ක්ෂණික මෝචනයෙන් ගොඩ එන්නේ මෙහෙමයි!

ලිංගික සම්බන්ධතාවකදී ඊට සම්බන්ධ වන දෙදෙනාගේ ම තෘප්තිමත්භාවය එක සේ වැදගත් වෙනවා. කාන්තාවන්ට එක් සුරතාන්තයක් අවසානයේ නැවත ඉක්මනින් ලිංගිකව පිබිදීමට හැකියාව තිබෙන නමුත් පිරිමි පාර්ශවයට එසේ නැහැ. ඒ අනුව පිරිමියාගේ සුරතාන්තය, කාන්තාවට සුරතාන්තයක් ලැබීමට පෙර සිදු වුවහොත් එය තරමක් ගැටලුකාරී වන්නට පුලුවන්. එක්වරම එය ගැටලුවක් නොවුණත්, නිසි සන්නිවේදනයකින් තොරව දිගින් දිගට මෙසේ සිදුවීම නිසා සබඳතා පවා දෙදරා යන්නට හැකියාව තිබෙනවා.

මේ ගැටලුව හේතු දෙකක් නිසා සිදුවන්නට පුලුවන්. පළමුවැන්න වන්නේ පිරිමියාගේ නොසැලකිල්ල හෝ නොදැනුවත්භාවයයි. තම සහකාරියගේ තෘප්තිමත් බව ලිංගික එක් වීමකදී එතරම් වැදගත් ලෙස නොසිතන මෙන්ම එහි වැදගත්කම නොදන්නා පිරිමින් පිරිසක් තවමත් සමාජය තුල සිටිනව. ඔවුන්ගේ එම ආකල්පය නිසා ලිංගිකව තෘප්තිමත් නොවීමෙන් සබඳතා තුල අසතුටින් පසුවන කාන්තාවන් වර්ථමානයේ පවා සුලභව සිටීම ඛේදනීය තත්වයක්.

දෙවැන්න වන්නේ ක්ෂණික මෝචනයයි. ඒ සඳහා කායික මානසික හේතු රැසක් බලපානවා. මෙම ලිපිය තුලින් අපි අද ක්ෂණික මෝචනය ගැන කතා කරමු.

ඉක්මනින් ශුක්‍රාණු පහවීම හඳුනා ගන්නේ කෙසේ ද ?

ක්ෂණික මෝචනය ලෙස හඳුන්වන්නේ ලිංගික ක්‍රියාවලියකදී විනාඩියකට අඩු කාලයකදී ශුක්‍රාණු පිටවීමයි. මෙය ආකාර කීපයක් තිබෙනවා.

ශුක්‍රාණු පිටවෙන්නට පටන් ගත් දවසේ සිට මේ වෙන තුරුත් ඊට ගතවන කාලය විනාඩියට අඩු වීම.

මුල් කාලයේ සාමාන්‍ය පරිදි සිදු වුණත් පසුව ශුක්‍රාණු පිට වීමේ කාලය විනාඩියකට වඩා අඩු වීම.

මේ අවස්ථා දෙකෙන් කුමක් වුවත්, එය හඳුනාගැනෙන්නේ ක්ෂණික මෝචනයක් ලෙසයි. මෙය අසාමාන්‍ය හෝ බිය විය යුතු දෙයක් ලෙස සැලකෙන්නේ නෑ. බොහොමයක් පිරිමි සිය ජීවිත කාලයේ එක් කාලසීමාවකදී හෝ මෙම තත්ත්වය අත් විඳ තිබෙනවා.

ක්ෂණික මෝචනයට හේතු මොනවා ද?

මොළයේ රසායනික ක්‍රියාවන් වෙනස් වීම

විශාදය, කාංසාව සහ මානසික අවපීඩනය

සහකාරිය විසින් ප්‍රතික්ෂේප වේ යැයි ඇති බිය

සබඳතාවය පිළිබඳ ඇති ගැටලු

තමන්ගේ ලිංගික ශක්තිය පිළිබඳ අතෘප්තිමත් වීම

සමහර ආගමික විශ්වාස

කුඩා කාලයේ ඇතිවූ ඍණාත්මක ලිංගික අත්දැකීම්

මේ සඳහා නිවසේ දී ම ප්‍රතිකර්ම කළ හැකි ද ?

ඔබ මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා නම් මුලින් ම කළ යුත්තේ ඔබේ ලිංගික සහකාරිය සමඟ මේ පිළිබඳ ව විවෘත වීමයි. ඇයගෙන් ලැබෙන සහයෝගය මත ඔබට මෙම තත්ත්වය බොහෝ විට මග හරවා ගන්නට පුලුවන්. එසේ නොමැති වූ විට වෛද්‍ය උපදෙස් ලබා ගන්නට වෙනවා.

Stop and Start

මෙහිදී ඔබ කිනම් හෝ ආකාරයකට ශිශ්නය උත්තේජනය කරමින් සිට, ශුක්‍රාණු පහවීමට ආසන්න වූ විට එය නතර කිරීම කළ යුතු වෙනවා. නැවතත් එසේම සිදු කර ශුක්‍රාණු පහවීමට ආසන්න වූ විට නතර කරන්නට අවශ්‍ය වෙනවා. මේ අයුරින් එක් ලිංගික එක්වීමකදී තුන් හතර වතාවක් සිදු කිරීම ප්‍රමාණවත්. මෙය ස්වයං වින්දනය කිරීමේ දී ද සිදු කළ හැකි යි.

The squeeze

පෙර ක්‍රමයට තරමක් සමාන ක්‍රමයක් ලෙස මේ ක්‍රමයත් හඳුන්වා දෙන්නට පුලුවන්. මෙහිදී ඔබ පෙර සේම ශිශ්නය උත්තේජනය කරමින් සිට, ශිශ්න මුණ්ඩය එනම් ශිශ්නයේ ඉහළ කොටස තෙරපීමකට ලක් කොට ශුක්‍රාණු පහවීම නතර කළ යුතුයි. මෙයත් පෙර පරිදි ම තුන් හතර වතාවක් සිදු කළ විට ප්‍රමාණවත්.

Kegel Exercise

Pelvic floor muscles දුර්වල වීම ක්ෂණික මෝචනයට හේතුවක් වන්නට පුලුවන්. ඒ නිසා එම මාංශපේශී ශක්තිමත් කිරීමෙන් ද මෙම ගැටලුව මගහරවා ගන්නට පුලුවන්. මේ සඳහා ඇති සුවිශේෂී ව්‍යායාම් Kegel Exercise කියා හඳුන්වනවා. මෙය සිදු කරන්නේ මෙසේ යි. මුත්‍රා කිරීමේ දී, තත්පර තුනක් මුත්‍රා කර නැවත තවත් තත්පර තුනක් මුත්‍රා සිරකර ගෙන සිටිනවා. මෙම ක්‍රියාවලිය නැවත කරන්න. මේ ලෙස වාර දහයක් පමණ කළ විට pelvic floor muscles ශක්තිමත් වෙනවා.

බන්සොකේන් අඩංගු කොණ්ඩම පාවිච්චි කිරීම.

බන්සොකේන් අඩංගු කොණ්ඩම මගින් ශුක්‍ර මෝචනය පමා කරනවා. ඉතා අඩු මිලකට මේවා ෆාමසිවලින් ලබා ගත හැකි වෙනවා. නමුත් මෙය තාවකාලික විසඳුමක් විනා ස්ථිර විසඳුමක් නම් නොවෙයි.

තාවකාලික ව හිරිවැටීමක් ලබා දෙන ක්‍රීම් සහ ස්ප්‍රේ වර්ග

මෙවැනි ක්‍රීම් වර්ග සහ ස්ප්‍රේ වර්ග ෆාමසිවලින් මිලදී ගත හැකියි. මේවා ඔබ ලිංගික ව එකතු වන්නට විනාඩි විස්සකට පමණ පෙර ආලේප කර සෝදා දැමීම කළ යුතුයි. යම් හෙයකින් කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තැවරුණහොත් එම ස්ථානයත් හිරිවැටීමකට ලක් විය හැකියි. ඉන් වැළකීමට සෑම විට ම මෙසේ සේදීම කළ යුතුයි. මෙම විසඳුමත් තාවකාලික එකක්. ස්ථිර විසඳුමක් ලෙස තාවකාලික ව හිරිවැටීමක් ලබා දෙන ක්‍රීම් සහ ස්ප්‍රේ භාවිතා කිරීම සාර්ථක නෑ.

මෙවැනි ගැටලුවකින් ඔබ දිගින් දිගටම පීඩාවට පත් වී ඇත්නම් සහකාරිය සමග සුදුසුකම් ලත් මනෝවිද්‍යා උපදේශකවරයෙක්ගේ සහය ලබා ගන්න. මක් නිසාද යත් සරල මනෝචිකිත්සක ක්‍රම මගින් මේ ගැටලු විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම උපදේශකවරයෙක්ගේ සහය මගින් නිවැරැදි අවබෝධයක් ඔබේ සහකාරියට ලබා දී මේ ගැටලු විසදා ගැනීමට ඇගේ සහයත් ලබා ගැනීමට ඉතාම වැදගත් නිසා.

මේ කිසි ලෙසකින්වත් ඔබේ ගැටලුව නිරාකරණය නොවන බව හැඟේ නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි. එය මානසික හෝ කායික ගැටලුවක් විය හැකියි. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැසීමෙන් ගැටලුවේ නිවැරදි මූලය සොයා බලා ඊට ප්‍රතිකාර කරනු ලබනවා. මෙය බොහෝ විට සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාව සහිතයි.

Related Articles

Don't Miss


Latest Articles