදහස ලැබුවා ය කියා මම සිතමි. මා එසේ කියන්නේ තාත්තා ජීවත් ව සිටියදී අම්මා ට සිර කාරියක ලෙස ජීවත් වන්නට සැලැස්වූ නිසා ය. තාත්තා ගේ අවසරයකින් තොර ව   අම්මා ට කිසි සේත් ගෙදරින් බැහැර යා හැකි නොවිණි. ඇයට යා යුතු ඕනෑ ම...
pemathura
ජන අරගලයට සහභාගී වී මහ වැහි මැද්දේ ම ගෙදර ආ අපි, දිය නා ගෙන සැහැල්ලු ඇඳුමින් සැරසී කෝපි බොන්නට හිඳ ගතිමු. ගියේ අප තිදෙනා ය. සනෝජා පුංචි, ඇගේ යෙහෙළිය නදීරා හා මා ය. අම්මා ගෙදර සිටියා ය. දණහිස් වේදනාවක් ඇති ව තිබුණෙන් අම්මා ගෙදර නතර වී ද ඇය හදවතින්...