දෑත ලස්සන කරන fake nails ගැන මේ දේවල් ඔබ දන්නවාද?

වයස් බේදයකින් තොරව සියලුම කාන්තාවන් අතර නිය අලංකරණය අද ජනපි‍්‍රය මෝස්තරයක් බවට පත්ව තිබේ. අලංකාර ස්වභාවික නිය පෙළක් ඇත්තේ ස්වල්ප දෙනකුට පමණි. නමුත් ස්වාභාවික නියට සමානව ම කෘත්‍රිම නිය ආදේශ කොටගෙන විවිධ වර්ණ, විවිධ මෝස්තර රටා මැවීමට දැන් හැකියාව ඇත. මෙනිසා නිය සැරසිලි (nail art) සඳහා ව්‍යාජ නියපොතු (fake nails) වැඩි ඉල්ලුමක් පවතී.

නියපෙළ ක්‍රමවත්ව පිහිටා නොමැති යම් යම් හේතූන් නිසා නිය අවලස්සන වී ඇති නිතර කැඩීයන සුළු නිය ඇති අයට ස්වාභාවික පෙනුමට ආසන්න පෙනුමැති කෘත්‍රිම නිය සවිකර ගැන්මට හැකියාව  ඇත. නියපොතු දිගුවන් nail extensions කෘතීම නියපොතු වෙනුවට ආදේශකයක් නොව, ස්වභාවික නියපොතු සඳහා දිගුවකි.ඇක්‍රලික් සහ ජෙල් නේල් දැන් බොහෝ දෙනෙකු අතරේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ව්‍යාජ නියපොතු නිසියාකාරව සවි කරනවා නම් කෙසේවත් නියවලට හානිකර නෙවේ. ඇක්‍රලික් හා ජෙල් නේල් සවිකිරීමෙන් පසුව කිසිම ආකාරයකින් ඉන් කෘත්‍රිම පෙනුමක් ඉස්මතු වන්නේ නැහ.

කෘත්‍රිම නියපොතු ආදේශ කිරීමෙන් නියපොතු සැපීමේ පුරුද්දක් ඇති අයට එයින් මිදීමට, කැඩුණු නියපොත්තක් ආවරණය කිරීමට, ඉතා කෙටි නියපොතුවලින් ඇතිවන අවලක්ෂණ පෙනුම නැතිකර ගැනීමට, ඉක්මනින් හානියට පතවන නියපොතු ආරක්ෂාකර ගැනීමට හැකියාව ඇත . දිගු කාලයක් ගෙන නිය ආලේපන ගැල්වීම සිදු කිරීමට අපහසු කාර්යබහුල කාන්තාවන්ට ද මෙම ක්‍රමය ප්‍රෙයා්ජනවත්.

ව්‍යාජ නියපොතු සවිකළ පසු නිය පෙලට ලස්සන නිමාවක් ගෙන දෙන අතර එය වැඩි ශක්තමත් බවකින් ද යුක්තවනවා. අවශ්‍ය වන අවස්ථාවන්වලදී ගල්වා ඇති නිය ආලේපන හෝ නේල් ආට් එක ඉවත්කර නැවත තමන් කැමති අයුරින් නිය අලංකරණය කරගැනීමට ද හැකිය. මෙය හිතුන විටෙක ඉවත්කර දැමීම කළ නොහැකි අතර අපරික්ෂාකාරි ලෙස ඉවත් කරන්නට ගියහොත් ස්වාභාවික නිය හානි විය හැක. සවිකරන ලද නිය නැවත ඉවත් කිරීමක් කරනවා නම් පළපුරුදු දැනුමක් අය ඇති සුසුසුකම් ලත් ස්ථානයකට වෙත යා යුතුවේ. මෙලෙස සවිකල ව්‍යාජ නියපොතු ඉවත් කළ පසු එයට යටින් තිබෙන ස්වාභාවික නියවලට සත්කාර කිරීම නම් ඉතාමත්ම  වැදගත්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles