පාසල් නිවාඩු කාලය රස කරන කෑම

ඔන්න පාසල් නිවාඩු කාලේ ඇවිත්. ඉතින් නිවාඩුව රසවත්ම රසවත් කරගන්න අම්මාගේ ආදරයද එකතු කරලා සවස් වරුවක තේ පානයට මේ කෑම වර්ග හොඳින්ම ගැලපේවි. ඔන්න අමතක කරන්න එපා. දරුවන්ගේ නිවාඩුව රසයෙන් පුරවන්න.

ඔරෙන්ජ් බටර් කේක්

අවශ්‍ය දේවල්: බටර් ග්‍රෑම් 150, සීනි ග්‍රෑම් 150, පාන් පිටි ග්‍රෑම් 175, බිත්තර 4, බේකින් පවුඩර් තේ හැඳි එක හමාරක්, ඔරෙන්ජ් එසෙන්ස් තේ හැඳි එක හමාරක්, නැවුම් එලකිරි තේ හැඳි 5, දොඩම් යුෂ මි.ලී.150, අයිසින් සීනි ග්‍රෑම් 75.

සාදන ක්‍රමය:

බටර් සහ සීනි බීට් කරගන්න. එයට බිත්තර එකින් එක දමමින් බීට් කරන්න. පිටි සහ බේකින් පවුඩර් එකට හලා එයට මිශ්‍ර කරන්න. දොඩම් යුශ සහ කිරි එකට එකතු කර රත් කරගන්න. නිවෙන්නට හැර කේක් මිශ්‍රනයට එකතු කරන්න. ඔරෙන්ජ් එසෙන්ස් ටිකක්ද කලවම් කරගන්න. තැටියකට දමා සෙන්ටිග්‍රේඩ් 180 ක උෂ්ණත්වයක විනාඩි 35 ක් බේක් කරගන්න. කේක් එක නිවුනු පසු හලාගත් අයිසින් සීනි එයට උඩින් මිශ්‍ර කරන්න.

යෝගට් කේක්

අවශ්‍ය දේවල්: බටර් ග්‍රෑම් 150, සීනි ග්‍රෑම් 125 කොටස් 2 ක්, බිත්තර කහමද 3, පිටි ග්‍රෑම් 125, බිත්තර සුදු මද 3, යෝගට් ග්‍රෑම් 130, බේකින් පවුඩර් තේ හැඳි 2, වැනිලා තේ හැඳි 2.

සාදන ක්‍රමය:

බඳුනකට සීනි ග්‍රෑම් වලින් 125 ක් සහ බටර් එකතු කර හොඳින් බීට් කරගන්න. බිත්තර කහ මද එකින් එක එකතු කරමින් නැවත බීට් කරන්න. පිටි සහ බේකින් පවුඩර් එකට හලා ගන්න. පලමු මිශ්‍රනයට එකතු කරන්න. ඉතිරි සීනි ග්‍රෑම් 125 ගෙන එයට බිත්තර සුදු මදය දමා බීට් කරන්න. මෙම මිශ්‍රනය කේක් මිශ්‍රනයට එකතු කර යෝගට් දමා වැනිලාද මිශ්‍ර කර බටර් ගාගත් තැටියක ට මිශ්‍රනය දමා සෙන්ටිග්‍රේඩ් 180 උශ්නත්වයට් විනාඩි 35 ක් පුලුස්සා ගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles