බිඳ වැටෙන සබඳතාවක් රැකගන්නේ මෙහෙමයි

ඕනෑම සබඳතාවයකදී එය වර්ධනය වීම සහ බිඳවැටීම් සිදු වීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්.පරිපූර්ණ සබඳතාවයකට වඩා ගැටලු මධ්‍යයේ රැකගන්නා සබඳතා බොහෝ විට ශක්තිමත්. සම්බන්ධතාවයකදී වැදගත්ම දේ අනෙකා කෙරෙහි ඇති අසීමිත ආදරය සහ ගෞරවය පවත්වාගෙන යාමයි.මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ බිඳ වැටී ගෙන යන සබඳතාවයක් රැක ගන්නේ කොහොමද කියලයි

සබඳතාවයක් බිඳ වැටී ගෙන යන බව හැඟවෙන ලකුණු මොනවද ?

කුඩා දේටත් තර්ක කිරීම

සම්බන්ධතාවයක් තුළදී ගැටුම් ඇති වීම සාමාන්‍ය දෙයක්.නමුත් ඔබ ඔබේ සහකරු සමග ඉතා සුළු දේටත් කෝපයට පත්වී ගැටුම් ඇති කර ගන්නවා නම් ,ඉතා සරල කාරණා වලටත් ඔබ දෙදෙනාත් දිගින් දිගටම තර්ක කරනවා නම් එය ඔබ දෙදෙනාම සැලකිලිමත් විය යුතු තත්ත්වයක්.ඇතැම්විට මෙසේ ඇතිවන වාද විවාද විශාල ආරවුල් කරා දුරදිග යා හැකි බැවින් ඔබේ සබඳතාවය ශක්තිමත් කරගන්න ඔබ උනන්දු විය යුතුයි.

අනෙකා මත වැරදි පැටවීම

ඔබ දෙදෙනා අතර ඇති වෙන මත ගැටුමකදී සෑම විටම ඔබ අතේ වරදක් නොතිබෙන්නට පුළුවන්.නමුත් ඔබ අනෙකාව විවේචනය කරමින් , අනෙකා වැරදි වුවත් නිවැරදි වුවත් අනෙකා මත ම වැරදි පටවනවා නම් එය එතරම් හොඳ දෙයක් නොවේ.මෙයත් ඔබ ඔබගේ සබඳතාවයේ ශක්තිමත් භාවය ගැන සැලකිලිමත් විය යුතුම තත්වයක්

එකිනෙකාට සමාව දීමට මැලිවීම

ගැටුමක් අවසන් කිරීමට නම් එකිනෙකාට සමාව දීම අත්‍යවශ්‍යම කාරණයක්.ඇතැම් සබඳතාවලදී පෙම්වතුන් ඔවුන්ගේ ආරවුල් දින ගණනාවක් පුරාවට ගෙන යනවා .එසේ සිදු වන්නේ එකිනෙකාට සමාව දීමට එකිනෙකා විසින්ම මැලි වීමයි.සහකරුවන් අතර ඇතිවන ආරවුල් සහ ගැටුම් වල දී අනෙකාට සමාව දීම තුළින් පිළිබිඹු වන්නේ අනෙකා කෙරෙහි ඇති ගෞරවය සහ ආදරයයි.එම නිසා අනෙකාට සමාව දීමට ඔබ මැලිකමක් දක්වනවා නම් ඒ ගැන සිතන්නට අවශ්‍යම කාලයයි මේ

අනෙකාට ගෞරව නොකිරීම

ඔබට සිතෙනවානම් ඔබගේ සහකරුගේ සිතුවිලි,ආශාවන් සහ අදහස් පිළිබඳව ඔබ එතරම් තැකීමක් කළ යුතු නැතැයි කියා, එයම ඔබ අනිවාර්යයෙන්ම සිතිය යුතු කාරණාවක්.සබඳතාවයක දී ආදරය සහ ගෞරවය යන කාරණා දෙක එකිනෙකට සමබරව පවත්වාගෙන යායුතු නිසා අනෙකා කෙරෙහි ඔබ තුළ ඇති ගෞරවය ගිලිහී යනවා නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිල්ලක් දක්වන්න

සහකරුගේ පවුලේ අයව සහ හිත මිතුරන්ව නොරිස්සීම

මෙයත් අතිශයින්ම වැදගත් කාරණාවක්.ඔබ විවාහ වීමට සිටින හෝ විවාහ වී සිටින සහකරුගේ පවුලේ අය සහ හිතමිතුරන් ,ඔබගේත් පවුලේ අය සහ හිතමිතුරන් බවට පත් වනවා. නමුත් ඔබට ඔවුන්ව රුස්සන්නෙ නැති නම් එය ඔබ සිතිය යුතුම දෙයක්

අනෙකා සමග කාලය ගත නොකිරීම

විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින හෝ විවාහ වී සිටින යුවළක් අනෙකා සමග කාලය ගත කිරීම අතිශයින්ම වැදගත් දෙයක්.නමුත් ඔබට සිතෙනවා නම් ඔබේ සහකරු සමග කාලය ගත කරනවාට වඩා වෙනත් කාර්යයක නියැලීම වඩාත් සුදුසුයි කියා , එය එතරම් හොඳ සලකුණක් නොවේ.

මෙසේ බිඳ වැටෙන සබඳතාවයක් රැක ගන්නේ කොහොමද ?

ගැටලුව විසඳීම කෙරෙහි අවධානය යොමු කරන්න

ඔබත් ඔබේ සහකරුත් අතර යම් ගැටලුවක් පවතිනවා නම් මුලින්ම ඔබ කළ යුතු වන්නේ සන්සුන් වී එම ගැටලුව විසඳා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.එහිදී අනෙකාට ඇහුම්කන් දීමත්,අනෙකාගේ අදහස් වලට ගරු කිරීමත් අනිවාර්යයෙන්ම වැදගත් දෙයක්.මෙසේ ගැටලුව විසඳීම කෙරෙහි අවධානය යොමු කිරීම අනාගතයේ දී ඔබ දෙදෙනා අතර ඇති විය හැකි විශාල ආරවුල් වළක්වා ගැනීමට හේතුවක් වනු ඇත

එකිනෙකා සමඟ සන්නිවේදනය කරන්න

ශක්තිමත් සහ ගැඹුරු සම්බන්ධතාවයක මූලික අඩිතාලම සන්නිවේදනයයි.සන්නිවේදනය නොමැතිකම හේතුවෙන් කුඩා වාද විවාදයන් පවා විශාල ආරවුල් බවට පත්වීමේ හැකියාව තියෙනවා.ඒ නිසා ඔබ ඔබේ සහකරු සමග අවංකව ඔබේ අදහස් හුවමාරු කර ගැනීම කර ගැනීම අතිශයින්ම වැදගත්.

වෙනස්කම් පිළිගන්න

ඔබ දෙදෙනා අතර ඇතිවන ඇති වන ආරවුල් වලට හේතුව ඔබේ වෙනස්කමක් නම් එය නොපැකිලව පිළිගන්න.ඒ වෙනුවෙන් නිදහසට කරුණු කීම හෝ අනෙකාට චෝදනා කිරීම වෙනුවට ඔබේ වැරදි හැසිරීම් නිවැරදි කර ගැනීමට උත්සහ කරන්න.සාර්ථක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට නම් අනෙකාගේ වැරදි ඉවසීම නොව එම වැරදි ඉතා ඉවසීමෙන් පෙන්වා දීමත් ඔබ කළ යුතු වෙනවා

පහසුවෙන් අත් නොහරින්න

ඕනෑම මොහොතකදී අපගේ සිතුවිලි ධනාත්මක කරගැනීමෙන් ඕනෑම ගැටලුවකට විසඳුම් සොයා ගැනීම පහසු වෙනවා. මෙය ඔබගේ සහකරු සම්බන්ධයෙන්ද එසේම වන අතර කිසිම අවස්ථාවකදී බලාපොරොත්තු සුන්වීමක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේ.ගැටළුවක් ඇති වුනු පසු එය විසඳා ගැනීමට ධනාත්මක මාර්ගයක් තෝරා ගැනීම අතිශයින්ම වැදගත්

Hugging

සුන්දර මතකයන් අවදි කරන්න

අතීතයේ දී ඔබ සහ ඔබේ සහකරු අතර ඕනෑ තරම් සුන්දර මතකයන් තිබෙන්නට ඇති.ඒවා මෙනෙහි කිරීමට මෙය හොඳ අවස්ථාවක් යැයි සිතන්න.ඒ වගේම එම මතක මෙනෙහි කිරීම ඔබ දෙදෙනා අතර පවතින වර්තමාන ගැටලු මෙය විසඳා ගැනීමට මුල් අඩිතාලම කර ගත හැකියි

බිඳුණු විශ්වාසය නැවත ගොඩනඟා ගන්න

සබඳතාවයක් සඳහා ආදරය පමණක්ම තිබීම ප්‍රමාණවත් නොවේ.අනෙකාට ගෞරව කිරීමත් ඉතාම වැදගත්.ඔබේ සහකරුට ඔබ කෙරෙහි ඇති විශ්වාසය බිඳක් හෝ පළුදු වී ඇත්නම්, එය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඔබ අතින් සිදුවී ඇති වැරදි පිළිගෙන සහකරුගෙන් සමාව අයැදීම ඔඹට කළ හැකියි. එපමනක් නොවේ , ඔබ දෙදෙනාගේ සිතුවිලි වලට සුව වීම සඳහා යම් කාලයක් ද ලබාගත යුතුයි

ස්තූති කිරීම සහ අගය කිරීම

ගැටුම් සහ ආරවුල් ද මැද වුවත් ඔබේ සහකරු ඔබ සමග සිටීම පිළිබඳව ඔහුට ස්තූති කිරීම සහ එම ගැටළු විසදා ගැනීමට කිරිම ගැන අගය කිරීමක් කරන්න. එය ඔබ දෙදෙනාගේ පලුදු වූ බැඳීම යළි ගොඩනගා ගැනීමට ඉතා හොඳ රුකුලක් වනු ඇත

එකිනෙකා සඳහා කාලය වෙන් කරන්න

මෙය ඉතාම වැදගත් කාරණාවක්.ඔබ මොන තරම් කාර්යබහුල වුවත් මේ මොහොතේ දී ඔබ ඔබේ සහකරු වෙනුවෙන් කාලය වෙන් කිරීම කළ යුතුමයි.දෙදෙනා අතර ඇති වූ ගැටලු සහ මතවාද මොහොතකට පසෙකලා ඔබ දෙදෙනාගේ වර්තමානයෙ සහ අනාගතයේ සතුට වෙනුවෙන් අවැසි දේවල් සාකච්ඡා කිරීමට කාලයක් වෙන් කරන්න ඔබට දැන් පුළුවන්

සම්බන්ධතාවයක් බිඳවැටීම සුලු කොට තැකිය යුතු කාරණාවක් නොවේ.එය ඔබ දෙදෙනාම එක්ව සදා ගත යුතු කාරණාවක්.ඔබේ සබඳතාවයත් බිඳ වැටෙන ලකුණු ඔබට දැනෙනවා නම් රැකගැනීම සහ ගොඩ නගාගැනීමට මේ කරුණු ඔබට ප්‍රයෝජනවත් වේවි

Related Articles

Don't Miss


Latest Articles