Rough Sex(Hardcore) ගැන හැමදේම දැනගනිමු.

⭐මොකක්ද මේ Rough Sex කියන්නේ?

සාමාන්‍යයෙන් රෆ් (Rough Sex) සෙක්ස් කියන්නේ එක්තරා විදියක ප්‍රචණ්ඩකාරී, වේගවත් ලිංගික ක්‍රියාකාරකමකට කියලා කියන්න පුලුවන්. බොහෝ දෙනෙක් මේ රෆ් සෙක්ස් (Rough Sex) එහෙම නැත්නම් යම්තාක් දුරකට ප්‍රචණ්ඩකාරී වූ ලිංගික එක්වීම් ඉතාම විශාල වශයෙන් වින්දනය කරන බව දකින්න ලැබෙනවා. අද අපි කතා කරන්න යන්නෙ කොහොමද මේක නිවැරදිව කරන්නේ සහ සීමා කොයි වගේද කියලයි.

ඇත්තටම මේ මාතෘකාව ඉතා ම පුළුල් එකක්. මේක hard kissing වල ඉඳන් ඔයාලා කවුරුත් දන්න BDSM වල සමහර අවස්ථා එක්කත් බැඳිලා තියෙන දෙයක්. හැබැයි මේකෙදි ලිංගික ව එක්වෙන ඔයාල දෙන්නගෙන් එක්කෙනෙක් Hardcore කරනවා, අනිත් කෙනා විඳිනවා කියලා එකක් නෑ. ඕනෙ නම් දෙන්නටම තරමක් වේගවත් සහ දැඩි ලිංගික එක්වීමකට යන්න පුලුවන්.

⭐මතක තියා ගන්න!!!!

මානසික ව, කායික ව වැඩිහිටියන් ලෙස සැලකෙන අයට තමයි ලිංගික උපදේශකවරු මේ Rough Sex නිර්දේශ කරන්නෙ. සම්පූර්ණයෙන් ම, 100%ක්ම ඔයාලා දෙන්නම එකඟ වෙලා නෙවෙයිනම් මේ ක්‍රියාකාරකම් කරන්නෙ, ඒ රෆ් සෙක්ස් නෙවෙයි. ඒ ලිංගික අපයෝජනය.ඉතින් හොමතගයු දෙන්නගෙම කැමැත්තෙන් මිස මේක කරන්න යන්න හිතන්න එපා.

⭐ Rough Sex අසාමාන්‍ය ආශාවක් ද?

යම් මට්ටමකට ප්‍රචණ්ඩකාරී ව සෙක්ස් කරන එක අසාමාන්‍යයි කියලා ඔයාට හිතෙන්න පුලුවන්. ඇත්තටම ඒක අසාමාන්‍ය හෝ ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් වෙන්නේ ඔයාට ඔයාගෙ පාට්නර්ගෙ කිසිම අනුදැනුමක්, කැමැත්තක් වගේ ම සූදානමක් නැතුව කරන්න යනවා නම් තමයි. නැත්නම් මේ ලිංගික ක්‍රියාකාරකම සාමාන්‍ය සහ පොදුවේ බොහෝ දෙනා සිදු කරන ක්‍රියාකාරකමක්.
ගොඩක් BDSM Fantasies තියෙන අය මේ rough sex වලටත් ආසයි කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් ඔයත් ආසයි නම්, ලිපිය දිගටම කියවන්න.

⭐ Sexual Consent එක ඉතාම වැදගත්

Sexual consent කියන්නෙ ඔයාලා දෙන්නා අතර මේ ගැන තියෙන කැමැත්ත. මේක ඕනෑම ලිංගික කටයුත්තකදි තිබිය යුතුම දෙයක් විදියට නීතියේදි පවා පෙන්නලා තියෙනවා. ඔයා ආස දේකට ඔව් කීම වගේ ම ආස නැති දේකට ආස නෑ නොකියා හිඳීම සමානද යන මට්ටමට සංකීර්ණ කාරණයක්. ඔයාට ඔයාගෙ body language එකෙන් යම් යම් ඉඟි දෙන්න පුලුවන්. නමුත් එයා ඒක තේරුම් ගන්න විදිය ඔයාට වෙනස් කරන්න බැරි වෙන නිසා, කටින් ම කියලා කතා කරන එක ඉතාම හොඳ සහ වැදගත් ම පියවරක් විදියට අපි ඔයාට මතක් කරනවා.

ඒ වගේ ම ඔයාලා කරන්නෙ මොනවද නොකරන්නෙ මොනවද කියල කලින් කතා කරගෙන ඉන්න ම ඕනෙ. ඒ වගේමයි ක්‍රියාකාරකම තුළදීත් ඔයාට පොඩ්ඩක් එයාගෙන් අහන්නත්, අඩු ගානෙ ඔයාට මේක ප්‍රශ්නයක් නෑ නේද කියලා ඉඟියකින් හරි අහන්නත්, එයාට ඒකට උත්තර දෙන්නත් ඔයාලා දෙන්නම ඒ උත්තර පිළිගන්නත් සංයමයක් නම් තියෙන්නම ඕනෙ. ඒත් එක්කම ඔයාට එක පාරක් දෙයක් කරන්න අවසර ලැබූ පමණින් ඔයාලා එකට ඉන්න හැමදාම ඒ දේට අවසර ලැබෙන්නේ නෑ. අනිවාර්යයෙන් එය නැවත නැවත අසා තහවුරු කරගන්නම ඕනෙ.

නීත්‍යානුකූල ව, Sexual Consent ඉතාම වැදගත් කොට සලකනවා. ඒ වගේම රටින් රටට එහි නීති වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් දෙන්නගෙන් එක්කෙනෙක්ක් හරි

  • අඩු වයස් නම්
  • යම් කිසි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා නම්,
  • නින්දෙන් නම්
  • අසිහියෙන් නම්
  • තර්ජනයට ලක්වෙලා නම්
  • අසමාන බල තුලිතතාවක් තියෙනවා නම් (උදාහරණයක් විදියට ගුරුවරයා හා ගෝලයා)

ඔයාට එයාගෙන් කැමැත්ත ගන්න බැහැ.

⭐Rogh Sex කරන්න කලින්……..

1. හොඳින් කතා බහ කරන්න. සීමා අඳුරගන්න.
2.කරන්න හොඳම, බාධා අවම වෙලාවක්, තැනක් තෝරගන්න. 
3.කරන්න ඕනෙ මොනවද, කොයි තරම් දුරටද, නොකරන්න ඕනෙ මොනවද කියලා පැහැදිලි ව කතා කරගන්න.
4.සෑම විට ම සන්නිවේදනය අංක එකට තබා ගන්න.
5.සීමා වෙනුවෙන් safe word එකක් තියාගන්න. (BDSM ගැන පලවූ ලිපි වල මේ ගැන වැඩිදුර සඳහන් කර තිබේ.)
6.හදිසි අවශ්‍යතාවයකදී කළ යුත්තේ කුමක්ද යන්න ගැන කලින් ම සාකච්ඡා කර සිටින්න. 

⭐Rough Sex – Aftercare

Aftercare කියන්නෙ BDSM වල වගේ ම ඒවැනි අනිත් ලිංගික ක්‍රියාකාරකම්වලත් ප්‍රධානවශයෙන් කතා කළ යුතු දෙයක්. ඊට හේතුව තමයි මේ දැඩි සහ වේගවත් හැසිරීම් නිසා යම් තැලීම් සීරීම් ඇතිව තියෙන්නට ඇති ඉඩකඩ. ඉතින් ඔයාට පුලුවන් කලින් ම අයිස් ටිකක්, බැන්ඩේජ් එකක් එහෙම ලෑස්ති කරලාම තියාගන්න. ඒවගේම ලිංගික ක්‍රියාකාරකම අවසන් වුණාට පස්සෙ අනිත් කෙනාට කොහොමද දැනෙන්නේ කියලා හොයලා බලන්නත් අමතක කරන්න එපා. ඉතින්, සුන්දර Rough Sex අත්දැකීමකට අපෙන් සුබ පැතුම්

Related Articles

Don't Miss


Latest Articles