පතිනියකගේ සටහන් – 7

“නංගි බෝඩිමේ ඉන්න කැමතිම නැහැ පුතේ.. “

භානුකගේ අම්මා ගැටලුවකට මැදි වෙලා. මගේ එකම නෑනා සයුරි උසස් අධ්‍යාපනය වෙනුවෙන් කොළඹට ඇවිත් ටික දවසක්. අපේ ගෙදර නැවතීම වෙනුවට ඇය තෝරා ගත්තේ බෝඩිමක්. සම වයසේ මිතුරියන් සමඟ නිදහසේ ඉන්න ජීවිතය අයියාගේ පාලනය යටතේ හිඳීමට වඩා පහසු බව ඇය හිතන්න ඇති. ඉතින් අපි ඇගේ තීරණයට එකඟ වුණත් හදිසියේම ඇයට බෝඩිම එපා වෙලා.

“මොකෝ කෙල්ලට බෝඩිම එපා වුණේ.යාලුවොත් එක්ක ඉන්න ඕනමයි කියපු ළමයනෙ මේ”

බුම්මගෙන ඉවත බලන් ඉන්න සයුරි නංගිගෙන් මම ඇහුවේ ගැටලුව විසඳා ගත යුතුම නිසා.

“මාධවී හරිම අපිරිසුදු ළමයෙක් අක්කා. මට එයාගෙ අපිළිවෙල දරාගෙන ඉන්නම අමාරුයි”

සයුරි හිතේ හිරවුණු ගැටලුව කියන්න පටන් අරන්.

“මාධවී නාන්න කම්මැලි ද.. නැත්නම් රෙදි හෝදන්නේ නැද්ද”

මම හිනාවකට ඉඩ හැරියේ සයුරිගේ මූඩ් එක වෙනස් කරන්න හිතාගෙන.

“ඒවත් එහෙම තමයි. මට හුඟක්ම කළකිරෙන්නේ එයාට මෙන්සස් හැදෙන දවසට. Sanitary towels මාරු කරන්න, පිළිවෙලට පිරිසිදුකමට ඉන්න පොඩි උවමනාවක් වත් නැහැ”

සයුරි කියන්නේ අප්‍රසාදයෙන්.

“අසනීප දවසට නොනා ඉන්න ඕන කියලා සමහර අයගෙ මතයක් තියනවා චූටි. ඒ දවසට හොඳට නාන්න , ඇඟ හෝදන්න මම ඔයාට උගන්නලා තිබ්බට”

අම්මාගේ කතාව හරිම නිවැරදියි. මාසික ඔසප් දිනවල නෑමෙන් වැළකී ඉන්න උවමනා වගට අපේ සමහර කාන්තාවන් අතර මතයක් තිබෙනවා. මගේ අදහස නම් අපි වඩා පිරිසිදුව සිටිය යුතුම ඒ දින කිහිපය.

“සමහර වෙලාවට උදේ නැගිටිනකොට බ්ලීඩ් වෙලා ඇඳුමේ, බෙඩ් ශීට් වලත් ගාගෙන අක්කා. මට ඔලුව කැරකෙනවා ඒ වෙලාවට”

නංගිගේ පැමිණිලි ඉවරයක්ම නැහැ.

“ඒ නිවැරදි sanitary towels තෝරා ගන්න නොදන්නා කම නංගි..”

නංගි ඒ කතාව පිළිගත්තේ හිස වැනීමකින්.

“නංගිට මතකද මගේ යාලුවා හර්ෂිව. එයා ලෝයර් කෙනෙක්නෙ. එයා දවසක් කියනවා, ඒ දවස් කීපයේ වයිෆ් පිරිසිදුකම ගැන නොහිතන එක, නිවැරදි විදියට සැනිටරි ටවල්ස් මාරු කරන්නේ නැති එක සමහර හස්බන්ඩ්ලට ඩිවෝස් වෙන්න කාරණාවක් ලු”

මගේ කතාවට තව එකතු කරන්න කාරණා බොහොමයක් අම්මට තිබෙන පාටයි.

“ගෑනියෙක් වෙන එක පවක් නෙවෙයි පුතේ. ගෑනුකම නිසා අපිට ලැබුණු සමහර කරදර අපි බාරගන්න ඕන හිතේ සන්තෝසෙන්. හරියට ඔලුව පාවිච්චි කරලා වැඩ කරනවා නම් ඒ දේවල් කරදර වෙන්නේ නෑ. ගෑනු ළමයෙකුගේ ජීවිතේ අංක එක වෙන්න ඕන පිරිසිදුකම. කොණ්ඩෙ ලස්සනට තියා ගන්න එක, මූණට එක එක දේවල් කරන එක, රෝම ඉවත් කරන එක, ලස්සන ඇඳුම් අඳින එක,නියපොතු කපන එක තරමටම ශරීරය පිරිසිදුව තියා ගන්න සැලකිලිමත් වෙන්නම ඕන ගෑනු ළමයෙක්”

අම්මා කියන්නෙ නංගිටත් මටත් දෙන්නටම.

“පිරිසිදු අන්ඩර්වෙයාස් අඳින එක, හොඳ සැනිටරි ටවල්ස් භාවිතා කරන එක, feminine wash එකක් භාවිතා කරන එක වුණත් වැදගත්. ඒ පිරිසිදුකම මදි වුණාම කොන් වෙනවා විතරක් නෙවෙයි පසුකාලීනව ගර්භාෂ ආශ්‍රිත රෝග වුණත් ඇති වෙන්න පුලුවන්”

මම එහෙම කියනකොට නංගිට තවත් දෙයක් සිහිපත් වෙලා.

“ඒ දවස් කීපය පිරිසිදුවට ඉන්න එක නම් මට පුරුදුයි තාරු අක්කා. මට තියන ප්‍රශ්නෙ ඒ දවස් කීපය බයෙන් ගත කරන එක. බ්ලීඩ් වෙලා ඇඳුමේ ගෑවෙයිද කියලා මම හරිම බයෙන් ඉන්නේ”

“හොඳ සැනිටරි ටවල්ස් පාවිච්චි කරනකොට මෙන්සස් වෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ නංගි. ඒක හරිම ස්වභාවික සංසිද්ධියක් කියලා හිතලා ජීවිතේට මූණ දෙන්න ඕන අපි. ඒ දවස් කීපයට අපිව සීමා කරන්න දෙන්නම එපා”

මම එහෙම කියලා නැගිට්ටේ නංගිට කාමරයක් ලෑස්ති කරන්න හිතමින්

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles