ආදරය නැවත මිත්‍රත්වයට හරවා ගත් Shawmila යුවල.

2021 නොවැම්බර් දහඅට වැනිදා සමාජ මාධ්‍යයන් වල වැඩිම සෙවුම් වාර ගණනකින් Popular now වන්නට Camila Cabello සහ Shawn Mendes සමත් වෙලා තිබෙනවා.ඒ ඔවුන්ගේ රසිකයන්ට ආන්දෝලාත්මක තත්වයක් සහ ඉමහත් වේදනාවක් ඇති කරමින්.

“මිතුරනි,අපි අපේ ආදර සබඳතාවය නවත්වන්නට තීරණය කළා.නමුත් මිනිසුන් ලෙස අප එකිනෙකාට දක්වන ආදරය වෙන කවරදාටත් වඩා ශක්තිමත්.අපි අපේ මිත්‍රත්වය ඇරඹුවේ හොඳම මිතුරන් ලෙස.එය දිගටම පවතිනවා.ඔබ අපේ සම්බන්ධතාවය වෙනුවෙන් දැක්වූ සහයෝගය අපි ඉතාම අගය කරනවා.”

ඔවුන් ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් තබමින් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයේ නැවතීම සනිටුහන් කරන්නේ එහෙමයි.

Camela සහ Shawn වඩාත්ම කතාබහට ලක් වූ සහ ජනප්‍රියත්වයක් ලබා ගත් ඇමරිකානු පොප් සංගීත යුවලක්.ඔවුන් දෙදෙනා ලෝකය පුරා ජනප්‍රිය වී හිඳින්නේ #ShawMila යන නාමයෙන්.Senorita ගීතයට බිලියන 1.3 ක යූ ටියුබ් නැරඹුම් වාර ගණනක් ලැබෙන්නට හේතු වූයේ මේ අපූරු යුවලගේ දක්ෂතාවය මෙන්ම ඔවුන් සතු වූ ප්‍රේම රසායනය නිසා වෙන්නට ඇති.

Treat you better,Stitches,In my blood,වැනි ගීත බොහොමයක් ගයා ඇති ෂෝන්ගේ Handwritten ගී ඇල්බමය ලෝකය පුරා තරුණ තරුණියන් අතර බොහෝ ජනප්‍රිය වූ ගී ඇල්බමයක්.2013 සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඔහු තවම විසි තුන් වියැති තරුණයෙක්.ඔහුගේ Stitches ගීතය නිසා ශෝන් 2015 teen choice awards හි නිර්දේශිත මට්ටමත් පැමිණියා.ඇමරිකාවේ,එංගලන්තයේ සහ කැනඩාවේ ගීත දර්ශක වල මුල්ම තැනට එන්නටත් ඒ ගීතය සමත් වුණා.ගිටාරය සහ පියානෝව වයන්නටත් සමත් මේ ආකර්ෂණීය යෞවනයා In my blood ගීතයෙන් පසු ඔහුට Anxiety තත්වයක් තිබූ බව හෙළි කර තිබෙනවා.

කැමීලා,Fifth harmony නම් කාන්තා සංගීත කණ්ඩායම හරහා ජනප්‍රිය වූ තාරකාවක්.2012 ක්ෂේත්‍රයට පිවිසි ඈ දැන් විසි හතර හැවිරිදි වියේ පසුවනවා,Oh na na,Havana,South of border ,My Oh My වැනි අතිශය ජනප්‍රිය වූ ගීත ගණනාවක හිමිකාරියක් වන කැමීලා ෂෝන් සමඟ ගැයූ පලමු ගීතය I know  what you did Last summer වනවා.2021 සැප්තැම්බරයේ නිකුත් වූ Cinderella චිත්‍රපටියේ සින්ඩරෙල්ලා වන්නේ කැමීලා.සාම්ප්‍රදායික සින්ඩරෙල්ලා කතාවට වෙනස් හැඩයක් එක් කළ මේ චිත්‍රපටිය නිසාත් කැමීලා කතාබහට ලක් වූවා.ඒ චිත්‍රපටිය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවකදීත් කැමිලා ෂෝන් ගැන කතා කළේ ආදරයෙන්.

“මම හරිම වාසනාවන්තයි.ඔහු සතුව මිහිරිබව වගේම මොළොක් බවත් තිබෙනවා.” ඇය එදා පැවසුවා.

අතිශය ජනප්‍රිය ගී ගණනාවක් ගයා ඇති මේ යුවළ ඒ ගී බොහොමයක් ලියා ද තිබෙනවා.ඒවා ඔවුන් රචනා කළේ ඔවුනොවුන්ටම බව පැවසීමත් මේ ආදර කතාව ලෝකයේ ජනප්‍රිය ආදර කතාවක් වන්නට හේතු වන්නට ඇති.

Senorita ගීය නිකුත් වී ටික කාලයකින් ඔවුන් දෙදෙනා එකට නිවාඩුවක් ගත කරන අන්දමේ ඡායාරූප අන්තර්ජාලය කළඹන්නට පටන් ගත් අතර News agency E ඔවුන් ප්‍රේමයෙන් වෙළී ඇති බව හෙළි කරා.ඉතා ස්වභාවික සහ එකිනෙකාව වඩාත් අවබෝධ කරගත් අන්දමේ ඡායාරූප සහ ඔවුන්ගේ ආදර කතාවේ සමහර තැන් ලෝකය පුරා පැතිර ගියේ ආදරයට අලුත් පරමාදර්ශ එකතු කරමින්.

මම මෙතෙක් ලියූ හැම ගීතයක්ම ඔබ ගැන” Treat you better ගීතයෙන් පසු රසිකයන් අසන දෑ තහවුරු කරමින් ශෝන් එසේ පැවසුවා.හොඳම මිතුරිය පෙම්වතිය වූ පසු ඔහුගේ ජීවිතය වඩා සුවපහසු සහ ආදරණීය වූ බව ඔහුගේ බොහෝ ප්‍රකාශ වලින් තහවුරු වුණා.

2019 පටන් ආදරයක වෙළී සිටි මේ යුවලට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා ද දැඩි ආදරයක් හිමි වුණා.ShaeMila ලෙස හැඳින්වූ ඔවුන් දෙදෙනා එක්ව ඇවිද ආ මඟ අවසන් බව දැන් නිල වශයෙන් ප්‍රකාශ කර අවසන්.සමහරවිට සංගීතය තුළ ඔවුන් දිගටම එකට ඇවිද යාවි.බොහෝ රසික ආදරය පැහැර ගන්නා senorita වැනි ගී ඉදිරියටත් නිකුත් වේවි.

නමුත් ලෝකයේ වෙසෙන නව යෞවනයන්ට ආදරය ගැන සුන්දර සිතුවිලි ඇති කළ ShawMila ආදරය අදින් පසු දකින්නට ලැබෙන්නේ නෑ.ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වල ආදරය ඉතිරී ගලන ඡායාරූප අතීත මතක පමණයි.එසේ වුවත් මඩ සහ එකිනෙකාට කෙරෙන චෝදනා රහිතව සුන්දර සටහනක් සහිතව ඔවුන් වෙන්වී අවසන්.

2021 වසර බොහෝ ජනප්‍රිය යුවළවල් වෙන් වූ වසරක් ලෙස ප්‍රචලිතයි.තවත් සති කිහිපයක් පමණක් ඉතිරි මේ වසරේදී රසික ආන්දෝලනයකට ලක් වෙමින් එවැනි තීරණ තව කී දෙනෙක් ගනීවිදැයි අපට කියන්නට බැහැ.

“ආදරය ගැන විශ්වාස කරන්න බෑ..”

ෂෝන් සහ කැමීලාගේ වෙන් වීම ගැන ඔවුන්ගේ Fan page එකක් එසේ සටහන් තබා තිබුණා.ආදරය ගැන විශ්වාස කළ නොහැකි වුවත් මිත්‍රත්වය විශ්වාස කල හැකි බැඳීමක්දැයි අපට ඔවුන් අනාගතයේ හෙළි කරාවි.

ජීවිතය බිඳෙන බැඳෙන තැනක්.ShawMila යුවල හෙළි කරන්නේ ද ඒ සොබාදහමේ නීතියයි.

Related Articles

Don't Miss


Latest Articles