පවුලේ ගැටුම් වලට මව අනවශ්‍ය ලෙස මැදිහත් කරගෙන පවුල් ජීවිතය විනාශ කරගත් බිරිඳක්.

කෙනෙකුගේ රැකියාවටත් විවාහයටත් අනාගතයේ අවශ්‍ය වන පෞරුෂය තීරණය වෙන්නේ ඔවුන්ව ළමා කාලයේ ඇතිදැඩි කරන ආකාරය අනුව කියන කතාව ඔබත් අහලා ඇති.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වූ රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන්නේ පුංචි කාලයේ ඉඳන් අම්මා මත ජීවිතේ සියල්ල තීරණය කල අම්මා මතම යැපුණු ඇගේ ආරක්ෂාව පතමින් සිටි දියණියක මුහුණ දුන් ගැටලුකාරී සිද්ධියක් ගැන.

සරනි පවුලේ එකම දියණිය. ඇය සැමියා වූ දේවක සමඟ රත්නා පුෂ්පකුමාරි මහත්මිය හමුවට එන්නේ ඉතාම වියවුලෙන්.ගැටලුව ටිකක් අමුතුයි.දේවක විවාහයට වසර හතරක් පිරෙද්දී අමුතු ඉල්ලීමක් කරනවා.ඔහුට නිවසේ තනිවම ඉන්නට කොටසක් අවශ්‍ය බවයි ඉන් කියවෙන්නේ.මෙය සරනිට ගැටලුවක්.වේදනාවක්.ඇය හඬා වැටෙමින් දුක කියද්දී දේවක රත්නා මහත්මියට සත්‍යය පවසනවා.

“මේක මෙහෙම වුණේ සරනිගෙ අම්මා නිසා..”

සරනි පවුලේ එකම දියණියයි.ඇය ඉතා හුරතල්ව අම්මා තාත්තා ළඟ හැදී වැඩුණු දියණියක්. බාලිකා පාසලක අධ්‍යාපනය හැදෑරු ඇයට ලොකු සමාජ වපසරියක් සහ මිතුරියන්ද නෑ.ඉතින් යෝජනාවකින් විවාහ වුණත් ඇය දේවකට බොහෝ ආදරය කරනවා.නමුත් ඇය විශාල වරදක් ද කරන්නියක්. ඒ බොහෝ පවුල් ජීවිත බිඳී යන අන්දමේ වැරැද්දක් නෙවෙයි.අමුතු ගැටළුවක්.

“අපි අතර පොඩි ප්‍රශ්නයක් වුණත් සරනි කරන්නේ එයාගේ අම්මට කෝල් කරලා කේලම් කියන එක..මට එයා ආස දෙයක් ගේන්න අමතක වුණා කියමුකෝ.ඉක්මනින්ම අම්මට කෝල් කරලා දුක කියනවා.මං ඒවානම් දරා ගත්තා.දැන් දැන් අපේ සෙක්ස් ලයිෆ් එකේ ගැටලු ගැනත් කියනව..අම්මා මට එවෙලෙම කෝල් කරනව.ඊටපස්සෙ උපදෙස් දෙනවා.මේක මට මාරම අප්පිරියා වැඩක්.”

දේවක අපුලෙන් හෙළි කරනවා.

සරනි දවස පුරා දේවක අතින් වන කුඩා වැරදි ගැන පවා ඇගේ අම්මා දැනුවත් කරනවා.අම්මා කරන්නේ පෙරළා දේවක අමතා නඩු ඇසීමයි.දැන් දැන් එය ලිංගික ජීවිතය සහ දේවකගේ අතිශය පෞද්ගලික දෑ හෙළි කිරීම දක්වාම දුරදිග ගිහින්.

“මේක මොන්ටිසෝරි ළමයෙක් ටීච ගාවට කම්ප්ලේන් උස්සන් යනවා වගේ වැඩක්.මං ටිකක් ඈතින් ඉන්න පටන් ගත්තේ ඉන්පස්සෙ..”

නමුත් ගැටලුව උග්‍ර වන්නේ ඉන්පසුවයි.

“ඔයාලා ඔහොම ඈතින් ඉන්නේ ඇයි දේවක.අඩුම තරමින් සෙක්ස් ලයිෆ් එකක්වත් නෑ නේද ඔයාලට..මගෙ දරුවා අසරණ කරන්නේ ඇයි?”

අතිශය පෞද්ගලික දේට පවා අම්මා මැදිහත් වීම ගැන දේවකට අප්‍රසන්න සිතුවිලි හට ගන්නවා.ඔහු දවසින් දවස සරනිගෙන් ඈත් වෙනවා.නමුත් ප්‍රශ්නය දිගින් දිගටම ඔඩු දුවනවා. දේවකට ආදරය කරන සරනි දික්කසාදයකට කැමතිත් නැහැ.ඒ නිසා උපදේශනයට යොමු වෙන්න දේවක තීරණය කරනවා.

නමුත් ඔවුන් අවසානයේ හෝ උපදේශනය තෝරා ගත් නිසා ඒ පවුල වෙන් නොවී යළි එක්තැන් වුණා.ඒ ගැටලු ව්සඳා ගත යුත්තේ අම්මාට කේලම් කියා නොව දෙදෙනා එක්ව කතාබහ කිරීමෙන් බව සරනි වටහා ගත් පසුවයි.ඉන්පසු සෑම මොහොතකම සාකච්ඡා කිරීම මඟින් දෙදෙනාට අවශ්‍ය දේ වටහා ගන්නටත් තේරුම් ගන්නටත් සරනි සහ දේවක ප්‍රවේසම් වුණා.

දියණියන් සිටින මව්වරුනි,.

දරුවෙකු ඇතිදැඩි කරනකොට ඔවුන්ගේ ළමා කාලයේදීම ඔවුන්ට කියා දෙන්න ප්‍රායෝගික ජීවිතය තුළ ගනුදෙනු පවත්වාගෙන යන අන්දම.නැතිනම් ඒවා අනාගතය දක්වා දිගටම යනවා.දරුවා ව්වාහ වූ පසු ඔවුන්‍ටම අනන්‍ය වූ ජීවිතයක් තිබෙනවා.දරුවන්ගේ පවුල් ජීවිතවලට අනවශ්‍ය අත පෙවීම් කරන්නට එපා.ඔවුන්ට තමන්ගේ ගැටලු විසඳා ගන්නට ඉඩ හරින්න.ඔබ කිසිම සංයමයක් නැතුව ඔවුන්ගේ ජීවිතවලට අත පොවන්නට යාමෙන් වෙන්නේ ඔවුන්ගේ ජීවිත තිබුණාටත් වඩා අවුල් වීමයි.

දියණියනි,

අම්මාට කේලම් කියමින් ප්‍රශ්න විසඳා ගැනීම පෙර පාසල් කාලයට ගැලපෙනවා.ඒත් එය විවාහ ජීවිතයට හරියන්නේ නෑ.බොහෝ විට අම්මා ඔබේ ප්‍රශ්නය දෙස ඒකපාර්ශ්වික ලෙස බලා ඔබව සාධාරණීකරණය කරන්න වැඩි ඉඩක් තියනවා නේද?නමුත් ඒකපාර්ශ්වික හෝ ආදරණීය උත්තරයක් විතරක් පවුල් ජීවිතය ගෙවන්න සෑහෙන්නේ නෑ.නිවැරදි සහ විසඳුම කරා කෙලින්ම ළඟා විය හැකි උත්තරයක් තමයි උවමනා කෙරෙන්නේ. කිසිම වෙලාවක ඔබේ අතිශය පෞද්ගලික මට්ටමේ පෞද්ගලික ප්‍රශ්න දෙපාර්ශවයේම වැඩිහිටියන් සමඟ හුවමාරු කරගන්නම එපා.ඔබ නිස්කාරණයේ කේලම් කියන්නට ගොස් ඔබේ සැමියා ඔබ ගැන තබා ඇති විශ්වාසය සහ ආදරය පළුදු කර ගන්නටත් එපා.ගැටලුවක් ඇත්නම් කතාබහ කර විසඳා ගැනීමයි විය යුත්තේ.අනිත් කාරණාව ඔබ ඔබේ වයස්ගත මවුපියන්ගේ මනස ඔබේ ගැටළු වලින් පිරවීම ඇත්තටම නොහොබිනා වැඩක්. “දරුවන්ගෙන් නිදහස් වෙන්න” විවාහයක් කරලා දීම අපේ සිංහල සමාජයේ සාමාන්‍ය කතාවක්.ඉතින් ඔබ ගැන තියන බර බිම තබපු දෙමාපියන්ගේ හිස මත තිබුණාට වඩා බරක් පැටවීම සැබෑවටම නරක වැඩක්. අනිත් කාරණාව අම්මලාගේ කෝණය වර්තමාන ලෝකයේ ගැටළුවලට නොගැලපෙන තැන් පවා වැඩියි.

සෑම මොහොතකම බාහිර පාර්ශවයකින් අපේ ගැටළු වලට විසඳුම් සෙවීම වැරදි සහ තේරුමක් නැති වැඩක් බවත් අමතකම නොකළ යුත්තක්. එය හරියට හැමදාම ඔබේ පාඩම් වැඩවලට අනුන්ගේ උදව් අරන් විභාගයකදී අසරණ වෙනවා වගේ වැඩක්.ඔබ ඔබේ ප්‍රශ්න විසඳා ගත නොහැකි මට්ටමක ඉන්නවා නම් එකම විසඳුම “මනෝ විද්‍යා උපදේශනය” විතරක්ම බව සරනිගේ කතාව කියවා ඔබ හිතට ගත යුතු ප්‍රධානම කාරණාවයි.

කූඩුවක් කඩා ගැනීම ඉතා පහසුයි.නමුත් ගොඩ නැගීම එතරම් පහසු නෑ.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ උපදේශන සේවය ඔබට අවශ්‍ය නම් 0714113457 / 0740650012 යන Whatsapp අංක ඔස්සේ පනිවිඩයක් යවා ඇගේ වෘත්තීයමය සේවය ලබාගන්නා ආකාරය දැනගත හැකියි.

Related Articles

Don't Miss


Latest Articles