ලස්සන පෙනුමකට නිවැරදි යට ඇඳුම් තෝරාගමු

ගොඩක්දෙනා හිතන්නෙ ඇඳුම් නිසි මිම්මට තෝරාගැනීම පිළිබඳව පමණයි. නමුත් යටඇඳුම් නිසි පරිදි නොතිබුණොත් ඇඳුමේ පෙනුම අවලස්සනවෙනවා පමණක් නොවෙයි ස්‍යෙඛ්‍යයට තර්ජනයක් වෙන්නත් පුළුවන්.

බොහෝ කාන්තාවන් සාප්පුවකට ගිහිල්ල bra එකක් fit- on කරල බලන්න අකමැතියි. එහෙම නැතිනම් ලැජ්ජයි. මේ නිසා මුදල් ගෙවල තමන්ටග ඇඟට ගැලපෙන්නෙ නැති bra එකක් අරගෙන දුක්විඳිනව. ඒනිසා මේ අත්වැල ඔබට ගැලපෙනම bra එක තෝරාගන්නයි.

ඇඟට හරියටම ගැලපෙන bra එකක් නම් අතට අත්වැසුම් යුවළක් පැළඳුවා වගේ හරිගානටම තියෙන්න ඕන. එහි යට ඇති band එක ඇතුලෙන් ඇඟිලි දෙකක් පහසුවෙන් ගෙන යා හැකි නම් දවස පුරා straps හදන්න වුණේ නැතිනම් සහ bra එක එහෙමෙහෙ වුණේ නැතිනම් ඔබ තෝරාගෙන අත්තේ නිවැරදි bra එකක්. ඔබට පසුපස ඇති හක්වලින් ඇඟට ගැලපෙන්න්නට adjust කරන්න පුළුවන්වුණත් size එකක් අඩුවුණොත් නම් අලුත් bra එකක් ගන්න වෙනවා.

  • බොහෝදෙනා සිතන්නෙ bra cup එක ඇතුලෙ ඉඩ තියෙන්න ඕන කියල. මේක වැරදි මතයක්. හරියටම ගැලපිලා නම් bra cup එකතුල ඉඩක් ඉතුරුවෙන්න බැහැ. ඒ වගේම පියයුරු උඩට ඇවිල්ල තියෙන්නත් බැහැ.
  • ඔබ අත් ඉහළට ඔසවා කරකවනවිට band එක එහාමෙහා නොවෙනවානම එය ගැලපෙන bra එකක්. එහෙමෙහෙ වෙනවනම් straps වලින් සහ හක්වලින් හදල බලන්න. මතකතබාගන්න, පියයුරු සහ උරහිසෙහි straps අතර තිබිය යුත්තේ වියතක දුරක් පමණයි.
  • Braඑකක් ඇන්ද පසු පිටේ මස්පිඬු නෙරාඑනවා නම් එයත් වැරදි bra එකක්. හරි bra එකක් නම් පිට මැදටවන්නට ගානට තිබිය යුතුයි.
  • ඔබේ ශරීරයේ සැකිල්ල ප්‍රමාණයෙන් කුඩානම් Demi bra එකක් try කරල බලන්න. ඒවායෙහි යට ඇති වයරය කුඩා නිසා අත්යටට වේදනාවක් දැනෙන්නේ නැහැ. ශරීරයේ සැකිල්ල ප්‍රමාණයෙන් පළල්නමි හක් තුනක් ඇති bra එකක් තෝරා ගැනීම තුලින් වැඩි පහසුවක් ළඟාකරගත හැකයි.
  • නිසි bra එකක් ඇන්දවිට එහි යට ඇති වයරය (underwire) පියයුරු යටට (breastbone) නිසි ලෙස තදවි නැතිනම වහාම ඔබේ bra එක මාරුකරන්න.

එකිනෙකාගේ පියයුරුවල ප්‍රමාණය, හැඩය සහ ශරීරයේ ප්‍රමාණය වෙනස්. ඒවගේම එකම කෙනාගෙත් පියයුරුවල ප්‍රමාණය, හැඩය සහ ශරීරයේ ප්‍රමාණය කාලයෙන් කාලයට වෙනස්වෙන්න පුළුවන්. ඒනිසා කාලයෙන් කාලයට ගැලපෙන නිසි මිම්මෙන් යුත් bra එකක් තෝරාගන්න. නැතිනම් කොන්දෙ  අමාරු, breast tissue පිටුපසට ඇදීම වගේ ස්‍යෙඛ්‍යයමය ගැටළු ඇතිවිය හැකියි.

Bra_Fit_Image_SITE_grande bra-mistakes wear-proper-bra-size

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles