Tag: පෙමාතුර

"මං කියන්න ගියේ හතළිහ පැන්නට පස්සෙ ගෑනු ජීවිත හරියට මුහුදෙ ගැඹුරුම තැනක් වගේ කියල..ගැඹුරු වැඩිම තැන් හරි නිශ්චලයි. සන්සුන්. හතළිහක් වෙනකොට ගෑනු අපිටත් වෙන්න තියන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. ආදරේ කරල…ප්‍රතික්ශේප වෙලා…රිදිල…අඬල…තුවාල කැළැල් එක්ක වෙන ජීවිත ගත කරල..බැඳල..ළමයි හම්බ වෙලා…ළමයි වෙනුවෙන් ජීවත් වෙලා…මැරේජ් ලයිෆ් එක ගැන කලකිරිල..ඩිවෝස් වෙලා…ළමයි ලොකු...
pemathura
මම මවිසින් ම නිවාස අඩස්සියට පත් වීමි. මා වට කොට විවිධාකාර සිතිවිලි සේනා ක්‍රියාත්මක වෙන්නට කල් යල් බලමින් තිබිණ. අප්‍රමාණ කැප කිරීම් වලින් පසුව ද සහනයක් නො ලද ගැහැනියක ගේ ඉච්ඡා භංගත්වය තුළ මා ගිලී යමින් ද යළි ගොඩ එමින් ද යළිදු ගිලී යමින් ද පවතින්නට විය. මෙතෙක් මා විසල්...
pemathura
මිනිස්සු මුල දී දුක ප්‍රතික්ෂේප කරති. ඊළඟට, ප්‍රතික්ෂේප කළ නො හැකි බව දැන ගෙන වැළපෙති. දුකත් එක්ක මුහු වෙති. ඒ දුක කෙතරම් වද වේදනාවක් දැයි දැනෙත්දී තමන් දැඩි වී එ් දුක නො දැනී සිටිනු වස් අනුවර්තනය වෙති. ඒ තෙවන අවස්ථාවෙන් පසු මිනිසුන් කළු ගල් බඳු ය. ඉන් පසු කෙතරම්...
pemathura
මෝසම් වැස්ස දුක් ගීතයක් ගයමින් සිටියේ ය. මම කාමරයේ ඒ අතටත් මේ අතටත් සක්මන් නො සන්සුන් සක්මනක යෙදෙමින් සිටියෙමි. හිමයක සිසිල ද ග්‍රීෂ්මයක දාහය ද එක වර දැනෙමින් තිබිණ. ඒ සියල්ල හදෙහි දැනවූයේ මිහිරකි. අර ජනේලයෙන් පෙනෙනා වැස්සේ තෙමෙනා ආශාවක් මට දැනිණ. මම වීදුරු දොර හැර ගෙන සඳැල්ලට ගියෙමි....
pemathura
'ඉෂිනි කෝල් කළා' යන ආරංචිය මටත් වඩා අම්මා ට හා පුංචී ට ප්‍රහේළිකාවක් වූ සෙයින්, ඔවුහු සිය හිස් කොටු සහිත ප්‍රශ්නාර්ථ මුහුණු කැටිව ආලින්දයට පැමිණ සිටියහ. මීට පෙර ඉෂිනි හා නදීරා අතරේ දුරකතනය ඔස්සේ සම්බන්ධතාවයක් වූවා ද කියන්නට මා දන්නේ නැත. සමහර විට එසේ වන්නට ඇත. මුලින් නදීරා ගේ...
pemathura
ඉනික්බිති දවස් ගෙවුණේ ඉතා හෙමිහිට ය. සුළඟක් හෝ හැමුවේ නැති මිදුලක් සේ හිත නිසොල්මන් විය. ගලමින් සිටි ගඟක් අවුරා වේල්ලක් බැඳි කලෙක සේ ඒ ගඟ තව දුරටත් නො ගලා අතුරුදන් විය. සුසුම් සේ ම කඳුළු ත් මගේ ඇතුළාන්තයට සීමා විය.  කාලය ඕනෑ තරම් තිබුණත් වැඩක් සඳහා හිත යොමු කරන්නට තරම්...
pemathura
ඉෂිනි අපේ අම්මාවත් පුංචීවත් සිප ගත්තා ය. ඒ අතරේ මගේ ඇස් නතර වී තිබුණේ විසල් ගේ ඇස් මතයි. ඒ ඇස් මට කියමින් සිටියේ එක ම කතාවකි. ඒ තව දුරටත් මට ආදරේ බවයි. මතුවටත් මට ආදරේ බවයි. සසර පුරා මට ම පෙම් කරනා බවයි.  'එන්නම් කියා ගියා නම් ඉන්න තිබුණා බලං යන්නම් වත්...
pemathura
නැකත් දවස් වලට වහිනවා යි අම්මා කියනු මා අසා තිබේ. පොල් බිඳිනා සද්දයට මුළුතැන්ගෙට දිව විත් පොල් වතුර ටික ඉල්ලා ගෙන බොන මට අම්මා හා පුංචි නිතර කියූ කතාවක් සිහි වේ. "පොල් වතුර බිව්වහම මගුල් දාට වහිනවලු. අපි දන්නෑ ඔන්න" මගුල් දවසට දෙගොඩ තලා ගියත්  මොකදැයි සිතා මම හිතේ හැටියට පොල්...
pemathura
'ගැහැනු ළමයි' කියවූ වතාවක් ගානේ මගේ හිත නිමල් ගැන කලකිරීමකට පත් විය. කුසුම් ඔහු ගෙන් කළේ එක ඉල්ලීමකි. ඒ ඔහු ගේ මව ගේ කැමැත්ත ගෙන පැමිණෙන ලෙසයි. කවදාවත් එය කරනු වෙනුවට ඔහු කළේ ඇය ට තනි කැමැත්තෙන් විවාහ වීමට ඇරයුම් කරමින් සිටීමයි. මව ගේ කැමැත්ත ලබා ගැනීමට තරම් දිරියක්...
pemathura
කුළී නිවසින් නික්ම යන්නට පෙර විසල් අපේ ගෙදරට විත් අම්මලා සමගින් රාත්‍රී ආහාරය ගෙන තිබේ. සැබවින් ඒ ඔහු යන ආරංචියට අම්මලා කළ ඇරයුමක් නිසාවෙනි.  කාලයක් තිස්සේ ගෙදරින් කළ ඉල්ලීමක් නිසා සිය රක්ෂණ සමාගමේ මහනුවර ශාකාවට මාරුවක් ලබා ගත් බව එහිදී ඔහු පවසා තිබේ. ඉෂිනි ට ඕනෑ වූයේ ද ඔහු ව...