ටින් කළ සහ පැකට් කළ කෑම කන ගමන් අනිවාර්යයෙන්ම කියවන්න

කලබලකාරී ජිවන රටාවකට හැඩ ගැසුන අපට අද පැකට් කල සහ ටින් කල කෑම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. ගබඩා කිරීමේ පහසුව,ප්‍රවාහන පහසුව,පහසු මිළ ආදිය නිසා ටින් සහ පැකට් කළ කෑම හරිම ජනප්‍රියයි. ඉතින් මේ ගැන අපේ කාන්තාවන් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු කරුණු කාරණා රැසක් තියෙනවා.

ආහාර ටින් හෝ පැකට් කරන්නේ ඇයි?

ටින් කිරීම හෝ පැකට් කිරීම කියන්නේ ආහාර කල් තබා ගන්න එක් ක්‍රමයක් විතරයි.අතීතයේ අප කල්තබා ගැනීම් සිදු කලේ ස්වාභාවික ක්‍රමයට.ලුණුවල දැමීම,වැලි වලට යට කිරීම,මාළු ජාඩි දැමීම,පැණි දැමීම වගේ දේවල්.

ආහාර ටින් කිරීමේදී පියවර කිහිපයක් අනුගමනය කරනවා. මුලින්ම ආහාර කැබලි කොට අසුරා පසුව සීල් කර රත් කිරීමකට රත් කරනවා.එයින් එහි බැක්ටීරියා ඉවත් වනවා.

පෝෂණය සුරැකිව තිබෙනවාද?

කෑම ටින් කිරීමේදී හෝ පැකට් කිරීමේදී පෝෂණය විනාශ නොවන බව පර්යේෂකයන් පවසනවා.නමුත් විටමින් c වැනි පෝෂක කොටස් විනාශවන බව පැවසෙනවා.

මිළට ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

  • ගබඩා කර ඇති ස්ථානයේ උෂ්ණත්වය ඇසුරුමේ සදහන් කර ඇති උෂ්ණත්වයට ගැලපෙනවාද යන්න.
  • අධි ශීතකරණ ගත කර තිබෙන ඒවා නිවසට රැගෙන යාමේදීත් එම උෂ්ණත්වයේම පවත්වා ගැනීම.
  • පළුදු වීම් හෝ ඇතුලට එබුනු ඒවා මිලදී නොගැනීම.
  • පොලිතීන් වල ඇසුරූ ආහාර අධික උෂ්ණත්වයක ඇත්නම් මිලදී නොගැනීම.
  • ඉහල වට්ටම් ලබා දෙනවානම් ඒ ගැන විමසිලිමත් වීම.
  • කල් ඉකුත් වන දවස ගැන සැළකිලිමත් වීම.
  • පිළිගත් වෙළඳ නාමයන්ගෙන් යුතු ඒවා මිළදී ගැනීම.

නුසුදුසු ඇසුරුම් නිසා සිදුවන හානි

නුසුදුසු ඇසුරුම් නිසා පිළිකා වැනි මාරාන්තික රෝග වැළඳීමට ඇති හැකියාව වර්ධනය වනවා.ටින් කල ආහාර වලට එම ටින් නිසි ප්‍රමිතියෙන් නොයුතු නම් විවිධ රසායන ද්‍රව්‍ය එකතුවීමේ හැකියාව තිබෙනවා.වකුගඩු රෝග වැළඳීමේ ඉඩ ඒ නිසා ඇති වෙනවා.සමේ ගැටළු,උදරාබාධ ආදී රෝග රැසකට පාර කැපෙනවා.

ඉතින් පහසුවත් ලාභයටත් අමතරව සෞඛ්‍ය ගැනත් හිතන ඔබට මේ සියලු කරුණු කාරණා වැදගත් වෙයි කියලා අප හිතනවා.

– චම්මි –

Previous articleදැනගෙන ව්‍යායාම කරමුද?
Next articleඔබේ ගෙවත්තේ තණ පිටිය අලංකාරව පවත්වාගෙන යන්නේ කොහොමද?
චම්මි ඉරේෂා කරපුටුගල
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ ජන සන්නිවේදනය පාඨමාලාව සමග ජාතික තරුණසේවා සභාවෙන් නිර්මාණාත්මක සංනිවේදනය ඇතුලුව රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ වීඩියෝතාක්ෂණය හදාරා ඇත. රන්දිව ජාතික පුවත් පතේ විශේෂාංග ලේඛිකාවක ලෙසද,ශ්‍රී ලංකා සුමිත්‍රයෝ මෙල් මැදුර ආයතනයේ ප්‍රජා සංවර්ධන නිලධාරිනියක ලෙසද ,පිටපත් රචිකාවක ,වෙලද දැන්වීම් පිටපත් රචිකාවක ලෙසද අත්දැකීම් රාශියක් ලබාගෙන ඇත.ළමා පොත් 12කට ආසන්න ප්‍රමාණය ක් රචනා කර ඇති අතර ඉන් බොහොමයක් අන්තර්ජාතික සංවිධානය ක් වන රූම් ටු රීඩ් ආයතනය සමග සිදුකර ඇත.විනෝදාංශය ක් ලෙස කෙටි චිත්‍රපටකරණයේ නියැලෙනීය.