කසාදයට මසකට පෙර සිට මනාලිය දවසට පැයක් හැඬිය යුතු අරුම පුදුම මංගල චාරිත්‍ර

විවාහය කියන්නේ බොහෝ සංස්කෘතිවල ඉතා ම උත්සවශ්‍රීයෙන් සමරන උත්සවයක්. එක් එක් සංස්කෘතියේ සංස්කෘතිකාංග සමග එක් වුණු අරුම පුදුම මංගල චාරිත්‍ර ලොව පුරාම දක්නට ලැබෙනවා. අපි අද ඒ ගැන කතා කරමු.

නෝර්වේ

එක් නෝවේජියානු සම්ප්‍රදායකට අනුව මංගල දිනයේ මනාලිය රන් සහ රිදී ඔටුන්නක් පළඳයි. එහි කුඩා අලංකාර ගෙජ්ජි ඇත. ඇය ඇවිදින විට ඒවා සෙලවෙන ශබ්දයට නපුරු ආත්ම පලවා හැරෙන බවට විශ්වාස කෙරේ.

Norwegian-Wedding-Attire

මෙක්සිකෝ

මංගල උත්සවය අතරමැදදී lazo ලෙස හැඳින්වෙන, 8 හැඩැති අයුරින් මල් මාලයක් මංගල යුවළ ගෙළ පළඳවාගනු ලබනවා. එය අනන්තයේ සංකේතය දක්වනවා. එයින් අර්ථවත් කරන්නේ ඔවුන් දෙදෙනා විවාහය දීර්ඝ කාලීනව පවත්වා ගන්නට සංකේතවත් බවයි.

කොංගෝ

කොංගෝහි මංගල චාරිත්‍රය තරමක් වෙනස් එකක්. මනමාල යුවළ මුළු උත්සවය පුරාම සිනා නොවී සිටිය යුතුයි. ඔවුන් සිනාසුණොත් ඉන් අදහස් වන්නේ ඔවුන් මංගල උත්සවය බැරෑරුම් ලෙස නොගන්නා බවයි.

Kongo

ෆීජි

ෆීජි හි විවාහ උත්සවවලදී මනමාලයා විසින් අනිවාර්යයෙන් මනමාලියගේ පියාට තල්මස් දතක් තෑගි ලෙස දිය යුතු වෙනවා.

ග්‍රීසිය

ග්‍රීක මනාලයාගේ දෙවන මනාලයා විසින්, මනාලයාගේ මුහුණේ රැවුල බෑමත්, ඉන්පසු මනාලියගේ මව විසින් පැණි සහ ආමන්ඩ් මනාලයාට කැවීමත් සිරිතක්.

ග්වාටමාලා

මේ විවාහ උත්සවවලදී මනාල යුවල පැමිණෙත් ම, මනාලයාගේ මව විසින් සහල් සහ පිටි පිරවූ සෙරමික් බඳුනක් කඩා දමනු ලබනවා. ඉන් අර්ථවත් වන්නේ ඔවුන්ට සෞභාග්‍යය උතුරා යන බවයි.

ජර්මනිය

ජර්මනියේ සාම්ප්‍රදායික විවාහ උත්සවවලදී, උත්සවය අවසානයේ අමුත්තන් කිහිප දෙනෙකු පිඟන් කිහිපයක් පොළවේ ගසා බිඳ දමනවා. මනාල යුවල එක්ව එය පිරිසිදු කළ යුතුයි. එහි අදහස වන්නේ ඔවුන් දෙදෙනා ඉදිරියට එකට එක්ව අභියෝග ජය ගන්නා බවයි.

චෙක්

චෙක් ජනරජයේ මංගල උත්සවවලදී, මනමාල යුවලගේ යහන මත කුඩා දරුවෙකු තබා ඔවුන්ගේ සාඵල්‍යතාවට ආශිර්වාද කරනු ලබනවා. එය ඔවුන්ගේ සම්ප්‍රදායක්.

පිලිපීනය

පිලිපීන සාම්ප්‍රදායික මංගල උත්සවයකින් පසු මනමාලයා සහ මනමාලිය විසින් පරවියන් දෙදෙනෙකු ගුවනට මුදා හරිනවා. ඒ පරවියන් දෙදෙනා ගැහැණු සහ පිරිමි සතුන්. ඉන් අර්ථවත් කරන්නේ සෞභාග්‍යමත් ව එකට ගත කරන ජීවිතයක්.

මොංගෝලියාව

මේ රටෙහි ඇත්තේ තරමක් අමුතු සිරිතක්. මංගල දිනයේදී යුවල එක්වී පිහිය එකට අල්වාගෙන කුඩා කුකුළෙකු මරා, එම කුකුළාගේ අක්මාව සොයා ගත යුතු වෙනවා. ඉන් ඔවුන් එක්ව ජීවිතයේ අභියෝග ජයගත යුතු බව අර්ථවත් වෙනවා.

අයර්ලන්තය

අයර්ලන්තයේ මංගල උත්සවයේ මනමාල යුවළ නර්තනයේ යෙදෙන අවස්ථාවේ දී, මනමාලිය සෑම විට ම එක පයක් පමණක් බිම තබා නැටිය යුතුයි. එනම් කකුල් මාරු කළ හැකි වුවත්, සෑම විට ම බිම ස්පර්ශ විය හැක්කේ එක කකුලක් පමණයි. ඉන් ඔවුන් නපුරු බලවේග පලවා හැරීම අර්ථවත් කරනවා.

චීනය

චීනයේ ටුජිආ ප්‍රාන්තයේ ඉතා ම අපූරු සිරිතක් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් සතුටු කඳුළු වගුරවන්නේ වෙනස් ම විදියකට. මංගල උත්සවයට මාසයකට පෙර සිට දිනපතා පැයක් මනාලිය හඬන්නට පටන් ගන්නවා. ඉන් දින දහයකට පසු ඇගේ මවත්, තවත් දින දහයකට පසු ඇගේ මිත්තණියත් මේ සඳහා එකතු වෙනවා. මාසය අවසාන වන විට මනාලියගේ සමීප ගැහැණු ඥාතීන් සියල්ලෝ ම මේ හැඬීමට එකතු වෙනවා. මෙය සතුට පළකිරීමේ ප්‍රකාශයක් ලෙසයි අර්ථවත් වන්නේ. මේ කාන්තාවන්ගේ එක් එක් කටහඬෙහි විලාපය ගීතවත් බව ඔවුන් විශ්වාස කරනවා.

china

ජර්මනිය

ජර්මනියේ සමහර ප්‍රදේශවල මංගල උත්සවය අවසානයේ මනාල යුවලට විශාල කොටයක් සහ කියතක් ලබා දෙනවා. යුවල එකතු වී ඒ කොටය කියතෙන් දෙකට වෙන් කළ යුතුයි. ඉන් අර්ථවත් වන්නේ ජීවිතයේ ඉදිරි ගමනේ එන කරදර දෙදෙනා එක්ව විසඳා ගත යුතු බවයි.

german

ස්පාඤ්ඤය

මංගල උත්සවය අතරමැදදී ස්පාඤ්ඤ මනාලයාගේ ටයි එක ඔහුගේ යහලුවන් විසින් කුඩා කැබලිවලට කපා දමනවා. ඉන්පසු එම කැබලි මංගල සභාවේ පිරිසට මුදලට විකුණනවා. එම මුදල් මනාල යුවලට අමතර තෑග්ගක් ලෙස ලබා දෙනවා.

Related Articles

Don't Miss


Latest Articles